Press "Enter" to skip to content

ෆෝලික් අම්ලය ඔබට අවශ්‍ය ඇයි?

ෆෝලික් අම්ලය යනු විටමින් B වර්ගයකි. එය ශරීරයට ඉතාමත් වැදගත් විටමිනයකි. එමෙන්ම එය බාල මහලු, ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම වැදගත් වේ.  ගර්භනී කාලයේදී ෆෝලික් අම්ල ඌණතාවය නිසා, දරුවාට ඉතා අයහපත් බලපෑම් ඇති වීමට විශාල හැකියාවක් ඇත.

ගර්භනී සමයේ මෙම විටමිනය අවශ්‍ය ප්‍රමාණය ට නොලැබී යාමෙන්, දරුවන්ගේ උපතේදීම මොළයේ හා සුසුම්නාවේ විකෘති හා ආබාධ ඇති වේ.

බොහෝ දෙනා සිතන්නේ ෆෝලික් අම්ලය ලබා ගත යුත්තේ ගර්භනී මව්වරුන් පමණක් බවය. එය මිත්‍යා මෙන්ම ඉතා වැරදි අදහසකි. එය සෑම දෙනාම ලබා ගත යුතු විටමිනයක් වන්නේ, ශරීරයේ සෛල නිපදවීමට , DNA අලුත් වැඩියා කිරීමට, මෙන්ම රතු රුධිරාණු නිපදවීමට ත් ෆෝලික් අම්ලය අත්‍යවශ්‍ය නිසාය.

ෆෝලික් අම්ලය අඩංගු වන්නේ කුමන ආහාර වලද?

ෆෝලික් අම්ලය අඩංගු වන්නේ, තද කොළ පාට එළවලු හා පලතුරු වලයි. උදාහරණ ලෙස, බෝංචි, මල්ගෝවා, නිවිතිය. ඊට අමතරව දෙහි, දොඩම් වැනි පැඟිරි කුලයේ ආහාර වල ද, හතු (බිම් මල්)වල ද, ධාන්‍ය වල ද ෆෝලික් අම්ලය අඩංගු වේ.

වැඩිහිටි පුද්ගලයෙකු විසින් දිනකට ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් 400 ක් ලබා ගත යුතුය . ගර්භනී සමයේ මෙම විටමිනය අවශ්‍ය ප්‍රමාණය ට නොලැබී යාමෙන්, දරුවන්ගේ උපතේදීම මොළයේ හා සුසුම්නාවේ විකෘති හා ආබාධ ඇති වේ. එමෙන්ම ඕනෑම කෙනෙක්ගේ, ෆෝලික් අම්ල ඌණතාවය හේතුවෙන්  රතු රුධිරාණු නිපදවීම අඩාල වීම නිසා ,රක්තහීනතාවය ට ගොදුරු වීමේ ඉහළ ප්‍රවණතාවක් පවතී.  රක්තහීනතාවය නිසා, සෛල වලට නිසි ලෙස ඔක්සිජන් නොලැබී, ඒවායේ ක්‍රියාකාරිත්වය අඩු වේ.

ෆෝලික් අම්ල ඌණතාවයේ ලක්ෂණ මොනවාද?

1. කෙටි හුස්ම ගැනීම.
වෙහෙසකර කටයුත්තක නොයෙදී සිටින විට දී පවා නිතර කෙටි හුස්ම ගැනීම. මෙය හේතුවන්නේ ශරීරයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමයි. රතු රිධිරාණු සෛල හිග වීම මෙය මූලිකවම බලපායි. මේ සමගම, හෘද ස්ඵන්දනය වේගවත් වීම, හිස කැරකීම හා ක්ලාන්ත ගතිය ආදී ලක්ෂණ ද ඇතිවිය හැකිය.

2. දිවේ බිබිලි, තුවාල ආදිය හට ගැනීම.
ඒ නිසා දිවේ අති රස අංකුර වලට හානි වී, ස්නායූ හරහා මස්තිෂ්කයට රස සංවේදනය නොවීම. ඒ නිසා රස නොදැනී යයි. එමෙන්ම දිව රතු පැහැ ගැන්වී , ඉදීමීමට ද හැකියාවත් ඇත.

3. ආහාර ඇරුචිය, උදරයේ වේදනාව හා වමනය
මෙවැනි ආහාර මාර්ගය ආශ්‍රිත නොයෙකුත් ගැටළු කාරී තත්වයන් මෙම ඌණතාවයේදී ඇති වේ.

4. සම සුදුමැලි ස්වභාවයක් ගැනීම.
ශරීරය පුරා ඔක්සිජන් රැගෙන යන්නේ රතුරුධිර සෛල වල ඇති හිමොග්ලොබින් මගිනි. අවශ්‍ය ප්‍රමාණයට රතු රුධිරාණු නැති විට හිමිග්ලොබින් ප්‍රමාණය ද අඩුවේ. සමට හොඳින් රුධිරය නොලැබේ. එම නිසා සම සුදුමැලි වේ.

5. ශරීරයේ වේදනාවල් හට ගැනීම.
මේ ඌණතාවය නිස මොළයට ඔක්සිජන් අඩුවෙන් ලැබේ. එම නිසා මොළකේ රුධිර වාහිනි ඉදිමී යයි. එම නිසා හිසරදයක් ආකාරය මෙම වේදනාව ඇති වේ. මේ වේදනාව, පපුව, පාද වැනි අවයව වල ද වේදනාව ඇතිවිය හැකිය.

6. මානසික ගැටළු ඇති වීම
ස්නායූ පද්ධතියේ පැවැත්ම සඳහාද ෆෝලික් අම්ලය වැදගත් වේ. එය නොලැබී යාම නිසා මානසික ඒකාග්‍රතාවය අඩුවීම, නිතර අමතක වීම, ඉක්මන් කෝපය හා මානසික ආතතිය ඇති විය හැකිය.

ඉහත කී ලක්ෂණ ඔබට ඇත්නම් ඔබ වහාම ක්‍රියාත්මක විය යුතුය. අවශ්‍ය ප්‍රමාණයට ෆෝලික් අම්ලය ලබා ගත යුතුය. වෛද්‍ය උපදෙස් සඳහා යොමු වීම ඉතා වැදගත් වේ. නැතහොත් ඩිමෙන්ෂියා, ඇල්ෂයිමර් වැනි දරුණු රෝගී තත්වයන් ඇති විය හැකිය.

Share is Caring

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *