Press "Enter" to skip to content

අධික ශබ්දය හා ඔබේ සෞඛ්‍යය

අධික ශබ්දය නිසා ඔබට සදාකාලිකව බිහිරි බව උරුම විය හැකිය.

මීට අමතරව අධික ශබ්දය ට නිරාවරණය වීම නිසා ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල

  1. නින්ද නොයෑම
  2. අධික තෙහෙට්ටුව
  3. අවධානය අඩු වීම
  4. මානසික ආතතිය
  5. කාර්යක්ෂමතාව අඩු වීම.

ඔබත් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ

  • අධික ශබ්ද සහිත යන්ත්‍ර සූත්‍ර සමග ද?
  • අධික ශබ්ද සහිත වාහන වල ද?
  • අධික ශබ්දයෙන් යුතු සංගීතය ට සවන් දෙමින් ද?
  • හෙඩ් ෆෝන් මගින් අධික ශබ්දයෙන් යුතු සංගීතය ට සවන් දෙමින් ද?
  • ශ්‍රවන ආරක්ෂක උපකරණ තිබුනත් ඒවා භාවිතා නොකරමින් ද?
  • අධික ඝෝෂාකාරී ස්ථානවල ද?

එසේනම් ඔබ සිටින්නේ දැඩි අවදානම් තත්වයකයි.

ශබ්ද තීව්‍රතාව මනින ඒකකය ඩෙසිබෙල් (dB) යනුවෙන් හැඳින් වේ .

ඔබගේ සේවා ස්ථානයේ ශබ්ද තීව්‍රතාවය ඩෙසිබල් 85 ට අඩුවෙන් තිබීම සේවකයන්ගේ සෞඛ්‍යයට හිතකර වේ .

අධික ශබ්දය නිසා ඇතිවිය හැකි සදාකාලික බිහිරි බවින් වැළැකීමට මෙම උපදෙස් පිළිපදිමු .

  • හැකි සෑම විටම අධික ශබ්දය ඇති ස්ථානවල ගැවසීමෙන් වළකිමු .
  • අධික ශබ්දය ඇති සේවා ස්ථානවල දී ,සෑම විටම කනට ආරක්ෂිත උපකරණ පළඳිමු .
  • සේවා ස්ථානයේ ශබ්දය හා අධික බව දැනේ නම් වහාම කළමනාකාරීත්වයට දන්වමු.
  • සේවා ස්ථාන වල අධික ශබ්දයෙන් යුතු සංගීතය වාදනය නො කරමු .
  • අධික ශබ්දය ඇති සංගීත ප්‍රසංග වලට නිතර නිරාවරණය වීමෙන් වළකිමු .
  • අධික ශබ්දයෙන් හෙඩ් ෆෝන් භාවිතා නොකරමු .
  • බස්රථ හා අනෙකුත් මගී රථ තුළදී අධික ශබ්දයෙන් යුත් සංගීතය වාදනය නොකරමු

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *