විසිතුරු මල් වගාව අපි හැමකෙනේක්ම දන්න දෙයක් උනත් ගෘහාශ‍්‍රතව විසිතුරු ශාක වගා කිරීමේ වැදගත් කම ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු නොවුන පැත්තක්. අපේ වටපිටාව ලස්සන කරනවාට අමතරව අපේ මානසික සුවය වැඩි දියුණු කිරීම, මානසික පීඩනය සමනය කිරීම, ගෘහාශ‍්‍රත වායුමය අපද්‍රව්‍ය ඉවත් කර වාතය පිරිසිදු කිරීම වගේ සැඟවුන ප‍්‍රතිලාභ රැසක් ගෘහාශ‍්‍රතව විසිතුරු ශාක වගා කිරීමෙන් උපයාගත හැකියි.
විශේෂයෙන් මෑත කාලීනව අපි හැමෝගෙම ජීවන රටාවල සැලකිය යුතූ මට්ටමකින් වෙනස්කම් සිදුවුනා. බොහෝමයක් අය නිවසේ සිට තම රැකියා කටයුතූ කරන්න හුරු වීමත් එක්ක මානසික පීඩන මට්ටම ඉහල යාම අපි හැම කෙනක්ටම පාහේ අත් විඳින්නට සිදුවුන දෙයක්. නමුත් මෙවැනි තත්වයක දී අප අවට පරිසරයේ ඇති ගහකොළ මගින් අපගේ මානසික පීඩන තත්වය සමනය කිරීමට ධනාත්මක බලපෑමක් ඇතිකිරීමට හැකි බවට විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් තහවුරු කර තිබෙනවා.
සමහර පර්යේෂණ දත්ත වලට අනුව ඉතාම සුළු කාලයක් ස්වාභාවික ශාක දෙස බලා සිටීම මගින් අවධානය බිඳ වැටීම මගහැර මානසික ඒකාග‍්‍රතාව පවත්වාගැනීමේ හැකියාව වැඩි දියුණු වන බව සනාත කර තිබෙනවා.
එදිනෙදා ජීවිතයේ දී වුවත් වෙහෙසකර කාර්යයක නිරත වීමෙන් අනතුරුව ස්වාභාවික පරිසරයට නිරාවරනය වීමෙන් වෙහෙසකාරීී බව මගහැර නැවුම් මනසක් ඇති කරන බවට බොහෝ දෙනෙක්ට අත් දැකීම් තියෙන්න පුළුවන්. මෙයට හේතූවක් ලෙස විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ස්වාභාවික පරිසරය සරලව කිසිදු මානසික වෙහෙසකින් තොරව රසවිඳීමට ඇති හැකියාවයි.
ඉතින් අපිට හැකිතාක් ස්වාභාවික පරිසරය අප ආසන්නයේ තබා ගැනීම අපගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමක තබාගැනීමට ඉවහල් වෙනවා.
නමුත් අප ගතකරන කාර්යබහුල ජීවන රටාව සමඟ මෙවැනි විසිතුරු ශාක වගා කිරීම හෝ ඒවා නඩත්තු කිරිම කෙනෙක්ට ගැටළුවක් වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට උපකාරී වෙන තොරතුරු ට්කක් මේ හරහා ඉදිරිපත් කරන්න උත්සහ කරනවා.
ගෘහස්ථ විසිතුරු ශාක තොරාගැනීමේ දී සැලකිය යුතු කරුණු
බොහෝ අවස්ථා වලදී අප හුරුවී ඇති අවිවේකී ජීවන රටාවන් නිසා බාහිර කි‍්‍රයාකාරකම් වලට වෙන් කලහැකි කාලය ඉතාම සීම්තයි. ඉතින් අපිට මල් පැලයක් නඩත්තු කරන්න වැය කරන්න පුළුවන් කාලය අඩුයි. නමුත් එවැනි ක‍්‍රියාකාරකමක් අපේ දෛයිනික ජීවන රටාවට එකතු කර ගැනීමේ යහපත් ප‍්‍රතිපල ගැන දැනුවත් අයෙක් නම් කෙසේ හෝ මෙවැනි දෙයක් සඳහා වේලාව වෙන් කරගන්නවා නොවනුමානයි. ඒ සඳහා වඩාත් සුදුසු විසිතුරු ශාක කීපයක් සහ ඒවා තොරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් දැනුවත් වෙමු.
විසිතුරු ශාක තොරාගැනීමේ දී,
🌳 වැඩුන ශාකයේ ප‍්‍රමාණය කුඩා වීම වාසි දායක වේ.
🌳 ශාක වලට වඩාත් අත්‍යාවශ්‍ය ආලෝකය ප‍්‍රමාණවත් පරිදි ලබා දීමට වග බලා ගත යුතු වේ
🌳 අවම වශයෙන් ජලය සහ පොහොර අවශ්‍ය පැල වර්ග තෝරා ගැනීම උචිත වේ
🌳 ගෘහස්ථ පරිසරයේ ඇති වායු සමීකරණ, අනෙකුත් විදුලි උපාංග වලින් බලපෑම් ඇති නොවීමට වග බලා ගත යුතු වේ.
ඉහත මූලික කරුණු සලකා බැලීමේ දී ගෘහස්ථව වගා කිරීමට වඩාත් සුදුසු ශාක කීපයක් පහත පරීදි දැක්විය හැකියි.
Snake Plant (Sansevieria)
Spider Plant (Chlorophytum comosum)
Pothos (Epipremnum aureum)
Wandering Jew (Tradescantia zebrina)
Agriculture Professional, Content Writer
Be First to Comment