Press "Enter" to skip to content

COVID19 ඔබේ මනස අවුල් කරලද?

වෙනදාට වඩා වැඩි කාලයක් ගෙදරට වී සිටීම නිසා ඔබේ මනස අවුල් වෙලාද? හේතුවක් නැතිවත් කේන්ති යනවාද? ඔබ ඒ ගැන කලබල වෙලාද? ඉතින් එය කලබල විය යුතු දෙයක් නොවේ. බොහෝ කාලයක් එකම ස්ථානයක ඔබේ සුපුරුදු ජීවන රටාවෙන් මිදිල ඉන්න නිසයි එවැනි දෙයකට මුහුණ දීමට ඔබට සිදු වී ඇත්තේ. අපගේ සුපුරුදු කාර්‍යබහුල ජීවන රටාවෙන් මිදිල අපේ ගෙදර අය එක්ක කාලය ගත කරන එක වඩා හොඳ බව සිතුනත් ටික කාලයක් යන විට එය එපා වෙන්නෙ, ඔබේ පෙර පරිසරය හෝ ඔබේ වත්මන් වටපිටාව හා ඔබේ හිත ඔබට ලබා දෙන යම් යම් කරුණු කාරනා නිසා, එනම් ඔබ දරුවන් සිටින ඉතා වගකීම් සහගත කෙනෙක් නම් ඔබට ආර්ථික ප්‍රශ්න පැන නැගෙන්නට පුළුවන්, ඒ වගේම ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම් ඔබේ උපාධිය නිමා වීමට කල් යන බව දැනීම වෙන්නට පුළුවන්, ඔබ ගෘහනියක් නම් ඔබේ එදිනෙද කටයුතු වැඩි වීම වගේම ඔබ ආදරය කරන කෙනෙක් නම් ඔබේ සහකරු සහකාරිය මුන ගැසීමට නොහැකි වීම පවා මෙයට හේතුවන් වෙන්නට පුළුවන්, ඉතින් ඒ කෙසේ වෙතත් ඔබට මේ තියන ප්‍රශ්න, එහෙම නැතිනම් මේ හිතට වදදෙන ගැටළු ගැන අවබෝධයක් තිබෙනවා නම් ඔබේ මනසට ව්‍යාකූල ස්වභාවයෙන් එලියට එන එක එතරම් ගැටළුවක් නම් නොවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ අප ශාරීරික සෞඛ්‍ය වාගේම මානසික සෞඛ්‍ය සඳහාද මේ කාලයේ වැඩි ඉඩක් දිය යුතු බවයි.මන්ද මේ ඇඳිරි නීතීය පැවැත්වූ කාලය වගේම සමාජ දුරස්ථ භාවය පවත්වාගෙන යන මේ කාලයේත් බිය, කනස්සල්ල, ආතතිය, වගේම සමහර අවස්ථා වලදී අවිනිස්චිත භාවය හා නොදන්නා බව වගේ හැඟීම් අදහස් අපිට ඇති වෙන්න පුළුවන් වගේම ඔබට එවැනි අත්දැකීම් දැනටමත් ඇති.

ඔබ තවමත් පාසල් යන දරුවෙකු හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවක නම්, නිවසේ තාමත් රැඳී සිටිනවා නම්, ඉතින් මේ අධ්‍යාපන ආයතන පටන් ගන්නා දිනයකුත් ඔබ නොදන්නේ නම්, (සැබවින්ම මාධ්‍යෙන් පවා එම දිනයන් ගැන හෝඩුවාවක් හෝ නොලැබීම ඔබව දැනටමත් කනස්සල්ලට පත් කරල ඇති) ඔබට කරන්න පුළුවන් මොන වගේ දේවල්ද?

  • බොහෝ දෙනෙක් මේ දින වල කොහෙන් හෝ ලැබෙන චිත්‍රපට, කාටූන්, ටෙලිනාට්‍ය වැනි දේ බලන්නට පටන් අරන්, ඉතින් ඔබ සිතනවාද මේ බලන හැම දෙයක්ම ඔබේ මනසට හිතකර යැයි කියල, ඇත්තෙන්ම එය එසේ නැත. සමහර චිත්‍රපට වල එන සිදුවීම් ඔබේ මනස බොහෝ ලෙස කනස්සල්ලට පත් කරන හෝ ආතතියට ලක් කරන ඒවා වෙන්න පුලුවන්, එසේ නම් එවැනි ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීම හෝ නැරඹීම සීමා කරන්න. ආතතිය, පීඩනය අඩු කරගන්න හාස්‍ය උත්පාදක දේවල් කියවන්න වගේම නරඹන්න. ඒවා ඔබට සැහැල්ලුවෙන් ඉන්න උදව් කරාවි
  • සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට සිදු වී ඇති නිසා ඔබේ මිතුරන් හා සම්බන්ධ වීමට සමාජ මාධ්‍ය භාවිතා කරනවා වගේම ඔවුන් හා සුහදව සෑම විටම කටයුතු කරන්න. මන්ද ඔබ වගේම ඒ අයත් මේ මානසික ආතතිය පීඩනය වගේ දේවල් වලින් පෙළෙනවා.
  • ඒ වගේම, අපි හැමෝටම කාලෙක ඉඳන් පවත්වගෙන ආපු නමුත් කාර්‍යබහුල වීම නිසා මඟහැරුණු විවිධ වැඩ තියෙන්නට පුළුවන්, උදාහරණ විදිහට පොත් කියවීම, වගා කිරීම, මල් වැවිම, මැහුම් ගෙතුම් වගේම, බ්ලොග් ලිවීම,චිත්‍ර ඇඳීම වැනි දේවල් ආයෙම පටන් ගන්න මේ හොඳම කාලයයි
  • ඒ වගේම ඔබට පුළුවන් ඔබ ඉගෙන ගත් දැනුම යාවත් කාලීන කිරීම වගේම අලුත් දේවල් අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න.

ඔබ වැඩිහිටි පුද්ගලයෙක් නම් මේ වන විටත් ඔබ රැකියා සඳහා නිවසින් පිටවෙලා යනවා ඇති, නමුත් වෙනදා රටාවට නැතිව සමාජ දුරස්ථභාවය රැකගනිමින් අලුත් ආකාරයකට. එය ඔබට නුපුරුදු වූවත් තමාගේ සේම අනෙකාගේද සෞඛ්‍ය ගැන සිතා බලා ඔබ විසින්ම බල ගැන්විය යුතු දෙයක්. කෙසේ වූවත් ඔබ වෙනදාට වඩා වැඩි කාලයක් නිවසේ රැඳෙන නිසා ඔබගේ මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමට කල හැකි දේවල් බොහෝමයක් ඇත. ඉතින් අවශ්‍ය වන්නේ ඔබට ඔබේ මානසික සෞඛ්‍ය ගැන හොඳ අවබෝධයත් හා කැපවීමත් පමණි.

  • හැකි සෑම විටම සමබල ආහාර වේලක් ඔබත් ඔබේ පවුලේ අයටත් ලැබෙන්නට සලස්වන්න. අප කවුරුත් දන්නා දෙයක් නම් මේ දිනවල දෛනික වැටුප් ක්‍රමයට රැකියා කරන පුද්ගලයන් සිටින පවුල් විශාල වශයෙන් ආර්ථික දුෂ්කරතා වලට මුහුන පාන බව. ඔබට හැකි නම් එම පවුල් සඳහා හැකි පමණින් උපකාර කල හැකි සේම එයට ඔබගේ දරුවන්ගේ අදහස් විමසීම මඟින් ඔවුන්ට ආදර්ශමත් වැඩිහිටියන් වීමට ඔබට හැකිය.
  • ඒ වගේම මාධ්‍ය භාවිතයේදී ඔබ බොහෝ සැලකිලිමත් විය යුතු වාගේම නිරවද්‍ය නොවන පුවත් ගැන අවධානයෙන් සිටීමෙන් ඔබේ දෛනික කටයුතු වඩාත් පහසු වනු ඇත.
  • ලෝක සෞඛ්‍ය සංවිධායනයේ සමීක්ෂණ අනුව ඔවුන් පවසන්නේ ලොව බොහෝ රටවල් වල ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වෛරසයත් සමඟ වැඩි වී ඇති බවත් එය මෙම මානසික ආත්තිය හා වෙනත් මානසික සෞඛ්‍ය පිරිහීමට වැඩි බලපෑමක් කර ඇති බවත්ය, ඉතින් නිවසේ සියලු දෙනා සමඟ එක්ව ගත කරන මේ කාලය ස්වභාව ධර්මයා ඔබට ලබා දුන් අවස්තාවක් ලෙස සලකා සියලු දෙනා සමඟ ආදරයෙන්, සහයෝගයෙන් හා මනා අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ඔබට කල හැකි සේම එය ජීවිත කාලය පුරාම පවත්වාගෙන යාමද ඔබේ යුතුකමක් කොට සැලකීම තවත් අගනේය.

ඔබ දැනටමත් මේ ආකාර වලින් හෝ යම් ආකාරයකින් ඔබේ මානසික ආතතිය,පීඩනය හෝ වෙනත් මානසික සෞඛ්‍ය පිරිහීමකට හෝ ලක් වී සිටින්නේ නම් , ඔබට කල හැක්කේ කුමක්ද?

  • ඔබට කල හැකි වඩාත් පහසුම හා උචිතම දෙයක් නම් ඔබට ඇති ගැටලු හා ඔබ පීඩා විඳින දේවල් ඔබේ සමීපතම පුද්ගලයෙකු හට පැවවීමයි. ඉතින් ඔබ ඒ සවන් දෙන්නා නම් ඔබට කල හැකි හොඳම දේ නම් ඇයට/ඔහුට එම ගැටලු වලින් පිටතට ඒමට උදව් කිරීම හෝ එසේ කල හැකි ක්‍රමයකට එම පුද්ගලයාව යොමු කිරීමයි. එම ආයතන හා තොරතුරු මෙලෙස වේ,
  • ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (National Institute of Mental Health) මානසික සෞඛ්‍ය උපදේශන සේවාව, මෙය පැය 24ම දිනපතා විවෘතව ඇති ගාස්තු රහිත සේවාවකි.
  • ශ්‍රී ලංකා සුමිත්‍රයෝ, මෙය දිනපතා උදේ 9 සිට පස්වරු 8 දක්වා විවෘතව පවතින ගාස්තු රහිත සේවාවකි –
  • ශ්‍රි ලංකා පවුල් සංවිධාන සංගමයේ (Family Planning Association of Sri Lanka(FPA)) ආලෝකය උපදේශන සේවාව –
  • මානසික සෞඛ්‍ය පිළිබඳ ජාතික සභාවේ (National Council for Mental Health) ‘සහනය’ උපදේශන සේවාව – දු. 0112685960 / 0114339606/7 සඳුඳා සිට සිකුරාදා දක්වා උදේ 8.30 සිට පස්වරු 4 දක්වා විවෘතව ඇති මෙම සේවාව ගාස්තු රහිත වේ.

වෙබ්- http://www.ncmh.lk/index.htm
මුහුණුපොත- https://www.facebook.com/National-Council-for-Mental-Health-Sahanaya-1650224628537253/

අමතර කියවීම් –

https://m.facebook.com/story.php?story_fbid=2909952425718189&id=171788632867929

https://m.facebook.com/story.php?story_fbid=511888392921674&id=443679156409265

https://m.facebook.com/story.php?story_fbid=2095088694133048&id=1546324912342765

https://twitter.com/_EQUALGROUND_/status/1245243389928296449?s=19

Article by,
Nilupuli Nayanathara Jayathilaka – SRHR Activist

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *