මෙය ලිංගාශ්‍රිතව බෝවෙන රෝගයකි. මෙහි රෝග කාරකය :- ටි‍්‍රපනිමා පැලිඩම් නමැති බැක්ටිරියාවයි. අපි මෙහි රෝග ලක්ෂණ ගැන විමසා බලමු.
රෝග ලක්ෂණ :-
✔ ආසාදිත පුද්ගලයෙකු සමඟ ලිංගික ඇසුරකින් පසු දින 9-90 තුළ බිබිලක් මතුවී එය වේදනා රහිත, තරමක් ලොකු තුවාලයක් බවට පත්වේ.
✔ බොහෝවිට එක තුවාලයක් පමණක් ඇතිවේ. ගැහැණු අයගේ තුවාලය පිටතට නොපෙනි වුවද තිබිය හැක.
✔ මුල් තුවාලය සෑදි සති කීපයකට (සති 6ක් පමණ* පසු රෝස පාට කුඩා පලූ මතුවේ. (මුහුණේ, පිටේ, බඬේ, අත්ල, යටි පතුල්) උණ, හිසරදය, උගුර වණවීම සිදුවිය හැක. ප‍්‍රතිකාර නැතිව වුවද සුවවේ.
✔ සති 6න් පසු ගුප්ත අවධියට එළඹේ. මෙම කාලය තුළ රෝග ලක්ෂණ සැඟවී ඇති අතර අවුරුදු ගණනක් වුවද එසේ තිබිය හැක. අවුරුදු 2ක් යනතුරු මෙම පුද්ගලයාට අන් අයට ආසාදනය ඇතිකළ හැක. අවුරුදු දෙකෙන් පසු අන් අයට බෝ නොවන නමුත් එම පුද්ගලයාගේ රුධිරවාහිනි, ස්නායු පද්ධතිය වැනි වැදගත් ඉන්ද්‍රිය පද්ධති ආක‍්‍රමණය කිරීමට ඉඩ තිබේ.


සංජානන උපදංශය

✔ උපදංශ රෝගය ගර්භණි මවගෙන් අලූත උපන් දරුවාට බෝවිය හැක. නමුත් ගර්භණි කාලයේදී
නිවැරදිව හඳුනාගෙන ප‍්‍රතිකාර ගැනීමෙන් දරුවාට උපදංශ රෝගය බෝවීම වැළැක්විය හැක.
✔ ඪෘඍඛ පරීක්ෂණය සියලූම ගර්භණි මව්වරුන්ට සිදුකිරීම මඟින් රෝගය හඳුනාගත හැක.
✔ දරුවාගේ රෝගි තත්ත්වය නිවැරදිව හඳුනාගෙන ප‍්‍රතිකාර කිරීමෙන් සුවකළ හැක.
✔ ගර්භණි කාලයේදී රුධිර පරීක්ෂණය සිදු කිරීම ඉතාම වැදගත්ය.
✔ නිවැරදි ප‍්‍රතිකාර මඟින් රෝගය සම්පුර්ණයෙන් සුවකළ හැක.
මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම ළඟම පිහිටි රෝහලට ගොස් ප්‍රතිකාර ගන්න.
තොරතුරු: ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍යය සංවිධානය.

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
[…] ආශ්රිතව පවතින වේදනා රහිත තුවාල – සිෆිලිස් රෝග […]