Press "Enter" to skip to content

ඔබේ ජීවිතය රැක ගන්න..වකුගඩු සුරකින්න

වකුගඩු ඔබට වැදගත් වන්නේ ඇයි?

1. ශරීරයේ ඇති අපද්‍රව්‍ය මුත්‍රා මගින් ඉවත් කරයි
2. රුධිර පීඩනය පාලනය කරයි
3. රුධිරයේ සංයුතිය පාලනය කරයි
4. අස්ථිවල පැවැත්මට දායක වේ

නිදන්ගත වකුගඩු රෝගයට හේතුකාරක මොනවාද?

1. කෘෂි රසායනික ද්‍රව්‍ය මුසු වූ ආහාර හා ජලය පරිභෝජනය
2. දියවැඩියාව ,අධි රුධිර පීඩනය සදහා නිසි ප්‍රතිකාර නොගැනීම
3. මද්‍යසාර දුම්වැටි භාවිතය
4. දිනපතා බීමට ගන්නා ජලය ප්‍රමාණය අඩුවීම
5. සර්ප දෂ්ට කිරීම හා වස විෂ පානය
6. මී උණ රෝගය(ලෙප්ටොස්පයිරෝසිස්)
7. වේදනා නාශක ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් වලින් තොරව භාවිතය

වකුගඩු රෝගය සදහා ක්‍රමවත් ප්‍රතිකාර ඇත

කලින් හදුනා ගැනීමෙන් වකුගඩු රෝගය පාලනය කර ගත හැකිය

  • වකුගඩු රෝගය කලින් හදුනා ගැනීමට(Screening) සදහා ළගම ඇති රෝහල හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය වෙත යොමු වන්න.
  • මේ සදහා යොමු විය යුතු පුද්ගලයන් …
  1. ඔබ වකුගඩු රෝග අවධානම සදහා හදුනාගත් ප්‍රදේශයක ජීවත්වන වයස අවු:10ට වැඩි අයෙක් නම්
  2. ඔබගේ පවුලේ අයෙකුට වකුගඩු රෝගය තිබේනම්
  3. ඔබගේ පවුලේ අයෙකුට වකුගඩු රෝගය තිබුනේ නම්
  4. ඔබගේ පවුලේ අයෙකු වකුගඩු රෝගයෙන් මියගියේ නම්

වකුගඩු රෝගයෙන් වැලකීමට නම්

  • පිරිසිදු ජලය බීමට හා ආහාර පිසීමට භාවිතා කරමු
  • නිතර නිතර දවස පුරා ජලය පානය කරමු
  • කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කරමු
  • වස විසෙන් තොරව ගෙවත්තෙන් ලබා ගත් එළවළු පලා වර්ග හා පලතුරු ආහාරයට ගනිමු
  • දියවැඩියාව හා රුධිර පීඩනයට නිසි ලෙස ප්‍රතිකාර ගනිමු
  • දුම්වැටි හා මධ්‍යසාර භාවිතයෙන් වලකිමු
  • වේදනා නාශක පෙති වෛද්‍ය උපදෙස් මත පමණක් ගනිමු
  • ඕනෑම සර්පයෙකු දෂ්ඨ කල විට ප්‍රතිකාර සදහා වහාම ලගම ඇති රජයේ රෝහලට යමු
  • වකුගඩු විනාශ කරන වැරදි ආහාර පුරුදු වලින් ඈත් වෙමු (ලුණු,තෙල්,සීනි භාවිතය අඩු කරමු)
  • ආහාර පිසීමට හැකි සෑම විටම මැටි බදුන් භාවිතා කරමු.

කෘෂි රසායනික භාවිතයේදී පහත කරුණු ගැන ඔබගේ අවධානය යොමු කරන්න

  • හැකි සෑම විටම කෘෂි රසායනික භාවිතය අඩු කරන්න.කාබනික පොහොර භාවිතයට හුරු වන්න
  • කෘෂි රසායනික මිශ්‍ර කිරීමේදී සහ ඉසීමේදී ආරක්ෂිත ඇදුම් ඇද ගන්න
  • (මුව වැසීම,දෙපා,දෑත් ආවරණ)
  • ඉසීම සිදුකරන පුද්ගලයා සුළගේ දිශාවට ප්‍රතිවිරුද්ධව සිටගනිමින්,කෘෂි රසායනික සුළගේ දිශාවට ඉසින්න
  • කෘෂි රසායනික ඉසීමේ උපකරණ වැව්,ඇළ දොළ, ගංගා හා වක්කඩ වලින් සේදීමෙන් වලකින්න
  • ඉවතලන කෘෂි රසායන ඉසීමෙන් පසු සබන් ගා නා හොදින් පිරිසිදු වන්න.

තොරතුරු: සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශය

                      

                      

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *