Press "Enter" to skip to content

කාංසාව – Anxiety

බොහෝ අය ඇතැම් දුෂ්කර අවස්ථාවලදී නොසන්සුන් තත්ත්වයට පත් වෙති. උදාහරණයක් ලෙස, සම්මුඛ පරික්ෂණයකට මුහුණදීම, විභාගයකට පෙනී සිටීම, හෝ සැත්කමකට භාජනය වීම වැනි අවස්ථාවන් දැක්විය හැක. කෙසේ වුව ද මෙම හැඟීම දිගු කලක් පවතින විටදි නොහොත් ඉතා තීව‍්‍ර වන විට දී කාංසා ආබාධ ලෙස හැඳින්වේ.

කාංසා ආබාධයකදී කුමක් සිදුවේද?

ආරම්භයේදී රෝගියා ආතතිය හා බැඳුණු කායික රෝග ලක්ෂණ (උදා: හිසරදය, හද ගැස්ම දැනීම) සමගින් ඉදිරිපත් විය හැක. මේ පිළිබඳව වැඩිපුර විමසීමේදි කැපී පෙනෙන කාංසා තත්ත්වයන් (තිගැස්ම) පවතින බව පෙනී යයි.

ලක්ෂණ

◼ සෑම විටම ආතතියකින් හෝ සිත් තැවුලකින් පසුවීම. ඔබ කායිකව රෝගී වී ඇතැයි හෝ හෘදයාබාධයකින් මියයතැයි හෝ
සිතා බියට පත් වීමට ඉඩ ඇත.
◼ පහත ශාරීරික වෙනස්කම් දැනීමට ඉඩ තිබේ. තොල කට වියළීම, වෙව්ලීම, අධික දහදිය, හද ගැස්ම වේගවත්වී ම, මස්පිඩු තදවීම, හුස්ම ගැනීම වේගවත් වීම, කැරකැවිල්ල, රාත‍්‍රියට නින්ද නොයෑම, හිසරදය, පපුවේ කැක්කුම, විඩාවට හා පීඩනයට පත් වීම.

රෝගියාට හා ඥාතින් වෙත දැන්විය යුතු අත්‍යාවශ්‍ය කරුණු

◼ ආතතිය හා සිත් තැවුල් මානසිකව මෙන්ම කායිකව ද බලපෑම් ඇති කළ හැක.
◼ ආතතියේ බලපෑම අඩු කර ගැනීමට අවශ්‍ය කුසලතා පුහුණුවිම (නිද්‍රා ජනක ඖෂධ භාවිතය නොවේ) වඩාත්ම ඵලදායි
ප‍්‍රතිකාරයයි.
◼ කාංසාව (තිගැස්ම) බොහෝ විට බිය ජනක කායික රෝග ලක්ෂණ ඇති කරයි. පපුවේ කැක්කුම, කරකැවිල්ල හෝ හුස්ම
ගැනීමේ අපහසුව සෑම විටම කායික රෝගයක ලක්ෂණ වන්නේ නැත.
◼ බිය ජනක අවස්ථා මගහැරීම තුළින් බිය වඩ වඩාත් වර්ධනය වන බව සහ එබඳු අවස්ථාවලට මුහුණ දීම මගින් බිය සමනය වන බව.

ඔබට උදව් ප්‍රතිකාර අවශ්‍ය නම් 1926 අමතන්න හෝ වෛද්‍යවරයෙකු හමුවන්න.

තොරතුරු: National Institute of Mental Health

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *