බෝහෝ අය බියක් දක්වන, තමන්ට එය වැළදුනත් රහසක් ව පවත්වාගෙන යන රෝග වලින් එක් කාණ්ඩයක් මේ ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග. සමාජයෙන් තමන්ට, තමන්ගේ පවුලේ අයට එල්ලවිය හැකි වෛරී ප්‍රකාශ, අපහාස, කොන්කිරීම් නිසා බොහෝ අය මෙම රෝගී තත්ත්ව සමාජයෙන් වසන් කරති.
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආකාරයේ රෝගයක් තමන්ට ඇති බව හඳුනා ගන්නේ කෙසේද?
පහත ආකාරයක රෝග ලක්ෂණ ඔබට ඇතිනම් හෝ ඔබ විසින් අනාරක්ෂිත ව/නාදුනන පුද්ගලයෙකු සමඟ ලිංගික ක්‍රියාවන්හි නිරත වී ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් වේ.
- ලිංගික අවයව, ගුදමාර්ගය හෝ මුඛය ආශ්‍රිතව පවතින වේදනා රහිත තුවාල – සිෆිලිස් රෝග ලක්ෂණ
- මූත්‍රා පිට කරන විට ඇතිවන දැවිල්ල සහ යෝනි මාර්ගයෙන් හෝ ශිෂ්ණයෙන් අසාමාන්‍ය ශ්‍රාවයක් පිට වීම හෝ කාන්තාවන්ගේ යෝනි මාර්ගය තුළ තුවාල ඇති වීම – ගොනෝරියා රෝග ලක්ෂණ
- වේදනා සහිත තුවාල, කාන්තාවන්ගේ යෝනි ශ්‍රාව ගැලීම සහ මූත්‍රා පිට කිරීමේදී ඇති වන වේදනාව – හර්පීස් රෝග ලක්ෂණ
- මූත්‍රා පිට කිරීමේදී ඇතිවන වේදනාව, යෝනි ශ්‍රාව පිටවීම හා උදරයේ වේදනාව – ක්ලැමීඩියා රෝග ලක්ෂණ
- ලිංගේන්ද්‍රිය මුඛය හෝ උගුර මත ඉන්නන් ඇති වීම – මානව පැපිලෝමා වෛරසය
- මාස ගණනාවක් පුරා පවතින උන, කැස්ස, උදරාබාධ, ඉදිමුණු වසා ගැටිති, ඔක්කාරය – එච් අයි වී රෝග ලක්ෂණ
විශේෂ- ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ඇති අයගෙන් බහුතරයක් දෙනා එම රෝග ලක්ෂණ නොපෙන්වයි.
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සම්ප්‍රේෂණය වන්නේ කෙසේද?
- ගුද මාර්ග හෝ මුඛ සංසර්ගය
- යෝනි සංසර්ගය
- ආසාදිත පුද්ගලයන් සමඟ එන්නත් කටු හවුලේ භාවිත කිරීම
- දරු ප්‍රසූතියේදී හෝ මව් කිරි හරහා (ලංකාවේ මෙය ශුන්‍ය මට්ටමට පත් කර ඇත)
- කලාතුරකින් රුධිර පාරවිලයනයේදී
ලිංගිකව සම්ප්‍රේෂණව වන රෝග සම්ප්‍රේෂණය නොවන ආකාර හා සමාජයේ පවතින මිත්‍යා මත.
ආසාදිත පුද්ගලයෙකු සිප ගැනීම, අතට අත දීම, වැළඳ ගැනීම, ස්පර්ශ කිරීම, කැස්ස, නාන තටාක භාවිතය, නාන කාමර භාවිතය, වැසිකිළි භාවිතය, පිඟන් කෝප්ප හවුලේ භාවිතය හෝ ඇඳුමක් භාවිතය, යන ඒවා නිසා මෙම රෝග බෝ වන්නේ නැත.
එච් අයි වී හා ඒඩ්ස් අතර වෙනස.
එච් අයි වී ආසාධිත පුද්ගලයෙකුගේ ශරීරය තුළැ වෛරසය ඇති අතර මෙවැනි පුද්ගලයින්ගේ තත්වය ඒඩ්ස් (නතුකරගත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය) දක්වා වර්ධනය විය හැකි අතර මෙහිදී අනෙකුත් රෝග සමඟ සටන් කිරීමට රෝගියා තුළ ඇති ප්‍රතිශක්තිය වෛරසය මඟින් විනාශ කෙරේ. උණ, පාචනය, කැස්ස, සමේ රෝග, ශරීරයේ වේදනාව වැනි රෝග ලක්ෂණ ඒඩ්ස් ඇති රෝගීන් කෙරෙන් දක්නට ලැබේ. එච් අයි වී සුව කිරීමට බෙහෙත් නොමැති අතර Prep ඖෂධය හරහා ශරීරගත වීම පමණක් වළක්වා ගත හැක. නමුත් මෙම රෝග සඳහා ARV ප්‍රති වෛරස ලබා ගත හැකි අතර ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන හරහා නොමිලේ ප්‍රතිකාර ලබා ගත හැක.
ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඉක්මණින් හඳුනා ගත හැකිද?
නැත. බොහෝමයක් ආසාධිත පුද්ගලයන්ට වසර ගණනාවක් යන තුරු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත. බොහෝ විට ඒඩ්ස් මට්ටමට පැමිණි පසු හඳුනා ගැනේ. තමාට මෙවන් රෝගයක් වැළඳුණු වහාම ප්‍රතිකාර ආරම්භ නොකරන්නේ නම් ඒඩ්ස් මට්ටමට පැමිණි පසු ජීවිත කාලය අවසන් වේ.
ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වීමට කල යුතු දෑ.
- අනාරක්ශිත ලිංගික හැසිරීම් වලින් වැළකීම
- එන්නත් කටු හවුලේ භාවිත නොකිරීම
- නොහඳුනන හෝ ලිංගික ශ්‍රමිකයන් සමඟ ලිංගිකව හැසිරීමෙන් වැළකීම
- විස්වාසවන්ත සබඳතාවයක් පවත්වා ගැනීම
කෙසේ නමුත් මෙම රෝගයක් වැළඳුණු පසු ඊට ප්‍රතිකාර ගැනීමට හෝ සුව කිරීමට වෙහෙස වනවාට වඩා තමන්ට මෙවැනි රෝගයක් වැළඳීමට අවදානමක් පවතීනම් ඉන් වැළකී සිටීම වඩා උචිත වේ.
ලිංගාශ්‍රිත රෝග වැළඳිය හැකි අවදානම් සහිත කණ්ඩායම්,
- ලිංගික ශ්‍රමිකයන්
- සමලිංගික ඇසුර පවත්වන පිරිමි
- වෙරළේ ගැවසෙන පිරිමි (බීච් බෝයිස්)
- සිරකරුවන්
- විවිධ මත්ද්‍රවය භාවිත කරන අය
ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග සඳහා ලංකාවේදී ප්‍රතිකාර ගත හැකි ස්ථාන.
- ලිංගාශිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන – නො 29 ඩී සේරම් පෙදෙස, කොළඹ 10
- රජයේ පිහිටුවා ඇති ඕනෑම ලිංගිකව සම්ප්‍රේෂණය වන සම්බන්ධ සායනය
- පෞද්ගලික රෝහල්
- ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය
බොහෝ දෙනා මෙම රෝග සහිත පුද්ගලයින් සමාජයෙන් කොන් කිරීමට පෙළඹෙන නිසා ඔවුන් ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටිති. එමඟින් සිදු වන්නේ එම රෝග තව දුරටත් පැතිර යාමට ඇති අවධානම වැඩි වීමයි. එනිසා අපට කල හැකි හොඳම දෙය නම් ඔවුන්ට සමාජයේ වෙනස්කම් නොකිරීම හා වෙනස්කම් වීමට ඉඩ නොදීමයි. හැරත් ලිංගික සම්බන්ධතාවක් යනු මිනිසුන්ගේ අවශ්‍යතාවයක් වන අතර කොණ්ඩම්/උපත් පාලන කොපු වැනි පවුල් සැලසුම් ක්‍රම භාවිත කිරීම මඟින් මේ රෝග බොහෝමයක් වළක්වා ගැනීමට අවස්තාව සැලසේ. පෙර සූදානම සෑම විටම වටින්නේය.
Nilupuli Nayanathara Jayathilaka – SRHR Activist | Social Worker
Reference and Resources –
ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම් පිළිබඳ අත්පොත හා පුහුණු කරුවන් පුහුණු කිරීම සඳහා වූ විෂය නිර්දේශය – ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය සංවිධාන සංගමය
I am a student social worker who is interested in SRHR advocacy. A working feminist and a freelance journalist. Author at DewMal Health.
Be First to Comment