Press "Enter" to skip to content

දරුවෙක් පිළිසිඳ ගැනීමට පෙර දැන ගත යුතු දේ

ගර්භනී කාලයේ ඔබගේ ජීවිතය විශේෂිත කාල වකවානුවකි .ඒ සඳහා හොඳින් සූදානම් ව මුහුණ දීම ඔබගේත් දරුවාගේත් සෞඛ්‍ය ආරක්ෂාවට හේතු වේ . ඔබගේ දරුවා පිලිසිද ගැනීමට ප්‍රථම ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසී අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි ය .

පරිසරයෙන් ඇති අවදානම අවම කිරීම

ඔබ රාජකාරි කරන ස්ථානය හෝ නිවසේ රසායනික ද්‍රව්‍ය විසබීජ හෝ විකිරණ විකිරණශීලී ද්‍රව්‍ය සමග ගැටේ නම් ඔබගේ ගර්භනී කාලයේදී එවන් ස්ථාන වලින් ඈත් වී සිටින්න.

ආහාර

දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ එළවළු පලතුරු සහ කිරි අඩංගු සමබල ආහාර වේලක් ලබා ගැනීමට උත්සාහ දැරිය යුතු ය .දරුවාගේ වර්ධනයට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ඛනිජලවණ අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීමට මෙය හේතු වේ.

ෆෝලික් අම්ලය

කලලයේ ඇති වන මධ්‍ය ස්නායු පද්ධතිය සම්බන්ධ අසාමාන්‍ය තත්ත්වයන් වළක්වා ගැනීමට ෆෝලික් අම්ලය උදව් වේ. ඔබ දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වෙන කාලයේ සිටම පෝලික් අම්ලය ෆෝලික් අම්ලය පෙති දිනපතා භාවිතා කිරීම යෝග්‍ය වේ. ස්නායු ආබාධ සහිත දරුවන් ඉපදීමට වැඩි ඉඩකඩක් ඇති මව්වරුන් සදහා සදහා ඉහල මාත්‍රාවකින් ෆෝලික් ඇසිඩ් ලබා දීම සිදු කෙරේ .

ශරීරයේ බර

ඔබ තරබාරු බවින් පෙළෙන්නේ නම් පිළිසිඳ ගැනීමකට පෙර බර අඩු කර ගැනීම යෝග්‍ය වේ . බර අඩුකර ගැනීමෙන් නොමේරු ළදරුවන් බිහිවීමේ ආදායම අඩු වීම ,දිය වැඩියාව ,සිසේරියන් ශල්‍ය කර්මය කිරීමට සිදු වීම ,අධි රුධිර පීඩනය ආදී රෝග තත්වයන්ගෙන් අවදානම අඩු වීම මෙන්ම දරු පිළිසිඳ ගැනීමකට අවස්ථා වැඩි වීම ද සිදුවේ .
මෙලෙසම නියමිත ශරීර බර ප්‍රමාණය නොමැති මවුවරුන්ට දරු පිරිස ද ගැනීම දුෂ්කර විය හැකිය.
ඔබ ශරීරයේ බර පිළිබඳ ව ගැටලුවකින් පසුවන්නේ නම් දරු පිළිසිඳ ගැනීමකට ප්‍රථම ආහාර නිරීක්ෂකයකු ගේ වේ (Dietician) සහාය ලබා ගන්න .

ව්‍යායාම

ඔබ දිනපතා සාමාන්‍ය ව්‍යායාම වල නිරත වන්නේ නම් ඔබගේ ව්‍යායාම දිගටම පවත්වා ගෙන යා හැකිය . ඔබ දැනට ව්‍යායාම නොකරන්නේ නම් දරු පිළිසිඳ ගැනීමකට ප්‍රථම සාමාන්‍ය ව්‍යායාම ආරම්භ කළ හැකි ය .ගර්භනී කාලයේදී ශරීරය අධික ලෙස වෙහෙස කරන ව්‍යායාම හෝ අනෙකුත් ක්‍රියාකාරකම් වල යෙදීම නොකල යුතුය .

හුමාල ස්නානය කිරීම (Sauna) හෝ අධි උණුසුම සහිත නාන තටාක (Bath Tubs) භාවිතය ගර්භනී කාලයේ දී නොකළ යුතුය.

මද්‍යසාර හා දුම්බීම

මද්‍යසාර, දුම්පානය හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඔබගේ දරුවාගේ උපත් ආබාධ ඇති වේ. ඔබ මේවාට ඇබ්බැහි වී සිටී නම් එයින් මිදීමට වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්න .

ඖෂධ

සියලුම ආකාරයේ ඖෂධ හැකිතාක් අඩුවෙන් භාවිතා කිරීමට උත්සාහ කළ යුතු ය. ඔබ දිනපතා ඖෂධ ගන්නේ නම් ඒවා වෛද්‍ය උපදෙස් අනුව පමණක් භාවිතා කළ යුතු ය .

කල් පවතින රෝගාබාධ

ඔබ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග ආදී කල් පවතින රෝගාබාධ වලින් පීඩා විඳින්නේ නම්, දරු පිළිසිඳ ගැනීමකට පෙර ඔබගේ වෛද්‍යවරයා මුණ ගැසීම අනිවාර්යය වේ .

බෝ වෙන රෝග

ගර්භනී කාලයේදී ප්‍රථම මාස තුන තුළ වැළඳෙන සමහර වෛරස් රෝගාබාධ , ඔබ කුස තුළ තුළ සිටින දරුවාට අහිතකර ලෙස බලපෑ හැක . රුබෙල්ලා සහ පැපොල සෑදීම වැළැක්වීමට එන්නත් ලබා ගත හැකිය .ඔබ මීට පෙර මෙම එන්නත් ලබා ගෙන නොමැති නම් ගැබ් ගැනීමට අවම වශයෙන් මාස තුනකටවත් පෙර මේ එන්නත් ලබා ගන්න .
හෙපටයිටිස් රෝගය සදහා එන්නත් ලබා ගැනීම ,ඔබ රෝගය වැළඳීමේ අවදානම් කාණ්ඩය තුළ සිටී නම් කළ යුතු ය . දැනට රුබෙල්ලා සහ හෙපටයිටිස් සඳහා වන එන්නත් ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට ඇතුළත් කොට ඇත.

වයස

මවගේ වයස වැඩි වීමත් සමග ඔබගේ දරුවාට බලපෑ හැකි වර්ණ දේහ සම්බන්ධ රෝගාබාධ වල ඉහළ යාමක් දැකිය හැකි ය . මීට අමතරව ඔබේ සරු භාවය අඩු විය හැකිය . ගබ්සා වීම් , ෆයිබ්‍රොයිඩ් , දියවැඩියාව අධික රුධිර පීඩනය ආදී රෝගාබාධ සඳහා අවදානම ඉහළ යයි .මේ හේතුන් නිසා වයස අවුරුදු 35 වීමට ප්‍රථම ඔබගේ පවුල සම්පූර්ණ කිරීමට උත්සාහ ගන්න .

ජානමය රෝග පිළිබඳව උපදෙස්

ඔබ මීට පෙර අවස්ථාවලදී ජානගත රෝග වලින් පෙළෙන දරුවන් ලැබී තිබේ නම් හෝ ඔබගේ පවුලේ ජානගත රෝග තිබේ නම් (තැලසීමියා වැනි) නැවත පිලිසිද ගැනීමට පෙර ජානමය රෝග පිළිබඳ උපදෙස් ලබා ගැනීම යෝග්‍ය වේ. ඔබ තැලසීමියා රෝගය බහුලව දැකිය හැකි කුරුණෑගල වැනි ප්‍රදේශයක පදිංචි කෙනෙකු නම් ඔබගේ සහ ඔබගේ සහකරුගේ රුධිර පරීක්ෂාවන් විවාහයට පෙරම සිදුකර සිදුකරගැනීමේ යෝග්‍ය වේ.

තොරතුරු: කාසල් වීදියේ කාන්තා රෝහල

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *