Press "Enter" to skip to content

ගැබ් ගෙල පිළිකාව වළක්වා ගනිමු

ශ්‍රි ලංකාවෙ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්ථානය ගනී.
පූර්ව පිළිකා අවධියේදී හදුනාගතහොත් එම තත්වය පිළිකාවක් බවට පත්වීම වැළැක්විය හැකිය

ගැබ්ගෙල පිළිකාව බොහෝ දුරට ගැබ් ගෙල ආශ්‍රිතව හියුමන් පැපිලෝමා වෛරසය(HPV)ආසාදනය දිගුකල් පැවතීම මගින් ඇතිවිය හැක.
ගැබ්ගෙල පිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිළිකා අවධියක් ඇත.
පූර්ව පිළිකා අවධියේදී රෝග ලක්ෂණ නොමැත.
එනමුත් පැප් පරීක්ෂණයක් මගින් හදුනාගෙන නිසි ප්‍රතිකාර ලබා පිළිකාවක් බවට පත්වීම වැළැක්විය හැක.

ගැබ්ගෙල පිළිකාවක රෝග ලක්ෂණ

1.යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය
2.ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය
3.යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්‍රාවයක් පිටවීම
4. මාස් ශුද්දිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිට වීම
(මෙම රෝග ලක්ෂණ පිළිකාවක් නොවන වෙනත් රෝග තත්ව වලදීද ඇතිවිය හැක)

ගැබ්ගෙල පිළිකාවක අවදානම වැඩි කාටද?

. හියුමන් පැපිලෝමා (HPV)නැමැති වෛරසය ආසාදිත කාන්තාවන්ට
. අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹූ කාන්තාවන්ට
. බහුපුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන්ට
. අක්‍රීයව හෝ සක්‍රීයව දුම්පානයේ යෙදෙන කාන්තාවන්ට
. විවිධ රෝග සදහා ප්‍රතිශක්තීකරණය හීන වන බෙහෙත් ගන්නා කාන්තාවන්ට
. ලිංගිකව බෝවන රෝග සෑදී ඇති කාන්තාවන්ට

ගැබ්ගෙල පිළිකාවක් සෑදීමේ අවදානමක සිටින බව කලින් දැනගත හැකිද?

ගැබ් ගෙල පිළිකාව සෑදීමට පෙර (පූර්ව පිළිකා අවධිය) පැප් පරීක්ෂවකින් හදුනාගත හැකිය.
පැප් පරීක්ෂාවක් යනු ගැබ් ගෙල ආශ්‍රිතව සිදුකරන සරල පරීක්ෂණයකි.
මේ සදහා ඔබ පැමිණිය යුතු වන්නේ මාසික ශුද්ධ වීම නොමැති දිනයකදීය.
මෙහිදී ඔබට වේදනාවක් හෝ අපහසුතාවක් ඇතිනොවේ.
මෙමගින් ගැගෙලෙහි පූර්ව පිළිකා සෛල හදුනාගත හැකිවේ.
පැප් පරීක්ෂණයට යොමු විය යුත්තේ කවුද
පැප් පරීක්ෂණය නිරෝගී කාන්තාවන් වෙනුවෙනි
මෙම පරීක්ෂණය අවුරුදු 35 හෝ ඊට වැඩි ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට සුවනාරී සායනවලදී සිදු කර ගත හැකිය.
මෙයට අමතරව ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට සුවනාරී සායනවලදී සිදු කරගත හැකිය.
මෙයට අමතරව ලිංගික සම්බන්ධතා පවත්වන සියලු කාන්තාවන් සදහා ප්‍රථම ලිංගික එක්වීමෙන් වසර 5 කට පසු මෙය නිර්දේශ කෙරේ.

පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල

අසාමාන්‍ය නම්
ගැබ්ගෙල පිළිකා ස්ථිරවම ඇත්දැයි හදුනා ගැනීමේ පරීක්ෂණ සදහා යොමු කරයි
ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.

සාමාන්‍ය නම්
එය සතුටුදායක පණිවිඩයකි.
ඔබගේ ඊලග පැප් පරීක්ෂණය වසර 5කින් සිදු කරගත යුතුය.

පැප් පරීක්ෂණය සිදු කරගත හැකි ස්ථාන

ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය මගින් පවත්වනු ලබන සුවනාරී සායනයෙන්

ඔබට ආසන්නම සුවනාරි සායනය සහ එය පැවැත්වෙන දිනය පිළිබදව ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් දැන ගන්න.

රෝහල් මගින් පැවැත්වෙන සුවනාරී/ නාරිවේදීය සායන වලින්

පිළිකා කලින් හදුනාගැනීමේ ජාතික සායනයෙන්
(නො:516, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට,කොළඹ 05,
දුරකථනය: 0113159227)

පෞද්ගලික අංශයේ සායන වලින්

මේ ගැනත් සැලකිලිමත් වන්න

අඩු වයසින් ලිංගික සබදතා පැවැත්වීමෙන් වළකින්න.

ලිංගික සබදතා පවත්වන සෑම කාන්තාවක්ම අවු.35 දී පළමු පැප් පරීක්ෂණය සදහා ඔබේ ප්‍රදේශයේ සුවනාරී සායනයට සහභාගීවන්න.

ඔබේ ලිංගික ජීවිතය විශ්වාසවන්ත එක් සහකරුවෙකුට සීමා කරන්න

අනාරක්ෂිත ලිංගික ඇසුරකදී උපත් පාලන කොපු භාවිතා කරන්න.

ගැබ්ගෙල් පිළිකාව වළක්වා ගැනීමට එන්නතක් (HPV එන්නත) හදුන්වාදී ඇත.

ලිංගික ජීවිතය ඇරඹීමට පෙර HPV එන්නත ලබාගැනීමෙන්ද ගැබ්ගෙල පිළිකා වළක්වාගත හැක.

තොරතුරු-
අපේක්ෂා සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය.
ශික්ෂණ රෝහල, කුරුණෑගල

Share is Caring

2 Comments

  1. […] ගැබ් ගෙල පිළිකාව වළක්වා ගනිමුBy DewMalශ්‍රි ලංකාවෙ කාන්තාවන්ට සෑදෙන පිළිකා අතරින් ගැබ්ගෙල පිළිකාව දෙවැනි ස්ථානය ගනී. පූර්ව පිළිකා අවධියේදී හදුනාගතහොත් එම තත්වය පිළිකාවක් බවට පත්වීම වැළැක්විය හැකිය ගැබ්ගෙල පිළිකාව බොහෝ… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *