මීට කලින් ලිපියක අපි කතා කරා පියයුරු පිළිකාව ගැන. අද අපි දැනගමු පියයුරු පරීක්ෂාවක් තනිවම කරගන්න ආකාරය.
බොහෝ වෙලාවට මෙය කාන්තාවන්ට වැදගත් යැයි සැලකූව ද, පිරිමි අයට ද පියයුරු පිළිකා වැළඳීමේ අවධානමක් ඇති නිසා, මෙම ලිපිය පිරිමි අයට ද වැදගත් වේ.
ස්වයං පියයුරු පරීක්ෂාවේ පියවර
ස්වයං පියයුරු පරීක්‍ෂාව පියවර දෙකකින් යුක්තයි.
- පියයුරු නිරීක්ෂණය කිරීම (Inspection)
- පියයුරු මර්ෂණය කිරීම (අතින් අල්ලා පරීක්‍ෂා කිරීම) (Palpation)
පියයුරු නිරීක්ෂණය කිරීම (Inspection)
- ඔබගේ උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණය කොට කැඩපතක් ඉදිරිපස සිට ගන්න.
- පහත සඳහන් ඉරියව් තුනේදීම දක්වා ඇති අසාමාන්‍යතා ඇත්දැයි නිරීක්‍ෂණය කරන්න.
- අත් දෙක දෙපස තබා සෘජුව සිටගැනීම
- අත් දෙක හිසට උඩින් තබා සිටීම
- අත් දෙක ඉඟ මත තබා මදක් ඉදිරියට නැමෙන්න.
පියයුරු නිරීක්ෂණයේදි අවධානය යොමු කළ යුතු අසාමාන්‍යතා
1. පියයුරු වල ප‍්‍රමාණය, හැඩය, සමමිතික/අසමමිතික බව.
2. පියයුරෙහි මතුපිට සමෙහි වර්ණයෙහි වෙනසක්
3. පියයුර මතුපිට දොඩම් ලෙල්ලක වැනි ස්වභාවයක්.
4. පියයුර මතුපිට තුුවාලයක් / දදයක් /මතුපිට සමෙහි වල ගැස්මක්.
5. තනපුඩුවල ගිලීයාමක්.
6. තනපුඩු වණ වීමක්/තුවාල වීමක් හෝ පැලී යාමක්.
7. තනපුඩුවලින් ශ‍්‍රාවයක්නි කුත්වේද යන්න පිළිබඳව නිරීක්ෂණය.
පියයුරු පිළිකාව පිළිකාව පිළිබඳව හෝ තවත් සෞඛ්‍යය ගැටලු තිබේ නම් අප වෙත යොමු කරන්න.
Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment