Press "Enter" to skip to content

විටමින් A ගැන දන්නවාද?

විටමින් A යනු කුමක් ද?

විශේෂ- ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන ඇති අයගෙන් බහුතරයක් දෙනා එම රෝග ලක්ෂණ නොපෙන්වයි.

කොහොමද අපි ට විටමින් A ලැබෙන්නේ?

සත්ත්ව ආහාර වලින්
උදා: මස් , මාළු, කිරි, බිත්තර

ශාඛමය ආහාර වලින්
උදා: කහ පාට, තැඹිලි පාට එළවලු, පලතුරු, තද කොළ පාට පලා වර්ග

විටමින් A අපිට වැදගත් වෙන්නේ ඇයි?

1. ඇස් පෙනීම සඳහා
2. ප්‍රතිශක්තිය (රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව) සඳහා
3. සම, හිසකෙස් හා ශ්ලේෂ්මල පටකයේ නීරෝගී පැවැත්මට
4. ශරීරය තුළ ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීමට
5. සෛල බෙදීම හා විශේෂණය නිසි පරිදි සිදු කිරීමට

විටමින් A ඌණතාවය

ශ්‍රී ලංකාව තුළ විටමින් A ඌණතාවය සඳහා බහුලවම ගොදුරු වී ඇත්තේ පෙර පාසල්, ප්‍රාථමික පන්තිවල සිටින වයසේ ළමුන් ය. විටමින් A ඌණතාවයෙන් පෙළෙන ළමයින් ට ලෙඩ රෝග සැදීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය.
උදා: සරම්ප, පාචනය

විටමින් A ඌණතාවයෙන් මිදෙන්නේ කොහොමද?

1. විටමින් A බහුල ආහාර , දිනපතා ආහාර වේලට එකතු කර ගන්න.
2. ආහාර වල විවිධත්වය වැඩි කරන්න.
3. මෙය මේදයේ දියවෙන විටමිනයක් බැවින් මේදය අඩංගු ආහාර එකතු කරගන්න.
4. ආහාර අධික උෂ්ණත්වයේ වැඩි වේලාවක් පිසීමෙන් වළකින්න.
a) එනම් වැඩි උෂ්ණත්වයක ඉක්මනින් පිස ගැනීම.
උදා: පලා වර්ග (මැල්ලුම්)
b) වර්ණ වෙනස අවම වෙන ලෙස පිසගැනීම.

ළදරුවන්ගේ විටමින් A ඌණතාවය වළක්වා ගන්නේ කොහොමද?

1. මව්කිරි දීම ආරම්භයේදීම පලමුවෙන් ම ස්‍රාවය වන කොලොස්ට්‍රම් , විටමින් A වලින් පොහොසත්‍ ය. එම නිසා නොවරදවාම මෙම මුල් මව් කිරි ළදරුවාට ලබා දිය යුතු වේ.
2. ළදරුවාට මාස 6ක් පමණක් වන තෙක් මව් කිරි පමණක් ලබා දීම.
3. වසර දෙකක් යනතුරු පරිපූරක ආහාර සමඟ මව් කිරි ලබා දීම.
4. පරිපූරක ආහාර සැදීමේ දී මේදය භාවිතා කිරීම.
5. රෝගී අවස්තාවක දී වුවද ළදරුවාට මව් කිරි ලබා දීම අඛණ්ඩව සිදු කිරීම.
6. මවගේ ආහාරයට විටමින් A බහුල ආහාර දිනපතා එකතු කර ගැනීම.

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *