Press "Enter" to skip to content

COVID-19 යටතේ බෝ නොවන රෝග වලට ප්‍රතිකාර ගන්නා ඔබට උපදෙස්

(දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, ආඝාතය, නිදන්ගත ශ්වසන රෝග, අධික කොලෙස්ටරෝල්, අක්මා ආබාධ, තයරොයිඩ් ආබාධ, වැනි රෝග)

  • බෝ නොවන රෝග සඳහා වෛද්‍ය නිර්දේශ මත ඔබ දැනට භාවිතා කරන ඖෂධ දිගටම භාවිතා කරන්න.
  • ඔබගේ ඖෂධ ලබා ගැනීම සඳහා වගකිව යුතු පුද්ගලයෙක්, ඔබගේ වෛද්‍ය වාර්තා සහ ලියකියවිලි සමග අදාල සායනයට එවන්න.
  • ඔබට නියමිත සායාන දිනයේදී එම සායනයට සහභාගී වීමට නොහැකි වුවහොත්, ඉන්පසු ඕනෑම සතියේ දිනෙක බාහිර රෝගී අංශයට පැමිණ ඔබට හිමි ඖෂධ ලබා ගන්න.
  • හැකි සෑමවිටම, එකිනෙකා අතර මීටරයක පරතරයක් තබා ගන්න.
  • ඔබට ශ්වසනාබාධයක රෝග ලක්ෂණ (කැස්ස, උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ) ඇත්නම්, කරුණාකර ළඟම රෝහල හෝ අංක 117 (විශේෂ කොවිඩ්-19 ඇමතුම් අංකය ) අමතන්න. ඔබට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම් (ඉහත රෝග ලක්ෂණ සමග ළඟදී විදේශ සංචාරයක නිරත වූවා නම් හෝකොවිඩ්-19 යැයි සැක සහිත හෝ තහවුරු කළ රෝගියෙකු ඇසුරු කළා නම්), වහාම ළඟම ඇති විශේෂිත කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යන්න. වෛද්‍ය සායනය වෙත යාමෙන් වළකින්න.
  • බෝ නොවන රෝග සඳහා හදිසි ප්‍රතිකාර රෝහල් තුළ පෙර ලෙසම සිදු කරනු ලැබේ.
  • ඔබ ස්වයං නිරෝධායනයකට ලක්වී ඇත්නම්, ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක අමතා ඔබට අවශ්‍ය ඖෂධ ලබා ගන්න.
  • ඔබට ශ්වසනාබාධයක රෝග ලක්ෂණ (කැස්ස, උණ සහ හුස්ම ගැනීමේ අපහසුතාවය ) ඇත්නම්, කරුණාකර ළඟම රෝහල හෝ අංක 117 (විශේෂ කොවිඩ්-19 ඇමතුම් අංකය ) අමතන්න.
  • ඔබට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම්, වෛද්‍ය සායනය වෙත යාමෙන් වළකින්න.
  • ඔබට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි සැක කරනවා නම් (ඉහත රෝග ලක්ෂණ සමග ළඟදී විදේශ සංචාරයක නිරත වූවා නම් හෝකොවිඩ්-19 යැයි සැක සහිත හෝ තහවුරු කළ රෝගියෙකු ඇසුරු කළා නම්), වහාම ළඟම ඇති විශේෂිත කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යන්න.

Source: https://hpb.health.gov.lk/si/covid-19

Share is Caring

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *