Press "Enter" to skip to content

ඔබේ දරුවාටත් නිසි ආකාරයෙන් එන්නත් ලබා දුන්නාද?

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින් ඔබගේ ජිවිත කාලය තුලදී ලබා ගත යුතු එන්නත් පහත ලෙස කාලරාමුවකට ගොනුකර ඇත. මෙම එන්නත් නියමිත පරිදි ලබා ගැනීමෙන් විවිධ රෝගී තත්වයන්ගෙන් ඔබට ආරක්ෂා විය හැකිය.
ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය උපතේ සිටම ආරම්භ වේ. මෙම එන්නත් ඔබට පවුල් සෞඛ්‍ය සේවා සායන, ළමා හා මාතෘ සායන හා රජයේ රෝහල් වලින් ලබා ගත හැකිය.

ඉපදී පළමු වසර තුළ ලබා ගත යුතු එන්නත්

BCG එන්නත (Bacille Calmette Guerin Vaccine) ඉපදී පළමු සති හතර තුළ ලබා ගත යුතුය. සාමාන්‍යෙන් ඉපදී පැය 24 ක් තුලදී ,රෝහලෙන් පිටව යාමට ප්‍රථමව ලබා දේ.මෙය ක්ෂයරෝගය වැළක්වීම සඳහා ලබා දේ.

මාස දෙක සම්පුර්ණ වීමෙන් අනතුරුව ,පෝලියෝ එන්නත/ OPV (Oral Polio Vaccine) , DPT Vaccine ( Diphtheria, Pertussis, Tetanus Vaccine), හෙපටයිටිස් B එන්නත (HepB Vaccine) , Haemophilus influenzae type B Vaccine (Hib Vaccine) හා Fractional Inactivated Polio Virus (fIPV) යන ඒවාගේ පළමු මාත්‍රාව ලබා දේ.

  • පෝලියෝ එන්නත, fIPV – පෝලියෝ වෛරසය සඳහා
  • DPT එන්නත – ගලපටල රෝගය ,කක්කල් කැස්ස හා පිටගැස්ම සඳහා
  • හෙපටයිටිස් B එන්නත – හෙපටයිටිස් B වෛරසය සඳහා
  • Haemophilus influenzae type B Vaccine – Haemophilus influenzae B සඳහා

මාස හතර සම්පූර්ණ වීමෙන් පසුව ඉහත එන්නත් සියල්ලේම දෙවන මාත්‍රාව ලබා දේ.

මාස හය සම්පුර්ණ වීමෙන් අනතුරුව ,පෝලියෝ එන්නත/ OPV (Oral Polio Vaccine) , DPT Vaccine ( Diphtheria, Pertussis, Tetanus Vaccine), හෙපටයිටිස් B එන්නත (HepB Vaccine) , Haemophilus influenzae type B Vaccine (Hib Vaccine) යන ඒවාගේ තෙවන මාත්‍රාව ලබා දේ.

මාස නවය සම්පූර්ණ විමෙන් පසුව MMR එන්නත (Measles,Mumps, Rubella Vaccine) හි පළමු මාත්‍රාව ලබා දේ. මෙම එන්නත සරම්ප, කම්මුල්ගාය හා රුබෙල්ලා වෛරසය සඳහා ලබා දේ.

ඉපදී දෙවස වසර තුළදී ලබා ගත යුතු එන්නත්

මාස 12 සම්පූර්ණ විමෙන් පසු Live Japanese Encephalitis (Live JE) එන්නත ලබා දේ. මොළේ උණ සඳහා මෙය ලබා දේ.

මාස 18 සම්පූර්ණ වූ පසු OPV හා DPT එන්නත් වල හතරවැනි මාත්‍රාව ලබා දේ.

පෙර පාසල් අවධියේදි ලබා ගත යුතු එන්නත්

අවුරුදු 3 සම්පූර්ණ වූ පසු MMR එන්නතේ දෙවන මාත්‍රාව ලබා දේ.

පාසල් යන අවධියේදි ලබා ගත යුතු එන්නත්

අවුරුදු පහ සම්පූර්ණ වීමෙදි OPV හා DPT එන්නත් වල පස්වැනි මාත්‍රාව ලබා දේ.

අවුරුදු 10 සම්පූර්ණ වීමේදි මානව පැපිලෝමා වෛරසය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත (HPV) හි පළමු මාත්‍රාවත්, ඉන් මාස 6කට පසුව එහි දෙවැනි මාත්‍රාවත් ලබා දේ.

අවුරුදු 11 සම්පූර්ණ වීමේදි වැඩිහිටි පිටගැස්ම ගලපටල එන්නත (aTd – Adult tetanus Diphtheria Vaccine) ලබා දේ. මෙය DPT හී හයවැනි මාත්‍රාවයි.

දරුවන් ලැබෙන වයසේ පසුවන ගැහැණු ළමුන් හා කාන්තාවන් සඳහා

මීට පෙර MMR (රුබෙල්ලා එන්නතක්) එන්නත ලබා නොගත් අවුරුදු 15 – 44 වියැති සියලුම ස්ත්‍රීන් මෙම MMR එන්නතින් එක් මාත්‍රාවක් අනිවර්‍යෙන් ම ලබාගත යුතුය.

ගර්භනී කාන්තාවන් සඳහා එන්නත්

පිටගැස්ම සඳහා මීට පෙර එන්නත් නොකර ගත් කාන්තාවන් සඳහා පිටගැස්ම සඳහා ටෙටනස් වෛරස ධූලකාභය(Tetanus Toxoid) ලබා දේ.


Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *