Press "Enter" to skip to content

ලිංගිකත්වය මත පදනම් වූ හිංසනය

ස්ති‍්‍ර හෝ පුරුෂ බව පදනම් කොට පවුල හෝ ප‍්‍රජාව තුළ කායිකව, මානසිකව හෝ ලිංගික වශයෙන්
සිදුවෙන සියලූ ආකාරයේ හිංසනයන් මේ නමින් හැඳින්වේ.

ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන් ඇතිවීමට බලපාන සාධක

🔴 පුරුෂ ආධිපත්‍ය බලපවත්නා සමාජ තත්ත්වයන්
🔴 ස්ති‍්‍ර /පුරුෂ භේදය පදනම් කරගෙන අසමානව සැලැකීම
🔴 පවුලේ දරුවන් වෙන්ව ජීවත්වීම (විශේෂයෙන් දරුවන් සහ කාන්තාවන්*
🔴 කාන්තාවට හෝ මාතෘභාවයට ගරු කරන, සාම්ප‍්‍රදායික සමාජ රටාව බිදවැටීම හා වෙනස් වීම
🔴 අඹුසැමියන් වෙන් වෙන්ව විසීම නිසා සමාජයෙන් ලැබෙන සහයෝගය අවම වීම
🔴 අන්‍යයන් මත යැපීමට සිදුවීම
🔴 කාන්තාවන් හා ළමයින් මුහුණ දෙන කායික හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා
ද්විතියික මට්ටමේ සෞඛ්‍ය පහසුකම් ළගා කර ගැනීමේදි ඇතිවෙන ගැටලූ
🔴 ලිංගිකව පදනම් වු හිංසනය හා නීති පිළිබඳ අඩු දැනුම

ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයේ අවස්ථා

🔴 ගෘහස්ථ හිංසනය
🔴 ප‍්‍රජාව තුළ සිදුවෙන හිංසනය
🔴 රැකියා ස්ථානයේ සිදුවෙන හිංසනය

ගෘහස්ථ හිංසනය

🔴 ස්වාමි පුරුෂයා හෝ පිරිමි සහකරුවකු මගින් කාන්තාවට හෝ
කාන්තාවකගෙන් පුරුෂයෙකුට වන හිංසනය පොදු ක‍්‍රමය වේ.
🔴 මෙය බොහෝ විට ගෘහස්ථව සිදුවෙන බැවින් සමාජයට නිරාවරණය
නොවේ.
🔴 බොහෝ විට මෙම හිංසනයන් පුද්ගලික/පවුලේ ගැටලූවක්. සාමාන්‍ය
ජීවිතයේ කොටසක් ලෙස හැදින්වීමට උත්සාහ ගනී.
🔴 කාන්තාවන්, දෙමාපියන්ගෙන්, ඥතින්ගෙන්, හා පවුලේ සාමාජිකයින්ගෙන්
හිංසනයට ලක්වේ.

ප‍්‍රජා හිංසනය

🔴 පුරුෂයින් විසින් කාන්තාවන්ට එරෙහිව තම බලය පෙන්වීම ප‍්‍රජා හිංසනයයි. – සමාජයේදි පුරුෂයා කාන්තාවට වඩා උසස්යැයි පිළිගැනීම.
🔴 සමාජය විසින් පුරුෂ පාර්ශවය කරන වැරදි සාධාරනීයකරණය කිරීම.

රැකියා ස්ථානයේ සිදුවන හිංසනය

🔴 රජයේ හෝ පුද්ගලික ආයතනයක සේවයේ යෙදෙන කාන්තාවකට කායික,මානසික හෝ ලිංගිකව සිදුවෙන අපයෝජනයන් මෙනමින් හැදින්වේ

ලිංගිකත්වය මත පදනම් වු හිංසනය නිසා ඇතිවෙන ප‍්‍රතිවිපාක

කායික

🔴 ශරීරයේ ඇතිවන තුවාල හෝ ජීවිත හානි
🔴 ලිංගිකව සම්පේ‍්‍රෂනය හා රෝග
🔴 අනවශ්‍ය පිළිසි`ද ගැනීම් / අනාරක්ෂිත ගබ්සා හෝ මාතෘ මරණ
🔴 ලිංගික දුර්වලතා

මානසික

🔴 නින්ද නොයාම
🔴 භීතිකාවන්
🔴 මත්ද්‍රව්‍ය භාවිතය
🔴 විශාදය
🔴 සමාජයෙන් කොන්වීම
🔴 සියදිවි හානිකර ගැනීම

සමාජයීය

🔴 පාසල වෙත නැවත යාමට නොහැකිවීම හෝපාසලෙන් ප‍්‍රතික්‍ෂේප වීම
🔴 පහත් සමාජ තත්ත්වයකට පත්වීම
🔴 දුෂණයට ලක්වූ කාන්තාවගේ දරුවන් හා පවුල විසින් ප‍්‍රතික්‍ෂේප වීම
🔴 නොසලකා හැරීම හා ගැරහීමට ලක් වීම

හිංසනයට ලක්වූ ඔබට සහය ලබා ගත හැකි ස්ථාන

🔴 ඔබේ ප‍්‍රදේශයේ සමථ මණ්ඩලය
🔴 පොලිස් ස්ථානය
🔴 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය
🔴 ප‍්‍රදේශයේ රෝහල
🔴 කාන්තා පිහිට සමාජ ආයතනය
🔴 ශී‍්‍ර ලංකා පවුල් සංවිධාන සංගමය
🔴 FPA සුව සේවා මධ්‍යස්ථාන

තොරතුරු: ශී‍්‍ර ලංකා පවුල් සංවිධාන සංගමය

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *