Press "Enter" to skip to content

HIV AIDS වලින් ආරක්ෂා වෙමු

එච්.අයි.වී (HIV) යනු කුමක්ද?

HIV යනු මානව ප්‍රතිශක්තී ඌණතා වෛරසය වේ. මෙය ශරීරයට ඇතුල් වූ පසු බොහෝ කාලයක් ගතවන තුරු, පෙනුමෙන් සහ පුද්ගලයාට දැනෙන ආකාරයෙන් සෞඛ්‍යමත් ලෙස සිටින බැවින්, තම ශරීරය තුළ මෙම වෛරසය ඇති බව ඔවුහු නොදනිති.

ඒඩ්ස් (AIDS) යනු කුමක්ද?

AIDS යනු නතුකරගත් ප්‍රතිශක්තීකරණ ඌණතා සහලක්ෂණය වේ. HIV ශරීර ෆත්වූ පසු සෙමින් ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල කරයි. එවිට ශරීරයයට රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව අඩුවේ. එවිට රෝගියා AIDS තත්වයට පත්වන අතර නිවැරදි ප්‍රතිකාර නොලැබුණහොත් මරණයට වුවද පත්විය හැකි ය.

HIV ආසාධනය සිදුවන්නේ කෙසේද?

ප්‍රධාන ක්‍රමය වන්නේ ආසාදිත පුද්ගලයෙකු සමග පවත්වන අනාරක්ෂිත ලිංගික සම්බන්දතා වේ. HIV අසාදිත රුධිරය ශරීර ගතවීමකින් හෝ රුධිරය සහිත එන්නත් කටු හා අනෙකුත් තියුණු උපකරණ හවුලේ පරිහරණය මඟින් HIV ආසාදනය වේ.
ආසාදිත මවකගෙන් දරුවාට, දරු ගැබ තුලදී, ප්‍රසූතියේදී හා මව්කිරි හරහා HIV බෝවිය හැකි ය.

HIV ආසාදිතයකු බාහිර පෙනුමෙන් හදුනාගත නොහැක.

ශරීරය තුල HIV ඇති බව හදුනාගත හැක්කේ රුධිර පරීක්ෂාවකින් පමණී.

අදම රුධිර පරීක්ෂාවකට යොමු වීම ඉතා වැදගත් ය.

මවකගෙන් දරුවාට HIV බෝවීම වලකමු.

ශ්‍රී ලංකාවේ සියලුම ගර්භණී කාන්තාවන්ට HIV රුධිර පර්‍රික්ෂාවක් සිදිකර ගැනීමට අවස්ථාව හිමි වී ඇත.
මතෲ හා ළදරු සෞඛ්‍ය ආයතන මෙන්ම ජාතික HIV හා AIDS මර්දන ව්‍යාපාරය සම්බන්ධ රජයේ ආයතන හරහා ද මවගෙන් දරුවාට HIV බෝවීම වැලකීමට අවශ්‍ය පහසුකම් නොමිලේ සලසා දී ඇත.

HIV බෝනොවන ක්‍රම මොනවාද?

මදුරුවන් දෂ්ඨ කිරීම මඟින්
සිප වැළඳ ගැනීම මගින්
අතට අත දීම මගින් හෝ ස්පර්ශය මඟින්
වැසිකිළි හවුලේ භාවිතය මඟින්
කෝප්ප පිඟන් භාවිතය මඟින්
ඒඩ්ස් රෝගියෙකු රැක බලා ගැනීම මඟින්

ඔබට HIV ආසාදනය වීමේ අවදානමක් තිබේද?

  • ඔබ පුදගලයන් කිහිප දෙනෙකු සමග ලිංගික සම්බනදතා පවත්වා තිබේද?
  • ඔබගේ ලිංගික සහකරු/සහකාරිය විවිධ පුද්ගලයන් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන්නේ යැයි ඔබ සිතනවාද?
  • ඔබ කොන්ඩම් භාවිතා කිරීමෙන් තොරවා විවිධ පුද්ගලයන් සමග ලිංගික සම්බන්දතා පවත්වනවාද?
  • ඔබට ලිංගාශ්‍රිත රෝගයක් වැළදී තිබෙනවාද?

ඉහත ප්‍රශ්න වලට පිළිතුර “ඔව්” නම් ඔබටත් HIV ආසාදනය වීමේ අවදානමක් ඇත. ලඟම පිහිටි ලිංගාශ්‍රිත රෝග සායනයෙන් උපදෙස් ලබා ගන්න.

තොරතුරු: ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *