Press "Enter" to skip to content

නිධන්ගත වකුගඩු රෝගයට ප්‍රතිකාර දැනගනිමු

නිධන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) අද වන විට ශ්‍රී ලංකාවේ උග්‍රම ගැටලුවක් වී හමාරයි. වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සදහා රජය විසින් දරන වියදම ඉතාමත් අධිකයි. වකුගඩු රෝගයෙන් වැලකී සිටීමට මෙන්ම යම් හෙයකින් ඔබ වකුගඩු රෝගියෙක් වුවහොත් ඔබට ලබාගත හැකි ප්‍රතිකාර මොනවාදැයි දැන සිටීම ඉතාම වැදගත් වේ.

වකුගඩු රෝගීන් සදහා ඇති ඉතාමත් සුදුසුම වාසිදායකම ප්‍රතිකාරය ලෙස වකුගඩු බද්ද කිරීම හැදින්විය හැකියි. මේ සදහා සියලු වියදම් එනම් ඔබගේ ශල්‍ය කර්මය සදහා වන වියදමද ශල්‍ය කර්මයෙන් පසු ඔබේ ප්‍රතිකාර සදහා වියදමද ඉන්පසු ඔබ සදහා ඇති සායන සහ ඒවාගෙන් ලබාදෙන ඖෂධ ද රජය විසින් ඔබට නොමිලේ ලබා දෙනු ඇත. නමුත් මෙහිදී ඔබ විසින් වකුගඩුවක් සොයා ගත යුතු අතර ශල්‍ය කර්මයෙන් පසු හා පෙර සායන සදහා සහබාගී වීමට හා ප්‍රතිකාර ලබා ගැනීමේදී සිදුවන සුලු වියදම ඔබ විසින් දැරිය යුතු වේ එමෙන්ම ඔබේ වකුගඩු දායකයා ඔබේ ඥාතියෙක් හෝ ඔබ හොදින් අදුනන පුද්ගලයෙකු වියයුතු අතර ඔහු හෝ ඇය නිරෝගිමත් දීර්ඝ කාලීනව කිසියම් රෝග තත්වයකින් නොපෙලෙන්නෙක් විය යුතුයි.එමෙන්ම ඔබගේ ලේ වර්ගය එම දායකයාගේ ලේවර්ගයට ගැලපිය යුතුයි.

එමෙන්ම ඔබ දෙපලම වකුගඩු බද්ධයට පෙර සියලුම සායන හා පරීක්ෂන වලට සහභාගී විය යුතුයි.එමෙන්ම වැදගත්ම කරුන නම් ඔබ වකුගඩුව මිලදී නොගත යුතුයි.මක් නිසාද යත් වකුගඩු ජාවාරම ලංකාව තුල තහනම් කරන ලද්දක් හා බොහෝ වංචාකාර පුද්ගලයන් ඔබෙන් මුදල් ලබාගෙන ඔබව අතහැර දමා යන්නවුන් වන නිසාය

ඔබට වකුගඩුවක් ලබාගැනීමට ඇති තවත් ක්‍රමයක් නම් මොලය මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුව ලබා ගැනීමයි නමුත් එය ඉතාමත් දුර්ලභ වශයෙන් සිදු වෙන්නක් හා ඒ සදහා දැටමත් රෝහල් වල ඉතා දිගු පෝලිමක් සිටින බැවින් එය තරමක් අසාර්තක උත්සාහයක් බව අපගේ මතයයි.

මෙහිදී දැනගත යුතු වැදගත්ම කරුන නම් වකුගඩු දායකයාට ශල්‍ය කර්මයෙන් දින දෙකකින් පමණ පසු නැවතත් සාමාන්‍ය ජීවිතය ගත කල හැකි අතර වකුගඩු ලබාගත් ඔබට මාස තුනක පමණ රෝහල් කාලයකින් අනතුරුව සායන හා දිනපතා ඖෂධ බාවිතය සමග සාමාන්‍ය ජීවිතයක් ගත කල හැකි වීමයි. මෙහිදී වාසි මෙන්ම අවාසිද ඇති බව ඔබ දැනුවත් විය යුතු අතර එයින් ප්‍රදානතම අවාසිය නම් ඔබ ඉතා ඉක්මනින් වෙනත් ආසාධන වලට ගොදුරු විය හැකි වීමයි නිවැරදි යහපත් සෞඛ්‍ය පුරුදු හා මුහුණු ආවරණ භාවිතයෙන් හා නිසි ඖෂධ භාවිතයෙන් ඔබට ඉහත කී ආසධන වලින් වැලකී සිටීමට ඇති ඉඩකඩ බොහෝසෙයින් වැඩි කර ගත හැකිය.

මීලග සුදුසුම ප්‍රතිකාර ක්‍රමය වන්නේ hemodialysis හෙවත් රුධිරය පිරිසිදු කිරීමේ ප්‍රතිකාර ක්‍රමයයි. මෙහිදී ඔබට පැය 6ක් පමණ රෝහල් ගතවී සිටීමට සිදුවන අතර පැය 4ක අමණ කාලයක් තුලදී ඔබගේ රුධිරය පිරිසිදු කරනු ලබයි..මෙහිදී ඔබගේ සියලුම රෝග ලක්ශන 100% සුව නොවන අතර යම් තාක් දුරට ඔබට පහසුවක් ලැබෙනු ඇත.මෙහි ඇති අවාසිය නම් ඔබට දින දෙකකට තුනකට වතාවක් රෝහල් ගතවී රුධිරය පිරිසිදු කර ගැනීමට සිදු වීමයි.එමෙන්ම මෙහිදීද ඖෂධ ලබාගත යුතු වන අතර ඔබට අත සෑදීම නම් ශල්‍ය කර්මයට ලක් වීමට සිදුවේ.මෙහිදී ඔබේ අතේ ධමනියක් සහ ශිරාවක් එක්කර සාදනු ලබන arteriovenous fistulaවක් අදාරයෙන් රුධිරය පිරිසිදු කරනු ලබයි.(මෙම ක්‍රියාවලිය පිලිබද වැඩි විස්තර ඉදිරි ලිපියකදී බලාපොරොත්තුවන්න)

එමෙන්ම ඉතාමත් හදිසි තත්වයකදී නම් මෙම රුධිර පිරිසිදු කිරීමට ඔබගේ ගෙල ප්‍රදේශයේ හා ඌර්වීය (femoral) ප්‍රදේශයේ රුධිර වාහිනී යොදාගනු ලබයි එමෙන්ම ඔබට නිවසේදීද මෙම රුධිර පිරිසිදු කරගැනීම සිදු කරගත හැකි අතර එහිදී ඇතිවිය හැකි සියලුම අවදානම් තත්වයන්හි වගකීම ඔබ මතම පැවරීම එම ක්‍රමයේ අවාසිදායක තත්වයකි.(මෙය පිලිබද වැඩිදුර තොරතුරු ඉදිරි ලිපියකදී බලාපොරොත්තුවන්න..)

මෙම රුධිර හුවමාරුව මගින් ඔබේ රෝගය සුව නොවන අතර ඔබ දැනට සිටින අවදියෙන් තව දුරටත් ඔබව අසාද්‍ය නොවී තබා ගැනීමට පමණක් හැකිවන අතර පෙර කියූ පරිදි ඔබගේ රෝග ලක්ෂන වලින් යම් සහනයක් ලබාගැනීමට පමනක් හැකිවේ

මීලග ක්‍රමය වන්නේ ඖෂධ මගින් රෝගය පාලනය කිරීමයි මෙය යම්තාක් දුරට සාර්තක ක්‍රමයක් වන අතර බොහෝ දුරට ඉතාමත් වයෝවෘධ අයවලුන් සදහා පමණක් බොහෝවිට භාවිතා කරයි

සැ.යු ඉහත ක්‍රම ක්‍රියාත්මක කිරිරීමේදී ඔබේ වෛද්‍ය වරයා ඔබේ වයස රෝගයේ ස්වභාවය වැනි බොහෝ කරුනු සලකා බලා ඔබට සුදුසුම ප්‍රතිකාර පවසන අතර ඔබ කැමති ප්‍රතිකාර ක්‍රමයක් තෝරා ගැනීමට ඔබට අයිතිය ඇත. නමුත් මෙය ඔබේ ජීවිතය පිළිබද ගැටලුවක් බැවින් හිතුමතේ තීරන ගැනීමෙන් වලකින ලෙස දෙව්මල් අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. මෙවන් ‍රෝග තත්වයන්ගෙන් වැලකී සිටීමට නිවැරදි ආහාර රටාවන් හා යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමු.

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *