Press "Enter" to skip to content

කාර්බමසපින් – Carbamazepine (Tegretol)

1. Carbamazepine ගැන

කාර්බමසපින් – Carbamazepine යනු අපස්මාරය හෙවත් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදි මී මැස්මොරය යනුවෙන් හඳුන්වන රෝග තත්ව වලට භාවිතා වන ඖෂධයක්. එමෙන්ම දියවැඩියාව නිසා හටගන්නා ස්නායූ වේදනාවලට (Peripheral Neuropathy) මෙන්ම මුහුණේ වේදනාකාරී ස්නායු රෝග අවස්තාවක් වන Trigeminal Neuralgia සඳහාද භාවිතා කරනු ලබයි. ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවය (Bipolar Disorders) නම් රෝග තත්වයට අනෙකුත් ඖෂධ වලින් සුවයක් නොවූ විට කාර්බමසපින් යොදා ගන්නා අවස්තා ඇත.

මේවා ලබා ගත හැක්කේ වෛද්‍ය නිර්දේශයකින් පමණකි. මෙය පෙති, දියර මෙන්ම උපස්ථාපිතක ( ගුද මාර්ගයෙන් ඇතුල් කරන ඖෂධ / Suppository ) ලෙසද ඇත.

මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් පමණක් ලබා ගත හැකි ඖෂධයකි. මෙය කරල්(capsules) හෝ දියර ලෙස භාවිතයේ ඇත. මීට අමතරව එන්නත් ලෙසද ලබා දිය හැකිය. එන්නත් වශයෙන් ලබා දීම සිදුවන්නේ සාමාන්‍යෙන් රෝහල් තුළය.

Carbamazepine Tablets Manufacturer & Supplier India | Buy Online

2. ප්‍රධාන කරුණු

  • කාර්බමසපින් දිනකට එක් වරක් – හතර වරක් අතර ප්‍රමාණයක් සාමන්‍යෙන් වෛද්‍යවරු නිර්දේශ කරනු ලබයි. කෑම සමග හෝ නොමැතිව ලබා ගත හැකිය.
  • මෙහි සුලභතම අතුරු ආබාධ වන්නේ, නිදිමත ගතිය, ක්ලාන්ත ගතිය, හිසරදය හා අසනීප ලෙස දැනීමයි. මේවා ඉතා මද වශයෙන් සාමාන්‍යෙන් ඇති වන අතර, ඉබේම නැති වී යාමේ ඉඩකඩ බොහෝ ඇත.
  • මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල ලැබීමට සති කිහිපයක් ගත වේ.
  • අපස්මාරය සඳහා Carbamezapine ලබා ගන්නා විට, එකම වෙළද නාමයක් යටතේ ඇති ඖෂධ ලබා ගැනීම වැදගත් වේ. පෙර භාවිතා කළ වෙළඳ නාමය යටතේ ඇති ඖෂධ නොමැති නම්, වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

3. කාර්බමසපින් ලබා ගත හැකි හා නොහැකි පුද්ගලයන් කවුද?

Carbamazepine වැඩිහිටියන් ට හා අවුරුදු එකට වැඩි ළමුන්ට ද භාවිතා කළ හැකිය.

නමුත් කාර්බමසපින් සමහර පුද්ගලයන් ට සුදුසු නොවේ. මෙහි වල අහිතකර අතුරු ප්‍රතිඵල වල වලින් ආරක්ෂා වීමට, පහත ලක්ෂණ ඇත්නම් ඔබේ වෛද්‍යවරයාට පවසන්න.

  • කාර්බමසපින් සඳහා හෝ වෙනත් ඖෂධයක් සඳහා හෝ මීට පෙර ආසාත්මික තාවයක් හටගෙන ඇත්නම්.
  • ඔබට හදවත් රෝග ඇත්නම්.
  • රුධිරයේ රෝග තත්වයක් වන porphyria ඇත්නම්
  • ඔබට ඇට මිදුළු ආශ්‍රිත රෝග ඇත්නම්

4. කුමන වේලාවට කෙසේ පාවිච්චි කළ යුතුද?

Carbamazepine යනු වෛද්‍ය නිර්දේශයෙන් ම පමණක් ලබා ගන්නා ඖෂධයක් බැවින්, ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන අයුරින් භාවිතා කිරීම වැදගත් වේ.

(a) මාත්‍රාව

ඔබ ගත යුතු මාත්‍රාව, ඔබ ලබා ගන්නා හේතුව අනුව වෙනස් වේ. සාමාන්‍යෙන් කුඩා මාත්‍රාවකින් (100 mg – 200 mg) ආරම්භ කර , දිනකට එක් වරක් හෝ දෙවරක් ලබා ගැනීමට මුලින් උපදෙස් ලැබෙනු ඇත. ඉන් පසුව සති කිහිපයක් තුළ, සාමාන්‍ය මාත්‍රාව දක්වා ක්‍රමයෙන් වැඩි කරනු ඇත.

සාමාන්‍ය මාත්‍රා

  • අපස්මාරය සඳහා – 800 mg – 1200 mg , දිනකට වරක් හෝ දෙවරක්
  • ස්නායු වේදනාවන් – 600 mg – 800 mg , දිනකට වරක් හෝ දෙවරක්
  • ද්වීධ‍්‍රැව මනෝභාව අක‍්‍රමතාවය – 400 mg – 600 mg, දිනකට වරක් හෝ දෙවරක්

කුඩා දරුවන් ලබා ගත යුතු මාත්‍රාව ඔවුන්ගේ බර අනුව වෙනස් වේ. ඔබේ වෛද්‍යවරයා විසින් දරුවාට අවශ්‍ය මාත්‍රාව නිවැරදිව නියම කරනු ඇති.

(b) භාවිතා කළයුතු ආකාරය

ඔබ දිනකට දෙවරක් කාර්බමසපින් ලබා ගන්නේ නම්, එය දිනය පුරා විහිදී යන ලෙස කාල පරතරයක් තබා ලබා ගන්න. උදාහරණ ලෙස, උදෑසන ම සහ සවස් යාමයේ වශයෙන්. ඔබට මෙය ආහාර සමග හෝ නොමැතිව ලබා ගත හැකිය.

පෙති -ආහාර සමග හෝ නොමැතිව ලබා ගත හැකිය. ජලය සමග පෙති ගිලින්න. මෙම පෙති හරි මැද රේඛාවක් ඇති අතර, ගිලීමට අපහසු නම්, දෙකට කඩා පානය කළ හැකිය.

දියර / පැණි – මාත්‍රාව මැනීමට පෙර බෝතලය හොදින් සොලවන්න. බෝතලය සමග ප්ලාස්ටික් හැන්දක් හෝ සිරින්‍ජයක් ඔබට ලැබෙනු ඇත. එය භාවිතයෙන් නිවැරදි මාත්‍රාව මැන ගන්න. තේ හැඳි හෝ මේස හැදි ආදිය භාවිතා නොකරන්න.

උපස්ථාපිතක – දවටනය ඉවත් කර, ගුද මාර්ගයට සියුම් ව, මෙය ඇතුල් කරන්න. අසුරනයේ ඇති උපදෙස් ද කියවන්න.

(c) ලබා ගන්නා මාත්‍රාව අඩු වැඩි කරන්නේ ඇයි?

ඔබට සරිලන මාත්‍රාව හදුනාගන්නා තුරු, කුඩා මාත්‍රාවකින් ආරම්භ කර, මාත්‍රාව වැඩි කරගෙන යාම සිදුවේ. ඔබට සරිලන මාත්‍රාව හදුනාගැනීමෙන් පසුව, දිගටම එම මාත්‍රාවම ලබා ගත හැකිය. එය වෛද්‍යවරයා තීරණය කරනු ලබයි.

(b) නියමිත වේලාවට ලබා ගැනීමට නොහැකි වුවහොත්?

ඔබ දිනකට වරක් ලබා ගන්නේ නම් – ඔබට මතක් වූ වහාම මග හැරුණු මාත්‍රාව ලබා ගන්න. නමුත් ඊළඟ මාත්‍රාව ලබා ගැනීමට ඇත්තේ පැය 12 කට අඩු කාලයක් නම්, මග හැරුණු මාත්‍රාව ලබා නොගෙන, ඊළඟ මාත්‍ර්‍රාව වේලවාට ලබා ගන්න.

ඔබ දිනකට දෙවරක් ලබා ගන්නේ නම් – ඔබට මතක් වූ වහාම මග හැරුණු මාත්‍රාව ලබා ගන්න. නමුත් ඊළඟ මාත්‍රාව ලබා ගැනීමට ඇත්තේ පැය 8 කට අඩු කාලයක් නම්, මග හැරුණු මාත්‍රාව ලබා නොගෙන, ඊළඟ මාත්‍ර්‍රාව වේලවාට ලබා ගන්න.

මාත්‍රා දෙකක් කිසිදු විටෙක එක්වර ලබා නොගන්න. ඔබට අපස්මාරය ඇත්නම්, නිවැරදිව කාලීනව බෙහෙත් ලබා ගැනීම ඉතා වැදගත් වේ. බෙහෙත් අතපසු කිරීමෙන් පරිග්‍රහණ හෙවත් seizures ඇති විය හැකිය.

ඔබට නිතර ඖෂධ ලබා ගැනීමට අතපසු වේ නම්, Alarm තබා ගැනීම සිදු කළ හැකිය.

(c) ඔබ වැඩිපුර මාත්‍රාවක් Carbamazepine ලබා ගත හොත්?

ඉක්මනින්ම ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් පතන්න. වැඩිපුර Carbamazepine ලබා ගැනීමෙන් ඔබට දරුණු අතුරු ආබාධ ඇති විය හැකිය.

ඔබ වැඩිපුර Carbamazepine ලබා ගෙන පහත ලක්ෂණ ඇත්නම්, වහාම වෛද්‍යවරයෙක් අමතන්න.

  • අසනීප ගතිය හෝ අසනීප වීම (වමනය යාම)
  • ස්වසන අපහසුතා
  • ක්ලාන්තය, කැරකිල්ල, නිදිමත ගතිය
  • කතා කිරීමට අපහසු වීම
  • ඇස් පෙනීම බොදවී යාම
  • බඩ රිදීම
  • ඔබගේ සාමන්‍ය හැසිරීමේ වෙනස්කම් සිදු වීම
  • සිහි මුර්ජා වීම

5. Carbamazepine වල අතුරු ප්‍රතිඵල

සියලුම ඖෂධ මෙන්ම කාර්බමසපින් වලද අතුරු ප්‍රතිඵල තිබෙන නමුත්, සියලු දෙනාට සාමාන්‍යෙන් මේවා ඇති නොවේ.

සමේ පලු / කුෂ්ඨ දැමීම – මේවා කාර්බමසපින්වල සාමාන්‍ය අතුරු ප්‍රතිඵලයකි. සාමාන්‍යයෙන් මේවා බරපතල නොවේ. කෙසේවෙතත්, ඔබ සමේ පලු හෝ රතු පැහැ වී දකී නම්, වහාම වෛද්‍යවරයෙකුට පවසන්න. මන්ද, මෙය ස්ටීවන්ස්-ජොන්සන් සින්ඩ්‍රෝමය (Stevens-Johnson syndrome) ලෙස හඳුන්වන ජීවිතයට තර්ජනයක් වන සමේ තත්වයක් දක්වා වර්ධනය විය හැකිය.

ස්ටීවන්ස්-ජොන්සන් සින්ඩ්‍රෝමය යනු කාර්බමසපින් වල දුර්ලභ අතුරු ආබාධයකි. එය උණ වැනි රෝග ලක්ෂණ ඇති කරයි, ඉන්පසු රතු හෝ දම් පැහැති පලු පැතිරී බිබිලි ඇති වේ. බලපෑමට ලක් වූ සම අවසානයේදී මිය ගොස් ගැලවී ඉවත් වී යයි.
කාර්බමසපින් ආරම්භ කිරීමෙන් පළමු සති 8 තුළ හෝ මාත්‍රාව ඉක්මණින් වැඩි කළ විට එය සිදුවීමට වැඩි ඉඩක් ඇත. කාර්බමසපින් හදිසියේම දින කිහිපයක් නතර කර පෙර මාත්‍රාවම නැවත ආරම්භ කර මාත්‍රාව අඩු නොකර නැවත සෙමින් වැඩි කළ හොත් එය සිදුවිය හැකිය.

Carbamazepine induced Stevens-Johnson syndrome | BMJ Case Reports

ස්ටීවන්ස්-ජොන්සන් සින්ඩ්‍රෝමය වඩාත් සුලභ වන්නේ:

  • ළමුන්ට.
  • පෙර අපස්මාරය සඳහා ලබා ගත් වෙනත් ඖෂධ සඳහා පලු හෝ සම රතු පැහැ ගැන්වීම ඇති වූ පුද්ගලයන් ට.
  • ට්‍රයිමෙතොප්‍රිම් (Trimethoprim) නම් ප්‍රතිජීවක ඖෂධ සඳහා ආසාත්මිකතා ඇති පුද්ගලයන්ට.
  • සෝඩියම් වැල්ප්‍රොඒට් (sodium valproate) නම් ඖෂධයක් ලබා ගන්නා පුද්ගලයන්ට.

ඔබට ස්ටීවන්ස්-ජොන්සන් සින්ඩ්‍රෝමය සමඟ ව්‍යාකූල විය හැකි පලු ඇතිවීම වැළැක්වීම සඳහා, Carbamazepine සමඟ ප්‍රතිකාර කරන පළමු මාස ​​3 තුළ නව ඖෂධ, ආහාර හෝ නිෂ්පාදන ආරම්භ නොකිරීම වඩාත් සුදුසුය. වයිරස ආසාධනයක් හෝ, එන්නතක් ලබා ගෙන හෝ වෙනත් දෙයක් නිසා හෝ ඇති වූ පලු වැනි දේ ඇති විට, එන්නත් ලබා ගෙන හෝ පලු සුව වී සති දෙකක් යන තුරු කාර්බමසපින් ආරම්භ නොකළ යුතුය.

(a) සුලබ අතුරු ප්‍රතිඵල

මේවා 100 කින් එක් අයෙකුට බලපෑ හැකිය. මේවා සාමාන්‍යෙන් ඉබේම ඉවත් වී යයි. මෙම අතුරු ආබාධ ඇති වුවද, ඖෂධ නොනවත්වා ලබා ගත යුතු අතර, මෙම අතුරු ප්‍රතිඵල ඔබව අපහසුතාවයට ලක් කරයි නම් හෝ අතුරු ප්‍රතිඵල ඉවත්ව නොයයි නම්, නැවත වරක් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.:

  • ක්ලාන්තය, මහන්සිය, නිදිමත ගතිය
  • ඔක්කාරය, වමනය, අසනීප ගතිය
  • හිසරදය
  • වියලි මුඛය
  • බර වැඩිවීම

(b) දරුණු අතුරු ආබාධ

දරුණු අතුරු ආබාධ දුර්ලභ වන අතර, මෙම ලක්ෂණ ඇතිවුවහොත් කඩිනමින් ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

  • අසාමාන්‍ය ලෙස ලේ ගැලීම, සම සීරීම, කට ඉදිමීම, ආසාදන ඇති වීම, ශරීරය ඉහළ උෂ්ණත්වයක් ගැනීම හෝ උගුර කැසීම – මේවා රුධිරය ආශ්‍රිත රෝගයක / තත්වයක සලකුණු විය හැකිය.
  • තමන්ගේ ජීවිතයට හානි කර ගැනීමට හෝ සියදිසි නසාගැනීමට සිතීම – මෙය ඉතා සුලු පිරිසකට ඇති වන ලක්ෂණයකි.
  • දරුණු කුෂ්ඨ / පලු සමග, දිය බිබිළි, හෝ තුවාල ඇති වීම – ස්ටීවන්ස්-ජොන්සන් සින්ඩ්‍රෝමයේ සළකුණු විය හැකිය.
  • සම සහ ඇස් කහ පාට වීම – අක්මාවේ රෝගී තත්වයක සලකුණු විය හැකිය.
  • ඔබගේ සන්ධි, මාංශ පේෂි වල වේදනාව, නාසයේ දෙපස හෝ කම්මුල් වල පලු දැමීම හා ස්වසන අපහසුතා – මෙය ලූපස් (Lupus – systemic lupus erthematosus) නම් රෝගයේ සළකුණු විය හැකිය.

දරුණු ආසාත්මිකතා

දුර්ලභ අවස්ථාවලදී දරුණු ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට ඉඩ ඇත. මෙවිට වහාම ළඟම ඇති රෝහලට යා යුතුය.
මෙහි ලක්ෂණ;

  • ඔබගේ සම මර්ග කසන සුලු, රතු පැහැ, ඉදිමුණු ස්වභාවයන් හා සම ගැලවී යාම.
  • පපුවේ මහන්සිය.
  • උරස් කුහරය, උගුර හිර වීම.
  • හුස්ම ගැනීම, කතා කිරීමට අපහසු වීම.
  • මුඛ්‍ය, මූණ, දිව , තොල්, ඉදිමීම.

6. අතුරු ආබාධ ඇති වුවහොත් කුමක් කළ යුතුද?

  • නිදිමත, කරකැවිල්ල හෝ වෙහෙස දැනීම – ඔබට මේ ආකාරයෙන් දැනෙනවා නම් රිය පැදවීම හෝ මෙවලම් හෝ යන්ත්‍රෝපකරණ භාවිතා නොකරන්න. මත්පැන් ඔබට වැඩි වෙහෙසක් ගෙන දෙන බැවින් මත්පැන් පානය කිරීමෙන් වළකින්න. ඔබට කරකැවිල්ල දැනෙනවා නම්, ඔබ කරන දේ නවතා ඔබට සුවයක් දැනෙන තුරු වාඩි වී සිටින්න. ඔබේ ශරීරය Carbamazepine වලට පුරුදු වන විට, මෙම අතුරු ආබාධ නැති වී යා යුතුය. ඒවා සති කිහිපයකට පසු නොයන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.
  • අසනීප ගතිය හෝ අසනීප දැනීම – සරලා ආහාර වේලක් ලබා ගන්න. ඖෂධ ලබා ගන්නා අතර, විශාල හෝ කුලු බඩු මිශ්‍ර ආහාර ලබා නොගන්න. ආහාර ගැනීමෙන් පසුව මෙම බෙහෙත් පානයෙන් ඔබට මෙම ගතිය පහවයාමට උදව් වෙනු ඇත.
  • සෑම විටම ජලය පානය කරන්න. වෛද්‍යවරයකු සමඟ කතා නොකර වමනයට ප්‍රතිකාර කිරීම සඳහා වෙනත් ඖෂධ ලබා නොගන්න.
  • හිසරදය – ඔබ විවේක ගැනීමට හා තරල බොන්න වග බලා ගන්න. අධික ලෙස මත්පැන් පානය නොකරන්න. වේදනා නාශකයක් නිර්දේශ කිරීමට ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්න. හිසරදය සතියකට වඩා දිගු නම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.
  • වියළි මුඛය – සීනි රහිත චුයින්ගම් හෝ සීනි රහිත රසකැවිලි උරා ලබා ගැනීමට උත්සාහ කරන්න.
  • බර වැඩි වීම – ප්‍රමාණයන් වැඩි නොකර, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් අනුභව කිරීමට උත්සාහ කරන්න. කේක්, බිස්කට් සහ රසකැවිලි වැනි කැලරි විශාල ප්‍රමාණයක් අඩංගු ආහාර අනුභව නොකරන්න. ඔබට ආහාර අතර කුසගින්නක් දැනේ නම්, පළතුරු සහ එළවළු සහ අඩු කැලරි සහිත ආහාර අනුභව කරන්න. නිතිපතා ව්‍යායාම කිරීමද ඔබේ බර ස්ථාවරව තබා ගැනීමට උපකාරී වේ.

7. ගර්භනී සහ මව්කිරි ලබා දෙන මව්වරුන්

(a) ගර්භනී මව්වරුන්

නූපන් දරුවෙකුට කාබමසපින් හානිකර බවට ස්ථිර සාක්ෂි නොමැත. කෙසේ වෙතත්, ආරක්ෂාව සඳහා ඖෂධයේ වාසි එහි අවදානම් වලට වඩා වැඩි නම්, ඔබගේ වෛද්‍යවරයා ඔබට Carbamazepine ලබා දෙනු ඇත. ගර්භණී සමයේදී ඔබ සහ ඔබේ දරුවා හොඳින් සිටීම වැදගත් ය. කාර්බමසපින් ගන්නා අතරතුර ඔබ ගැබ් ගන්නේ නම්, වහාම ඔබේ වෛද්‍යවරයාට හෝ හෙදියට කියන්න. මුලින්ම ඔබේ වෛද්‍යවරයා සමඟ කතා නොකර එය ගැනීම නතර නොකරන්න.

ඔබට අපස්මාරය තිබේ නම්, ගර්භණී සමයේදී එය ඔබට සහ ඔබේ නූපන් දරුවාට හානියක් විය හැකි බැවින් ප්‍රතිකාර කිරීම වැදගත්ය.

(b) කිරිදෙන මව්වරුන්

ඔබේ දරුවා නිරෝගී බව ඔබේ වෛද්‍යවරයා පැවසුවහොත්, ඔබ මව්කිරි දෙන අතරතුර කාර්බමසපින් ගත හැකිය. නමුත් මව්කිරි වලට කාර්බමසපින් ඇතුල් වන අතර, දරුවන්ට වැඩි පුර නිදා ගැනීම, අසනීප ගතිය වැනි අතුරු ආබාධ ඇති වූ බවට වාර්තා වී ඇත. කෙසේ වෙතත්, ඔබව හොඳින් තබා ගැනීම සඳහා කාබමසපින් දිගටම ගැනීම වැදගත්ය. ඔබේ වෛද්‍යවරයා සමඟ කතා නොකර එය ගැනීම නතර නොකරන්න. මව්කිරි දීමෙන් ඔබටත් ඔබේ දරුවාටත් ප්‍රයෝජන ලැබෙනු ඇත.

ඔබේ දරුවා සුපුරුදු පරිදි කිරි නොබොයි හෝ වැඩි පුර අසාමාන්‍ය ලෙස නිදා ගනීනම්, ඉතා ඉක්මනින් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

8. වෙනත් ඖෂධ සමඟ සැලකිලිමත් වීම

කාර්බමසපින් සමඟ ලබා ගතහොත් හානී දායක ලෙස ක්‍රියා කරන ඖෂධ ඇත. ඔබ පහත ඖෂධ භාවිතා කරන්නේ නම්, කාර්බමසපින් ලබා ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයාට ඒ බව පවසන්න.

  • Warfarin, Apixaban, Rivaroxaban
  • Diltiazem
  • Clarithromycin, Erythromycin, Fluconazole
  • Amitriptyline, Citalopram, Mirtazapine
  • Ciclosporin, Tacrolimus, Sirolimus
  • Dasubavir හෝ Ritonavir
  • Monoamine oxidase inhibitor
  • කාර්බමසපින් Tramadol, oxycodone හා buprenorphine වැනි ප්‍රබල වේදනානාශක වල ක්‍රියාව අඩපණ කරයි.

Paracetamol හෝ Ibuprofen සමග කාර්බමසපින් කෙටි කාලයකට ක්‍රියා කළ හැකිය, දීර්ඝ ව ලබා ගැනීමට අවශ්‍ය නම්, වෛද්‍යවරයෙකු හමුවන්න.

කාර්බමසපින් සමග මානසික අවපීඩනයට, ආයුර්වේද පිලියමක් වන St John’s wort ලබා නොගන්න. එමගින් කාර්බමසපින් වල ක්‍රියාකාරීතවය අඩපණ වේ.

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *