ගර්භණී සමයේදී ප්‍රථම වතාවට රුධිරයේ සීනි මට්ටම, පමණට වඩා ඉහළ අගයක ඇති බව හඳුනාගැනීම, ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව ලෙස හඳුන්වනු ලැබේ .
මෙය ගර්භණී සමයේ ප්‍රථම වතාවට හඳුනාගත් පෙර සිට පැවති දියවැඩියා තත්වයක් වුවද විය හැක.

මෙම තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද ?
• ගර්භණී වූ වහාම නිරාහාර ව සිදු කරන සීනි පරීක්ෂාව හෝ HbA1C හෝ ග්ලූකෝස් පානයෙන් පසු කරන සීනි පරීක්ෂාවට යොමු විය යුතුය.
• මෙම පරීක්ෂාව සාමාන්‍ය අගයක පවතී නම් දරු ගැබට සති 22 – 24 පිරුණු පසු නැවතත් පරීක්ෂාවකට භාජනය වීම සුදුසු වේ .
ඔබ ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් හෝ ඔබට ගර්භණීභාවයට කලින් දියවැඩියා රෝගී තත්ත්වයක් පවතී නම් ඇතිවිය හැකි සංකූලතා
මවට
• ගබ්සා වීම හා මළ දරු උපත්
• නිරතුරුව ආසාදන ඇති වීම
• ගර්භණී අධි රුධිර පීඩනය
• දරු ප්‍රසූතියේ දී ඇති විය හැකි සංකූලතා

දරුවාට
• දරුවාගේ බර අනවශ්‍ය ප්‍රමාණයට ඉහළ යාම
• අලුත උපන් බිළින්දාගේ සීනි මට්ටම පහළ යාම
• බිලිදාගේ සම සහ ඇස් කහ පාට වීම
• සංජානනීය ආබාධ
දියවැඩියාවෙන් පෙළෙන ඔබ ගර්භණී වීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට නිරෝගී දරුවකු ලබා ගැනීමට හැක. මේ පිළිබඳව ඔබගේ දියවැඩියා වෛද්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කරන්න.
• ගර්භණී වීමට පෙර ඔබගේ HbA1C අගය 6.5 ට වඩා අඩුවෙන් හෝ ඊට ආසන්න අගයක පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. එතෙක් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.
• දියවැඩියා වෛද්‍ය කණ්ඩායම විසින් ඔබ ඔබ දැනට ගන්නා ඖෂධ වර්ග වෙනස් කර ගර්භණී තත්ත්වයට හිතකර Metformin මෙට්ෆෝමීන්, ඉන්සියුලින් වැනි ඖෂධවලට මාරු කරනු ලැබේ.
• එමෙන්ම දරුවාට ඇතිවිය හැකි සමහර සංජානනීය ආබාධ වළක්වා ගැනීමට, ඔබට ෆෝලික් අම්ල පෙති ගර්භනීය වීමට අවම වශයෙන් මාස තුනකට කලින් ලබා ගැනීම වැදගත් වේ.
ඔබ ගර්භණී සමයේ ඇති වෙන දියවැඩියාවෙන් පෙළෙන්නේ නම්

සමතුලිත ආහාර වේලක්
• ප්‍රධාන ආහාර වේල් තුනක් හා එයින් පැය දෙකකට හෝ තුනකට පසු අතරමැද කෙටි ආහාර වේල් තුනක් ලබා ගන්න.
• ආහාර වේල මඟ හැරීම හා ප්‍රමාද කිරීම අවම කරන්න .
• සීනි සහිත ආහාර හා බීම වර්ග භාවිතය අවම කරන්න.
ව්‍යායාම
• ගර්භනී ඔබට දවසකට විනාඩි තිහක් පමණ ඇවිදීම පිහිනීම වැනි ව්‍යායාම ව්‍යායාමයක නිරත වීම සුදුසු වේ.
• මීට අමතරව සෑම ප්‍රධාන ආහාර වේලකට පසුව විනාඩි දහයක් පමණ ඇවිදීම සුදුසු වේ.
ප්‍රතිකාර
• ඔබගේ වෛද්‍යවරයා විසින් රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය කිරීමට, ඉහත ආහාර හා ව්‍යායාම වලට අමතරව, අවශ්‍ය නම් පෙති වර්ග සහ ඉන්සියුලින් එන්නත් නියම කරනු ඇත.
• ඔබගේ රුධිර සීනි ප්‍රමාණය නිසි අගයක පවතින්නේ දැයි දැන ගැනීමට ඔබට නිතර සීනි මට්ටම් පරීක්ෂාවන්ට භාජනය වීමට සිදු වේ . ඔබට ග්ලූකෝමීටරයක් නොමැති නම් රුධිරගත සීනි මට්ටම රසායනාගාරයක් මගින් පරික්ෂා කර ගැනීම සුදුසු වේ.
ගර්භණී කාලය තුළදී නිරතුරු ව පෙර ප්‍රසව සායන හා දියවැඩියා සායන වලට සහභාගි වීම වැදගත් වේ.
මෙම සායන වලදී …
• ඔබගේ සීනි මට්ටම සටහන් කළ ලේඛන පරීක්ෂා කර ඖෂධ හා ඉන්සියුලින් මාත්‍රා වෙනස් කිරීම.
• නියමිත බර පවත්වා ගැනීම සඳහා උපදෙස් ලබා දීම.
• රුධිර පීඩනය මැන බැලීම.
• ඔබගේ දරු ප්‍රසූතියේ සැලසුම් කිරීම ආදිය සිදු කරනු ලබයි .

දරු ප්‍රසූතියෙන් පසු
• දරු ප්‍රසූතියෙන් පසු සති 6 -12 කට පසු නිරාහාර ව සිදු කරන සීනි පරීක්ෂාවක් හෝ HbA1C පරීක්ෂාවක් හෝ ග්ලූකෝස් පානයෙන් පසු කරන සීනි පරීක්ෂාවකින් රුධිර සීනි මට්ටම පරීක්ෂා කරගන්න.
• සුදුසු පවුල් සැලසුම් ක්‍රමයක් සඳහා වෛද්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඊළඟ ප්‍රසූතිය සැලසුම් කර ගන්න.
• ඔබගේ පසු ප්‍රසව රුධිර සීනි මට්ටම සාමාන්‍ය අගයක පවතින්නේ නම් ඉන් පසු සෑම වසරක් පාසාම රුධිර සීනි මට්ටම පරික්ෂා කරන්න.
• මීට අමතරව සෞඛ්‍යමත් සමතුලිත ආහාර වේලකට යොමු වී නිරතුරුව ව්‍යායාම වල යෙදී උසට සරිලන බර පවත්වා ගෙන යන්න.
• නැවත ගර්භනීය වීමට අදහස් කරන්නේ නම්, ගර්භණී වීමට පෙර ඔබගේ වෛද්‍යවරයා හමු වී ඒ පිළිබඳ සාකච්ඡා කරන්න.
තොරතුරු : ශ්‍රී ලංකාවේ දියවැඩියා සංගමය

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment