Press "Enter" to skip to content

දිනපතා විවිධ ආහාර ගැනීමේ වටිනාකම දැනසිටියාද?

විවිධ වර්ග වලට අයත් ආහාර ගැනීම ජීවිතය තෘප්තිමත් කරයි. නිවැරදි සමතුලිත ආහාරය හා කි‍්‍රයාශීලි දිවි පෙවෙත ඔබගේ ශරීරයේ බර නිසි ලෙස පාලනය කර ගැනීමටත්, නිරෝගි දිවි පැවැත්මටත්, ඔබට උපකාරී වේ. ඔබගේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීම සඳහා ඔබ ප‍්‍රිය කරන විවිධ ආහාර පාන සම්පූර්ණයෙන්ම අත් හැරිය යුතු නොවේ. එනමුදු විවිධත්වයෙන් යුතුව ප‍්‍රමාණය නොඉක්මවා ආහාර ගත යුතුය. විවිධ රසයෙන්, සුවඳින්, නිමාවෙන් සහ වර්ණයෙන් යුතු ආහාර නිර්මාණශීලිව පිළියෙළ කර ගැනීමෙන් සතුටක් අත්විඳීමට පුරුදුවන්න.

Healthy Food Clipart - Download Free Vectors, Clipart Graphics ...

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් තෝරාගන්නේ කෙසේද?

ඔබට නිරෝගී දිවියක් ගත කිරීමට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබා ගැනීමට අවශ්‍ය ආහාර, කාණ්ඩ හයකට බෙදා ඇත. එක් එක් ආහාර කාණ්ඩය මගින් ඔබගේ ශරීරයට අවශ්‍ය විවිධ පෝෂක ලබා දෙයි. දිනපතා විවිධ වර්ගයේ ආහාර නිර්දේශිත ප‍්‍රමාණයන්ගෙන් ඔබගේ ආහාරයෙහි අඩංගු කර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට හැකිය.

ආහාර කාණ්ඩ

ධාන්‍ය සහ අල බතල

What Should I Look for When Buying Whole Grains? - The New York Times

බත්, තිරිගු, කුරක්කන්, බඩ ඉරිගු, මෙනේරි, හාල් පිටි හා තිරිගු පිටි ආශි‍්‍රත නිෂ්පාදන (පාන්, ඉඳිආප්ප, රොටි, පිට්ටු) අල – බතල, මයියොක්කා, ඉන්නල, කිරිඅල, අර්තාපල්, පිෂ්ටය අඩංගු ඵල – කොස්, දෙල්

මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දෛනික කි‍්‍රයා සඳහා අවශ්‍ය ශක්තිය ලබාදෙයි.

පළතුරු

කෙසෙල්, අඹ, ගස්ලබු, අන්නාසි, දොඩම්, පේර, අලිගැටපේර සහ වෙනත් පළතුරු
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබව ලෙඩ රෝග වලින් ආරක්‍ෂා කරයි.

Fruits for Anaemia: Load Up on these 6 Fruits to Boost Your ...

එළවළු

කොළ පාට එළවලු ,කංකුන්, නිවිති, ගොටුකොළ, මුකුණුවැන්න, සාරන, කතුරුමුරුංගා හා මුරුංගාකොළ ඇතුළු වෙනත් පලා වර්ග.
ගෙඩි හා අල සහිත එළවළු – පතෝල, වම්බටු, අලූකෙසෙල්, බණ්ඩක්කා, තක්කාලි, කැරට්, රතුඅල,වැටකොළු, කරවිල යනාදිය.
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබව ලෙඩ රෝග වලින් ආරක්‍ෂා කරයි.

මාළු, මස්, බිත්තර, පියලි හා ඇට වර්ග

Meat Fish And Egg , Png Download - Meat Fish And Eggs, Transparent ...

මාළු වර්ග – මුහුදු මාළු, වැව් මාළු, හාල්මැස්සන්, කරවල, ඉස්සන්, කකුළුවන්
මස් වර්ග – කුකුල් මස්, හරක් මස්, ඌරු මස්, එළු මස් හා සත්ව අක්මා ආදි ඉන්ද්‍රියයන්
බිත්තර – කිකිළි, තාරා හා වටු බිත්තර
පියලි හා ඇට වර්ග – කඩල, මුං, කව්පි, සෝයා, උළු`දු, කොල්ලූ, පරිප්පු හා බෝංචි
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ ශරීරය වර්ධනයත් අළුත් වැඩියාවත් සිදුකරයි.

කිරි හා කිරි නිෂ්පාදන

කිරි, මුදවපු කිරි, යෝගට්, චීස්
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දත් සහ අස්ථි වර්ධනයත්, අළුත්වැඩියාවත් සිදුකරයි.

තෙල් බහුල ඇට සහ බීජ වර්ග

Tips for giving babies peanut-based foods to prevent allergy | CTV ...

පොල්, කජු, රටකජු, කොට්ටන්, වට්ටක්කා ඇට,
පොල්කිරි, පොල් තෙල්, තලතෙල්, පාම් තෙල්, එළවළු තෙල්
බටර්, මාගරින්, මේද තැවරුම් හා ගිතෙල්
මෙම ආහාර කාණ්ඩය මගින් ඔබගේ දෛනික කි‍්‍රයාවන් සඳහා අවශ්‍ය ශක්තිය සපයයි. ශරීරයේ වර්ධනය හා විවිධ පරිවෘත්තිය කි‍්‍රයා ඉටු කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

ආහාර ගැනීමේ අගනා පිළිවෙත

ඉහත සෑම ආහාර කාණ්ඩයකින්ම නියමිත ප‍්‍රමාණයක් දිනපතා ආහාරයට ගන්න. ආහාර කාණ්ඩ එකකින් හෝ දෙකකින් වැඩි ප‍්‍රමාණයක් ආහාරයට ගැනීමට වඩා සෑම කාණ්ඩයකටම අයත් ආහාර වලින් නියමිත ප‍්‍රමාණයන් ගැනීම වැදගත්ය. මෙමගින් සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම ශරීරයට අවශ්‍ය ප‍්‍රමාණයට දිනපතා ලැබෙන බවට තහවුරු වේ.

එක් ආහාර කාණ්ඩයකින් කොතරම් ප‍්‍රමාණයක් ආහාරයට ගත යුතුද?

සෑම ආහාර කාණ්ඩයකින්ම නියමිත ප‍්‍රමාණයක් දිනපතා ආහාරයට ගත යුතු අතර, එය වයස, ස්තී‍්‍ර පුරුෂ භාවය, ශරීරයේ ප‍්‍රමාණය, කි‍්‍රයාකාරී මට්ටම, ජීවන චක‍්‍රයේ විවිධ අවස්ථා සහ වැළඳී ඇති රෝගී තත්ත්ව මත රඳා පවතී.
මෙම ආහාර කාණ්ඩ වලින්, ධාන්‍ය, එළවළු සහ පළතුරු වැඩි ප‍්‍රමාණයකින්ද තෙල් හා මේද අඩු ප‍්‍රමාණයකින්ද ආහාරයට එක්කර ගත යුතු අතර, ආහාර පිරමිඩය මගින් ඔබට දිනපතා ආහාරයට එකතු කර ගත යුතු ආහාර ප‍්‍රමාණයන් පිළිබඳව දළ අදහසක් ලබා ගත හැක.

ආහාර ප‍්‍රමාණයක් යනු කුමක්ද?

සෑම ආහාර කාණ්ඩයකින්ම කොපමණ ප‍්‍රමාණයක් දිනපතා ඔබගේ ආහාර වේලෙහි අඩංගු කරගත යුතු දැයි යන්න පිළිබඳ අවබෝධයක් මෙමගින් ලබා දෙයි. මෙය නිවසේ භාවිතා කරන විවිධ මිනුම් උපකරණ මගින් මැන ගැනීමට පුළුවන.
උදා- බත් පීරිසි කෝප්ප 1 ක් ආහාර ප‍්‍රමාණයන් 1 කට සමානය.
පාන්පෙති 1 (පාන් ගෙඩිය සමාන පෙති 9කට කැපූ විට) ආහාර ප‍්‍රමාණ 1 කට සමානය.
පිසිනලද මාළු ග‍්‍රෑම් 30 ක් ආහාර ප‍්‍රමාණ 1 කට සමානය.

ආහාර ප්‍රමාණයන් blog.dewmal.com

විටමින් හා ඛනිජ ලවණ වල කාර්ය භාරය

ඔබගේ දෛනික කි‍්‍රයාකාරිත්වයන් සඳහා අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ පරිපූරක (කෘතිම විටමින්, පෙති හා සිරප් වර්ග) වලින් ගැනීමට වඩා පෝෂණ ගුණයෙන් යුතු හොඳ ආහාර වේලකින් ලබා ගැනීම සුදුසු බව සලකන්න. සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට අවශ්‍ය විශේෂ පෝෂණ කොටස් ස්වභාවික ආහාර වල මෙන්, මෙවැනි විටමින් හා ඛනිජ ලවණ පරිපූරක වල අඩංගු නොවේ. එහෙත් වෛද්‍ය නිර්දේශය මත අවශ්‍ය විටකදී මෙම පරිපූරක විටමින් හා ඛනිජ ලවණ භාවිතා කිරීමට පුළුවන.

නිර්මාංශ ආහාර වේලක්

7 Fantastic Health Benefits of Eating Vegan | PETA UK

නිර්මාංශ ආහාර වේලක් නියමිත ආකාරයට සියළු පෝෂ්‍ය පදාර්ථ වලින් අංග සම්පූර්ණව පිළියෙල කරගත් විට එය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වනු ඇත. නිර්මාංශ ආහාර ගන්නා අය අතර ප්‍රෝටීන, යකඩ, විටමින් බී 12, කැල්සියම් හා සින්ක් යන පෝෂ්‍ය පදාර්ථ වල ඌණතාවයන් පැවතිය හැකි අතර, විවිධ වර්ග වලට අයත් ආහාර දිනපතා ගැනීමෙන් මෙම තත්වය මග හරවා ගත හැක. දිනපතා තම ආහාර වේලෙහි ධාන්‍ය, පියලි හා ඇට වර්ග හා තෙල් සහිත බීජ අඩංගු කර ගත යුතු අතර, පළතුරු, එළවළු හා තදකොළ පැහැති පළා වර්ග දෛනිකව නිර්මාංශ ආහාර වේලෙහි අඩංගු වීමෙන් සියළු පෝෂක වල අවශ්‍යතාවය සපුරා ගැනීමට පුළුවන. මීට අමතරව කිරි, කිරි නිෂ්පාදන හා බිත්තර අහාරයට ගැනීම ශරීර වර්ධනයට හා අළුත්වැඩියාවට උපකාරී වන අතර, අස්ථි සහ දත් වර්ධනයට අවශ්‍ය පෝෂක සපයයි.

තොරතුරු: ශ්‍රී ලාංකිකයන් සඳහා ආහාර පිළිබඳ උපදෙස් මාලාව

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *