Press "Enter" to skip to content

ලිංගික හර්පීස් – Genital Herpes

රෝග කාරකය: වෛරසයකි – හර්පීස් සිම්ප්ලෙක්ස් වයිරසය(Herpes Simplex)

රෝග ලක්ෂණ :-

🔴 හර්පීස් රෝගියෙකු සමග අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතාවකින් දින 2 සිට 7 දක්වා කාලයකට පසු රෝග ලක්‍ෂණ මතුවේ.
🔴 ලිංගේන්ද්‍රිය තුළ පැපොල වැනි කුඩා බිබිලි ඇතිවේ.

ලිංගික හර්පීස්


🔴 බොහෝවිට එකකට වැඩි ගණනක් ඇතිවන බිබිලි කැඞීයාමෙන් ඉතා වේදනාකාරී කුඩා තුවාල කිහිපයක් ඇතිවේ.
🔴 ප‍්‍රතිකාර මගින් රෝගය සුවකළ නොහැක.
🔴 තාවකාලිකව මගහැරී යන නමුත්, වෛරසය ශරීරයේ පවතින බැවින් වරින් වර මතුවේ.
🔴 ජීවිත කාලය පුරාම වෛරසය ස්නායු පද්ධතියේ සැගවී සිටී.
🔴 මේ තත්ත්වය සම්පූර්ණයෙන් සුව කිරීම සදහා, ස්ථිර ප‍්‍රතිකාරයක් නොමැත. ප‍්‍රතිවෛරස දැනට භාවිත වේ.

Share is Caring

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *