වර්ෂාකාලයත් සමග නැවත ඩෙංගු උණ පැතිරීමේ අවදානමක් මතු වී ඇත. එම නිසා ඩෙංගු ගැන දැනුවත් කරන්න අපි තීරණය කලා.
ඩෙංගු රෝගය යනු කුමක් ද ?
වෛරසයක් මගින් ඇති කරනු ලබන රෝගියෙකි .ඩෙංගු වෛරසය ශරීරගත වූ අය ගත වූ අයකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතු වුවහොත් එය ,
• සාමාන්‍ය සුළු උණ තත්ත්වය
• ඩෙංගු උණ
• ඩෙංගු රක්තපාත උණ
• අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින් ) විය හැකි ය.
ඩෙංගු බෝ වන්නේ කෙසේද
ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගෙයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවයි.මෙම මදුරුවන් තුළට වෛරසය ඇතුල් වන්නේ ඩෙංගු වෛරසය ශරීර ගත වූ පුද්ගලයකුට දෂ්ට කිරීමෙනි .
ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාට ද
ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ට කරන ඕනෑම පුද්ගලයකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතී .තවද පුද්ගලයකුගේ වයස හා ප්‍රතිශක්තිකරණය මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.
උණ රෝගය සෑදුනු විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි ?
ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත වැනි අවදානම් අවස්ථා වලටද පත්විය හැකිය.මෙම අවදානම් අවස්ථා මුල් අවධියේ දී සාමාන්‍යයෙන් වෙන්කර ගැනීමට අපහසු වේ.සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වෙන අතර අවදානම් අවස්ථාවලදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබිය යුතුය .එබැවින් අවදානම් අවස්තා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු නෑ ඒ රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුවේ .
ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණ ද ?
උණ සමග පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කළ යුතුය.
• හිසරදය සහ ඇස් යට වේදනාව
• මස් පිඩු හා සන්ධි වේදනාව
• ඔක්කාරය හා වමනය
• සමෙහි රතු ලප හට ගැනීම
• රුධිර වහන තත්ත්වයන්
ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම අවශ්‍ය වේ .ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ .
ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේ ද ?
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත් වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය .(උදා: ඩෙංගු රක්තපාත උණ ,අසාමාන්‍ය ඩෙංගු උණ ).
ඒ සඳහා උණ සෑදී දින දෙකකට පසු ව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව වඩාත් ප්‍රයෝජනවත් වේ . ඩෙංගු වෛරසය ශරීරගත ශරීරගතවී ඇති ශරීර ගත වී ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රති දේහ පරීක්ෂාවන් මගින් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වෙන්කර හඳුනාගත නොහැකිය .
ඩෙංගු රෝගය කිහිපවරක් සෑදිය හැකි ද ?
ඩෙංගු වෛරසයට ප්‍රභේද හතරක් ඇත.යම් පුද්ගලයකු වෙත ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වන්නේ එම අදාල ප්‍රභේදයට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය .
තව ද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේ දී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වීමේ ප්‍රවණතාව ( විශේෂයෙන්ම දෙවන අවස්ථාවේ) වැඩි වේ .
ඩෙංගු උණ වැලඳුණ විට නිවසේදී ප්‍රතිකාර කළ හැකි ද ?
ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය වන තත්වයන් පෙන්නුම් කරයි .එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වේ .වෛද්‍යවරයා විසින් දින දෙකකට පසු සම්පූර්ණ රුධිර පරීක්ෂාව කොට පරීක්ෂාවකට රෝගියා රෝහල්ගත කළ යුතුද යන්න තීරණය කරනු ඇත.
ඩෙංගු රක්තපාත උණ යනු කුමක් ද ?
ඩෙංගු රක්තපාත උණ ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය ඇති විය හැකි අවදානම් අවස්ථාවකි .උණත් සමඟ ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන් ගෙන් වෙන් කර හදුනා ගැනීම මුල් අවධියේ දී පහසු නොවේ.
එහි දී උණ බැස යාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිරවාහිනී වලින් පිටතට (විශේෂයෙන් ප්ලූරා පටල අතර ට හා උදර කුහරයට ) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදු වේ .මෙය සාමාන්‍යයෙන් උණ සෑදී තුන් වන දින හෝ ඊට පසු සිදු වන අතර රුධිර පරීක්ෂා වල වෙනස්කම් මගින් හඳුනාගත හැකිය .මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කන්ද වීම මගින් කම්පන අවස්ථාවට පත් විය හැකි ය .ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත් වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි .එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වේ .
අවදානම් ලක්ෂණ මොනවා ද ?
• උදේ ඇතිවන තද වේදනාව
• මොනවත් තව මම නේ පැවතීම
• අධික නිදි මත බව/ නොසන්සුන් බව/ අප්‍රාණික බව
• රුධිරය වහනය වීම (විදුරුමසෙන්, නහයෙන්, දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මලපහ වීම )
• පැය හයකට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩු වීම .
අවදානම් ලක්ෂණ නොමැති වුවද රෝහල් ගත විය යුතු පුද්ගලයන් කවුරුන්ද ?
• ගර්භනී මව්වරුන්
• අවුරුදු 1 ට අඩු කුඩා දරුවන්
• අධික බර සහිත රෝගීන්
• වැඩිහිටි පුද්ගලයන්
උණ ඇති විට කුමක් කළ යුතු ද ?
• වෙහෙස කර කටයුතු වලින් බැහැර වී හොඳින් විවේක ගන්න .
• උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාලසීමාව තුළ පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න .(උපරිම මාත්‍රාව 60mg/kg/24h වේ.)හැදින්වෙන පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැබීම සිදු කරන්න .
• වේදනා නාශක ඖෂධ (nonsteroidal anti-inflammatory drugs -NSAIDD) කාණ්ඩයේ ඖෂධ හා ස්ටෙරොයිඩ (steroids) භාවිතයෙන් වලකින්න.
• සැහැල්ලු පෝෂදායී ආහාර වේලක් ලබා ගන්න .
• උණ පවතින කාලය තුළදී මදුරුවන් දෂ්ට කිරීමෙන් හැකිතාක් ප්‍රවේසම්වන්න.
උණ පවතින කාලය තුළ තුල භාවිතා කළ යුතු ආහාර මොනවාද?
• ගොඩ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න .තැඹිලි වතුර ,කැඳ ,කිරි, ජීවනී වැනි මුඛ සජලන පානය වඩාත් සුදුසු ය .
• ළමුන්ට ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබාදෙන්න .
• ඒ රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක් ලබා දෙන්න.තෙල් සහිත ආහාර ගැනීමෙන් වළකින්න.
• අභ්‍යන්තර රුධිර වහන තත්වයන්(රතු /දුම්බර පැහැ වමනය හා කළු පැහැ මලපහ)හඳුනා ගැනීමට අපහසු වන බැවින් රතු දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වලකින්න .
උණ පවතින අවස්ථාවේ NSAID භාවිත නොකළ යුත්තේ ඇයි ?
ඇස්පිරින් (aspirin), මෙෆනෙමික් ඇසිඩ් (mefenamic acid ), බෲෆන්(ibuprofen ), ඩයික්ලෝෆෙනැක්(diclofenac) වැනි , non steroidal anti-inflammatory drugs -NSAID කාණ්ඩයේ ඖෂධ , ස්ටෙරොයිඩ (steroids ) භාවිතයෙන් ඩෙංගු උණ නිසා ඇතිවන රුධිර වහනය වීමේ තත්ත්වයන් උග්‍ර විය හැකි ය .
ඩෙංගු රෝගීන්ට ඇති විය හැකි සංකූලතා මොනවාද ?
සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකූලතා ඇති වීමේ අවදානම අවම වේ .ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මණ්‍ය වීම ,මොළයට සිදුවන බලපෑම වැනි සංකූලතා ඇති වී කලාතුරකින් මරණය පවා සිදු විය හැකිය .තමා නො වී නිසි ලෙස ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්වයන් අවම කර ගත හැක .
ඩෙංගු රෝගය ඇති විට මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා විය යුතු වන්නේ ඇයි ?
ඩෙංගු මදුරුවා දෂ්ට කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුළ වර්ධනය වන අතර එම කාලය තුළදී තුළ දී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි . මෙම බීජ බීජෞෂණ සමය දින තුන සිට 14 දක්වා කාලයක් පවතී .
ඉන්පසුව පසුව ඇති වන්නේ උනාව දිය වන අතර එය දින දෙකේ සිට 10 අතර කාලයක් පවතී . මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුළ පවතින බැවින් මදුරුවකු දෂ්ට කළහොත් වෛරසය මදුරුවා තුළට ඇතුළු වන අතර එමඟින් වෙනත් පුද්ගලයන් තුළට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය .
ඩෙංගු මදුරුවන් දෂ්ට කරන්නේ කුමන වේලාවන්හිදී ද ?
සාමාන්‍යයෙන් ඊඩිස මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කිහිපයක් යනතුරු ද, සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙර ද වැඩිපුර දෂ්ට කිරීම සිදු කරයි .එබැවින් මෙම කාලය තුළ මදුරු දෂ්ඨන වලින් ආරක්ෂා විය යුතු ය .
ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන මොනවාද ?
මිනිස් ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම්වලින් ඇතිවූ ඉවත ලන ප්ලාස්ටික් මැටි හා ලෝහ බඳුන් විසිතුරු මල් බදුන් බැර කුරුලු නාන තටාක වැනි වතුර ටැංකි ,ශීතකරණ තැටි ඉවතලා වන ටයර් වියළි පොල් කෝම්බ හා වැහි පීලි වැනි ජලය රැඳෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි .තවද බ්‍රෝමීලියා, අන්නාසි පත්‍ර අතර ද ගස් බෙන වැනි ස්වාභාවික ජලය රැදෙන ස්ථානවල ද ඩෙංගු මදුරුවන් බෝ වේ .වැඩිහිටි මදුරුවන් නිවසින් පිටතට මෙන්ම නිවෙස් තුළ අඳුරු ස්ථානවල රැඳී සිටිය හැකි ය.
මදුරුවන් දෂ්ට වීමෙන් වැළකෙන්නේ කෙසේ ද ?
• අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් අඳින්න .
• මදුරු දැලක් යට විවේකී ව සිටින්න .
• මදුරු විකර්ශක භාවිතා කරන්න .(පැගිරි තෙල් හෝ කෘතිම විකර්ශක)
ඩෙංගු මදුරුවන් බෝවීම බෝ වීම වලක්වන්නේ කෙසේද ?
• භාවිතා කළ හැකි ඉවත ලන ප්ලාස්ටික් වතුර බදුන් බෝතල් ටින් ආදී ප්‍රතිචක්‍රීකරණය කරන්න .
• වැහි පීලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න.වතුර ටැංකි බැරල් මල් බඳුන් ශීතකරණ තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න .
• වතුර එක් රැස්වන ස්ථාන , ළිං හා ටැංකිවලට මදුරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න .
• නිරන්තරයෙන් සතියකට වරක් ගෙවත්ත ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරීක්ෂාකර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න .
තොරතුරු ජාතික ඩෙංගු මර්දන ඒකකය .
Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment