කාන්තා හා පිරිමි දෙපාර්ශවයටම පියයුරු පිළිකා වැළඳේ.
නමුත් කාන්තාවකට පියයුරු පිළිකා වැළදීමේ අවදානම පිරිමි අයෙකුට වඩා සිය ගුණයකින් වැඩිය.
පියයුරු පිළිකාවක් යනු කුමක්ද? පියයුරේ කිරි නිපදවන ග්‍රන්ථි හා නාලවල සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස බෙදීම නිසා ඇතිවන තත්ත්වයකි.
පියයුරු පිලිකාවක් හට ගැනීම සඳහා වැඩි අවදානමක් ඇත්තේ කාටද?
- පිලිකා සදහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් (මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ ඥාතියකුට පියයුරු හෝ ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇත්නම්)
- දරුවන් නොමැති හෝ දරුවන් ලැබීම පමා වූ කාන්තාවන්
- පිලිකා සදහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන් (මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ ඥාතියකුට පියයුරු හෝ ඩිම්බකෝෂ පිළිකා වැළඳී ඇත්නම්)
- දරුවන් නොමැති හෝ දරුවන් ලැබීම පමා වූ කාන්තාවන්
- වෛද්‍ය උපදෙසකින් තොරව ඊස්ට්‍රජන් හෝමෝනය අඩංගු ඖෂධ සඳහා දීර්ඝකාලීන නිරාවරණය වූ කාන්තාවන්
- ආර්ථව හරණය ට පසු අධික ලෙස තරබාරු කාන්තාවන්
පියයුරු පිලීකා සෑදෙන්නේ එම අවදානම් සාධක ඇති අයට පමණද?
නැත. අවදානම් සාධක නැති අයට ද පියයුරු පිළිකා වැළදීමේ හැකියාවක් ඇත.
එමෙන්ම අවදානම් සාධක සහිත සමහර කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුලදී පියයුරු පිළිකාවක් ඇති නොවීමට ද හැකියාවක් ඇත.
ශ්‍රී ලංකාව තුළ බහුලතම පිළිකා වර්ගය පියයුරු පිළිකාව වේ. කාන්තාවන් අතර පළමුවට වැඩියෙන් ම පවතින පිළිකාව මෙය අතර, පිරිමි අයගේ හත්වැනි බහුලත ම වර්ගය වේ.
පියයුරු පිලිකාවේ රෝග ලක්ෂණ කවරේද? බහුලවම හමුවන රෝග ලක්ෂණ වන්නේ,
- පියයුරු වල අලුතින් ඇතිවූ අසමමිතික බව
- පියයුරේ යම් කොටසක් ඇතුළට නෙරායාම
- පියයුරුවල සමෙහි යම් වෙනස්කමක් (දදයක් ,ඝනවීමක් පැහැයේ වෙනසක් ,ඉදිමීමක්)
- තන පුඩු ඇතුළට ගිලී යාම (මෑතකදී ඇතිවූ) හෝ වෙනසක්.
- තනපුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයන් පිටවීම
- පියයුරුවල අසාමාන්‍ය වේදනාවක්
තනිවම පියයුරු පරීක්ෂා කර ගනිමු.
Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
[…] වෛරසය, පිළිකා රෝගීන්ට වැළඳීමේ ඉතා වැඩි ඉඩකඩක් ඇත. එමෙන්ම […]