ජංගම දුරකථනය අප සියළු දෙනාගේ එදිනෙදා ජීවිත වල නැතිවම බැරි අංගයක් වී හමාරයි. ඒ වගේම දවසකට ජංගම දුරකථනය සමඟ ගත කරන කාල සීමාව ද සැලකිය යුතු වැඩි වීමක් දකින්න පුළුවන්. ඉතිං අපි කැමතී අපේ ෆෝන් එක උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරනවා නම්. ඒ හිංදාම අපි පුරුදු වෙලා ඉන්නවා අනවශ්‍ය ෆයිල්ස්, ෆොටෝස් ඩිලීට් කරලා සොෆ්ට්වෙයා අප්ඬේට් කරලා ඩිවයිස් එක ක්ලීනප් කරලා තියාගන්න. නමුත් කාගේන් හරි ඇහුවොත් කවදාද අන්තිමට තමන්ගේ ෆොන් එක් පිහදාලා පිරිසිදු කලේ කියලා, සමහරවිට සැලකිය යුතූ කාලෙකින් ඒ වගේ දෙයක් කරලා නැතිවෙන්න පුළුවන්.
මේ දවස්වල තියෙන කොවිඞ් 19 තත්වයත් එක්ක පර්සනල් හයිජින් කියන දේ ගොඩක් වෙලාවට කතා කරන මාතෘකාවක් වෙලා තියෙනවා. ෆෝන් එක කියන්නේ අපේ දෛනික ජීවිතයේ වැදගත් කොටසක් නිසා ඒකේ මතූපිට පවිත්‍රතාවය කියන්නෙත් අපි හැමදෙනාගෙම අවධානය යොමු වෙන්න ඕන පැත්තක්. කොවිඞ් 19 තත්වය ඇරුණාම සාමාන්‍ය පරිසරයේ ඉන්න ලෙඩ රෝග හදන ක්ෂුද්‍ර ජීවින්ගෙන් ආරක්ෂා වෙන්න වගේම ගොඩක් දෙනේක්ට තියෙන කූරුලෑ ආසාදන වලටත් මොබයිල් ෆොන් එකේ පවිත්‍රතාවය හේතු වෙන්න පුළුවන්. එම නිසා අපේ ජංගම දුරකථනයේ මතුපිට නිවැරදිව පිරිසිදු කරගන්නා ආකාරය දැනගෙන සිටීම වැදගත්.
ජංගම දුරකථනය පිරිසිදු කරගැනීමේ පියවර
මෙහිදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා.
වැදගත්ම දෙයක් තමා අනවශ්‍ය ලෙස ජංගම දුරකථනය තෙත් කිරීමෙන් වැලකිය යුතුයි. ඒ වගේම දුරකථනයට හානි දායක රසායනික ද්‍රව්‍ය (උදා: සාමාන්‍ය වීදුරු හෝ අනෙක් පිරිසිදුකාරක, හයිඩ්රජන් පෙරොක්සයිඞ්, සීරෙන සුළු පිරිසිදු කිරීම් කාරක) භාවිතා කිරීමෙන් වැලකී සිටීමට වගබලා ගතයුතුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- පිරිසිදු කපු රෙදි කැබැල්ලක්
- 70% අයිසො ප්‍රොපිල් ඇල්කොහොල් (50 මි.ලී.)
- පිරිසිදු ජලය (50 මි.ලී.) – නල ජලය හෝ කිවුල් ජලය භාවිතයෙන් වලකින්න
- පිරිසිදු කොට්න් ස්වැබ් කීපයක්
පලමුවෙන්ම ජංගම දුරකථනය විදුලි සැපයුම් වලින් විසන්ධි කර ක්‍රියා විරහිත කරන්න. අනතුරුව බැක් කවර් එකක් යොදා ඇතිනම් එය ඉවත් කරන්න.
දැන් 70% අයිසො ප්‍රොපිල් ඇල්කොහොල් සහ ජලය 1:1 අනුපාතයෙන් මිශ්‍ර කරගන්න.
අනතුරුව රෙදි කැබැල්ල මිශ්‍රණයේ පොඟවා හොඳින් මිරිකා හැර එයින් ජංගම දුරකථනය හොදින් පිසදමා ගන්න.
කිසිවිටකත් මිශ්‍රණය ඍජුවම ඩිවයිස් එක මතට යෙදීම සිදු නොකල යුතුයි.
කැමරා මුහුණත, අනෙකුත් පොර්ට්ස් සහ බටන්ස් තියෙවා නම් ඒවා පිරිසිදු කරගන්න කලින් කියපු ද්‍රාවණයෙන් පොඟවා ගත් කොට්න් ස්වැබ් එකක් පාවිචි කරන්න පුළුවං. මේ ආකාරයට පිරිසිදු කරගත් ජංගම දුරකථනය විනාඩි 15 ක් පමණ වියලෙන්නට හරින්න. ඒ අතරතුර බැක් කවර් එක සහ අනෙක් ඉයර් බඞ්ස්, හැන්ඞ්ස් ෆී්ර සහ අනෙකුත් ඇක්සසරීස් තියෙනවා නම් ඒවාත් ඉහත ආකාරයටම රෙදි කැබැල්ල භාවිතා කර හොදින් පිසදමා ගන්න. සියල්ලම විනාඩි 15 ක් පමණ වියලෙන්නට තබා ගැනීමෙන් අනතුරුව ඩිවයිස් එක නැවතත් භාවිතයට සුදුසුයි.
මේ ක්‍රියාවලිය සතියකට වරක් සිදුකිරීම මඟින් ඔබගේ ජංගම දුරකථනය සෞඛ්‍යාරක්ෂිතව පාවිචි කිරීම සිදුකලහැකියි.
Agriculture Professional, Content Writer
sanitizer භාවිතා කරල පුලුන් කෑල්ලකින් පිරිසිදු කරන එක කොහොමද?
ඒකත් හොදයි.