Press "Enter" to skip to content

Sinopharm – සිනෝෆාම් COVID-19 එන්නත

මෙය අක්‍රීය කරන ලද වෛරස අඩංගු COVID-19 සඳහා ලබා දෙන එන්නතක් වන අතර, එය චීනයේ Sinopharm (චීන ජාතික ඖෂධ සමූහය) සමාගම මඟින් නිපදවා ඇත. මෑතකදී, ප්‍රතිශක්තිකරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික උපදේශක කණ්ඩායම (SAGE) මඟින් මෙම එන්නත භාවිත කිරීම සඳහා අතුරු නිර්දේශ නිකුත් කරනු ලැබුවා.

Sinopharm එන්නත ලබා දිය යුත්තේ කා හට ද?

COVID-19 එන්නත් සැපයීම සීමිත වන අතර, නිරාවරණය වීමේ වැඩි අවදානමක් ඇති සෞඛ්‍ය සේවකයින් සහ වැඩිහිටියන්ට එන්නත ලබා දීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතුය.

වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින් සඳහා මෙම එන්නත නිර්දේශ නොකරයි, එම වයස් කාණ්ඩයේ වැඩිදුර අධ්‍යයනවල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටී.

sinopharm sinhala

මෙම එන්නත ගර්භනී මව් වරුන්ට සුදුසු ද?

ගර්භනී කාන්තාවන් තුළ මෙම එන්නතෙහි කාර්‍යක්ෂමතාවය හෝ අවදානම ගැන අදහස් දැක් වීමට ප්‍රමාණවත් දත්ත තවමත් නොමැත. නමුත් මෙම එන්නත අක්‍රිය කරන ලද වෛරසය හා වෙනත් එන්නත් වල ද භාවිත වන උපවර්ධකයක් (adjuvant) අඩංගු වන අතර, එම උපවර්ධකය, ගර්භනී මව්වරුන් තුළ ද ආරක්ෂිතව ක්‍රියාත්මක වන බවට අනෙකුත් එන්නත් හරහා විද්‍යාත්මකව සනාථ වී ඇත. එබැවින් ගර්භනී කාන්තාවන් තුළ සිනෝෆාම් එන්නතෙහි කාර්‍යයක්ෂමතාවය, සම වයසේ ගර්භනී නොවන කාන්තාවක් තුළ දී කාර්‍යක්ෂමතාවය ට සමාන වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙම එන්නත ගර්භනී කාන්තාවන් තුළ අන්තර්කාලීනව නිර්දේශ කරනුයේ, එන්නත මඟින් ලැබෙන ප්‍රතිලාභ, ඇති විය හැකි අවදානම් වලට වඩා ඉහළ අවස්තාවල දී පමණි. එන්නත ලබා දීමට පෙර ගර්භණීභාවය පරීක්ෂා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි. එන්නත නිසා ගැබ් ගැනීම ප්‍රමාද කිරීම හෝ ගැබ් ගැනීම අවසන් කිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.

සිනෝෆාම් එන්නත ලබා ගත හැකි අනෙක් පුද්ගලයන් කවුද?

මීට පෙර COVID-19 ආසාධනය වී ඇති පුද්ගලයින්ට මෙම එන්නත ලබා දිය හැකිය. කිරි දෙන මව්වරුන්ට, අනෙකුත් වැඩිහිටියන්ට මෙන් එන්නත් වල ඵලදායීතාවය සමාන වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අනෙකුත් වැඩිහිටියන් මෙන් කිරි දෙන මව්වරුන්ට, සිනෝෆාම් COVID-19 එන්නත භාවිතා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි. එන්නත ලබා දීමෙන් පසු මව්කිරි දීම අත්හිටුවීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ නොකරයි.

සිනෝෆාම් COVID-19 නිර්දේශ නොකරනු ලබන්නේ කා හටද?

මෙම එන්නත සඳහා මීට පෙර දරුණු ආසාත්මිකතාවයන් (anaphylaxis reactions) ඇති වුණු පුද්ගලයන්ට මෙම එන්නත නිර්දේශ නොකරයි. ශරීර උෂ්ණතවය 38.5ºC ට වැඩි උෂ්ණත්වයක් ඇති පුද්ගලයන්, උණ තත්වය පහව යනතුරු එන්නත ලබා ගැනීම ප්‍රමාද කළ යුතුය.

නිර්දේශිත මාත්‍රාව කුමක් ද?

මෙම එන්නතෙහි 0.5 ml මාත්‍රා දෙකක් අන්තහ්පේශ්‍රීය (Intramuscularly) ලෙස ලබා ගැනීම SAGE මඟින් නිර්දේශ කරනු ලබයි. මාත්‍රා දෙක අතර පරතරය, සති 3 – 4 ක් තබා ගන්නා ලෙස WHO නිර්දේශ කරනු ලබයි. පළමු මාත්‍රාවෙන් සති 3 කට අඩු කාලයකදී දෙවන මාත්‍රාව ලබා දෙන්නේ නම්, මාත්‍රාව නැවත ලබා දීම අවශ්‍ය නොවේ. දෙවන මාත්‍රාව ලබා ගැනීම සති 4 න් ඔබ්බට ප්‍රමාද වුවහොත්, හැකි ඉක්මනින් එය ලබා දිය යුතුය. එන්නත ලබා ගත් සියලුම පුද්ගලයන්ට මාත්‍රාවන් දෙකක් ලබා ගැනීම නිර්දේශ කර ඇත.

මෙම එන්නත ආරක්ෂිත ද?

ප්‍රතිශක්තිකරණය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික උපදේශක කණ්ඩායම (SAGE) මඟින් මෙම එන්නතෙහි ප්‍රමිතිය, ආරක්ෂාව හා කාර්‍යක්ෂමතාවය ගැන දත්ත හදරා ඇති අතර, අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා නිර්දේශ කරනු ලබයි.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා ආරක්ෂිත දත්ත සීමා සහිතය. (සායනික අත්හදා බැලීම්වලට සහභාගී වූවන් සුළු සංඛ්‍යාවක් නිසා). තරුණ වයස් කාණ්ඩ හා සසඳන විට වැඩිහිටි වැඩිහිටියන්ගේ එන්නතෙහි ආරක්ෂිත පැතිකඩෙහි කිසිදු වෙනසක් අපේක්ෂා කළ නොහැකි වුවද, අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නත භාවිතා කිරීම සලකා බලන රටවල් සක්‍රීය ආරක්‍ෂිත අධීක්ෂණයක් පවත්වා ගත යුතුය.

sinopharm vaccine

මෙම එන්නතෙහි කාර්‍යක්ෂමතාවය කුමක් ද?

රටවල් කිහිපයක් තුළ කරන ලද Phase 3 පරීක්ෂණ මඟින්, දින 21 ක් අතර මාත්‍රා දෙක ලබා ගැනීමෙන් , රෝග ලක්ෂණ සහිත SARS-CoV-2 ආසාධනය ට, දෙවෙන මාත්‍රාව ලබා ගෙන දින 14ක් හෝ ඊට වැඩි කාලයක් තුළ මෙම එන්නතෙහි කාර්‍යක්ෂමතාවය 79% ක් බව තහවුරු වේ.

නව කොරෝනා වෛරස ප්‍රභේද සඳහා මෙම එන්නතෙහි කාර්‍යක්ෂමතාවය කෙසේද?

මේ පිළිබඳව දත්ත තවම WHO වෙත වාර්තා වී නොමැත.

මෙම එන්නත ලබා ගත් පසුව  SARS-CoV-2 ආසාධනය හා සම්ප්‍රේෂනය සිදු නොවේද?

COVID-19 රෝගයට හේතු වන වෛරසය වන SARS-CoV-2 සම්ප්‍රේෂණය කිරීමේදී Sinopharm COVID-19 එන්නත හි බලපෑම සම්බන්ධව දැනට සාර්‍ථක දත්ත නොමැත.

එන්නත ලබා ගත් පසුව ද, මුහුණු ආවරණ පැළැදීම, ශාරීරික දුරස්ථතාවය පවත්වා ගැනීම, අත් සේදීම, ආදී සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනු ලබයි.

තොරතුරු: WHO

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *