Press "Enter" to skip to content

දවස් 7න් කිලෝ 7ක් අඩු කරගමුද?

ගොඩක් දෙනෙක් ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද කෙට්ටු වෙන්නේ කියලා? බඩ අඩු කරගන්නේ කොහොමද කියලා. ගොඩක් ක්‍රම තිබ්බත් , හැමෝටම ඕනේ හරියට ම හරි යන, ඉක්මන් ක්‍රමයක්. මේ ක්‍රමය තහවුරු කරන ලද ක්‍රමයක් ඒ වගේම, ඉක්මන් ක්‍රමයක්.

General Motors Diet Plan

General Motors සමාගමේ සේවකයන් සඳහා 1985 දින් හදුන්වාදුන් ආහාර සැලැස්මක් ලෙස මෙය හැඳින්වේ. මෙම ක්‍රමය ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව හා ආහාර හා ඖෂධ අධිකාරිය මඟින්, ජෝන් හොප්කින්ස් පර්‍යේෂණ මධ්‍යස්ථානයේ දී පරීක්ෂණ කර, හඳුන්වාදුන් ක්‍රමයකි.

මෙම ආහාර සැලැස්ම , දින් 7 කට වෙන් කරනු ලබයි. ඒ දින 7 තුළ දී, නියම කරන ආහාර ම ලබා ගත යුතුය.

මෙම ක්‍රමය සතියක් ක්‍රියාත්මක කිරීමෙන් ඔබට

  • ඔබගේ බර කිලෝ ග්‍රෑම් 7 ක් පමණ අඩු කර ගැනීමට,
  • ඔබගේ ශරීරයේ තිබෙන් විෂ හා අහිතකර ද්‍රව්‍ය ඉවත් වීම,
  • ආහාර ජීරණය වැඩිවීමට,
  • ශරීරය තුළ මේදය දහනය කිරීමේ කාර්‍යක්ෂමතාවය වැඩි වීම යනාදිය සිදු කර ගැනීමට හැකියාව ඇත.

මෙම ආහාර සැලැස්ම යටතේ බර අඩු වීම සිදු වන්නේ කෙසේද?

මෙම සැලැසුමට අනුව ඔබට ලබා ගැනීමට යෝජනා කර ඇති ආහාර , කැලරි ප්‍රමාණය අඩු ආහාර වන අතර, එළවලු හා පලතුරු බහුල වශයෙන් ඇත.

මෙමඟින් ශරීරය තුළ කැලරී ඌණතාවයක් ඇති කරවයි. එනම් ඔබ දවස තුළ දහනය කරන ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්‍රමාණයක් ඔබ ලබා ගැනීමයි. එම නිසා ශරීරයේ සංචිත ඇති කාබෝහයිඩ්‍රේට, මේද ආදිය දහනය කරමින් කැලරි ඌණතාවය පියවා ගනී.

මෙම ආහාර සැලසුමට ” negative-calorie foods ” යනුවෙන් හැදින්වෙන ආහාර ද ඇතුලත් වේ. එම ආහාර ජීරණයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා අඩු කැලරි ප්‍රමාණයක් ශරීරයට ලබා දෙන නිසා, එම නමින් හඳුන්වනු ලබයි.

එමෙන්ම බොහෝ නිර්දේශිත ආහාර වල ජලය ද විශාල වශයෙන් අඩංගු වන නිසා, ශරීරයේ අඩංගු විෂ සහිත දේවල් ඉවත් වී යාම සිදුවේ.

දීර්ඝ කාලීන බර අඩු කර ගැනීමේ සැලසුම් සඳහා මෙම සැලැස්ම කීපවරක් ම ක්‍රියාත්මක කිරීම නිර්දේශ කරේ. එමෙන්ම වාර දෙකක් අතර දින් 5 – 7 ක පරතරයක් තබා ගත යුතුය.

වැදගත්:

  • මෙම තුළ සතිය තුළ හොඳින් ජලය පානය කළ යුතු අතර දිනකට ජලය වීදුරු 8 – 12 ත් පමණ පානය කිරීම අනිවාර්‍ය්‍ය වේ.
  • මෙම කාලය තුළ බර අඩු කර ගැනීම සඳහා ව්‍යායාම අවශ්‍ය නොවන අතර කැමති නම් කළ හැකිය. නමුත් පළමු දින් තුන තුළ කිසිදු ව්‍යායාමයක් සිදු නොකළ යුතුය.

ආහාර සැලැස්ම

එක එක දිනයන් හී දි ලබා ගත යුතු ආහාර පිළිබඳව විවිධ නීති හා උපදෙස් පවතින අතර, ඒවා පහත පරිදි වේ.

පළමු දිනය

  • ඔබ පලතුරු පමණක් ආහරය ට ගත යුතු අතර, කෙසෙල් හැර අනෙක් ඕනෑම පලතුරක් ආහාරයට ගත හැකිය.
  • ඔබට හැකි තාක් පලතුරු ආහරයට ගත හැකිය.
  • පැණි කොමඩු ආහරය ට ගැනීම බර අඩු කර ගැනීමට ඉතා වැදගත් වේ.

දෙවන දිනය

  • ඔබ ආහාරයට ගත යුත්තේ එළවලු පමණි. එළවලු අමුවෙන් හෝ පිස ගෙන ආහාරයට ගත හැකිය.
  • ඔබට හැකි තරම් එළවලු ආහාරයට ගත හැකිය.
  • අර්තාපල් ආහාරයට ගන්නේ නම්, උදෑසනට පමණක් ආහාරයට ගත යුතු ය

තෙවැනි දිනය

  • අර්තාපල් හා කෙසෙල් හැර ඕනෑම එළවලුවක් හෝ පලතුරක් ආහාරයට ගත හැකිය.

හතරවැනි දිනය

  • මෙදින ඔබ ආහාරයට ගත යුත්තේ කෙසෙල් හා කිරි පමණයි.
  • ලොකු කෙසෙල් ගෙඩි 6 ක් හෝ කුඩා කෙසෙල් ගෙඩි ක් ආහාරය ගත හැකිය.
  • යොදය රහිත කිරි වීදුරු තුනක් පමණ පානය කළ යුතුය.

පස්වැනි දිනය

  • කුකුල් මස්, මාලූ හෝ හරක් මස් වලින් කැමති වර්ගයකින් බර ග්‍රෑම් 284 ක් වන කොටස් දෙකක් ආහාරයට ගත හැකිය.
  • මස් වලට අමතරව, තක්කාලී ගෙඩි 6ක් පමණ ආහාරයට ගන්න.
  • මස් ආහාරයට නොගන්නා අයට, ඒ වෙනුවට නිවුඩු හාල් භාවිතා කළ හැකි ය.
  • මෙදිනදී පානය කරන සාමන්‍ය ප්‍රමාණයට වඩා වීදුරු දෙකක් වත් ජලය පානය කල යුතුය.

හයවැනි දිනය

  • කුකුල් මස්, මාලූ හෝ හරක් මස් වලින් කැමති වර්ගයකින් බර ග්‍රෑම් 284 ක් වන කොටස් දෙකක් ආහාරයට ගත හැකිය.
  • ඔබට ඕනෑම තරමක් එළවලු ආහාරයට ගත හැකිය. නමුත් අර්තාපල් ආහාරයට නොගත යුතුය.
  • මස් ආහාරයට නොගන්නා අයට, ඒ වෙනුවට නිවුඩු හාල් භාවිතා කළ හැකි ය.
  • මෙදිනදී පානය කරන සාමන්‍ය ප්‍රමාණයට වඩා වීදුරු දෙකක් වත් ජලය පානය කල යුතුය.

හත්වෙනි දිනය

  • නිවුඩු හාල්, පලතුරු, පලතුරු යුෂ හා එළවලු ආහාරයට ගත හැකිය.

මෙම දින හතේ සැලැස්මෙන් පසුව, අඩු වූ බර පවත්වාගෙන යාම සඳහා, ප්‍රෝටීන වැඩි, කාබෝහයිඩ්‍රේට ඉතාමත් අඩු ආහාර ලබා ගත යුතුය.

මූලාශ්‍රය : www.healthline.com වෙබ් අඩවිය, www.gmdiet.com

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *