Press "Enter" to skip to content

කාලික වකුගඩු රෝගය ගැන දැනගනිමු

කාලික වකුගඩු රෝගය යනු කුමක් ද ?

දිගු කාලයක් තුළදී වකුගඩු වලට සිදු වන හානිය නිසා වකුගඩු මඟින් අප සිරුරේ ඉටුකරන කාර්ය කිරීමට නොහැකි තත්ත්වයට පත්වීම කාලික වකුගඩු රෝගය යි.

කාලික වකුගඩු රෝගයට හේතු මොනවාද

• මනා පාලනයෙන් තොර වූ දියවැඩියාව හා අධිරුධිර පීඩනය
• ගුච්ඡිකා ප්‍රදාහය
• වකුගඩු වල ගල් හටගැනීම
• වෛද්‍ය නිර්දේශයකින් තොරව දිගු කාලීනව බටහිර හෝ ආයුර්වේද ඖෂධ භාවිතය. උදාහරණ : වේදනා නාශක
වෙනත් හේතූන්:
• දින පතා බීමට ගන්නා ජලය ප්‍රමාණය අඩු වීම .
• කැඩ්මියම් හා ආසනික් වැනි බැර ලෝහ මුසු වූ ආහාර සහ ජලය පරිභෝජනය .
• සර්ප දශ්ටනය ,මී උණ ,වස විෂ ශරීරගත වීම.

දිය වැඩියාව ,අධි රුධිර පීඩනය සඳහා ලබාදෙන බටහිර ප්‍රතිකාර මගින් කාලික වකුගඩු රෝගය ඇති නොවේ.

ඔබගේ වකුගඩු රෝගී බව හඳුනා ගන්නේ කෙසේද

• වකුගඩු රෝගය රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ ඇති නොකරයි. එම නිසා හඳුනා ගත හැක්කේ පරීක්ෂණ මගින් පමණි .
• මුත්‍රා ප්‍රෝටීන ඇල්බියුමින් සහ රුධිර ක්‍රියටිනින් පරීක්ෂාවන් මගින් මෙය හඳුනාගත හැකිය .
• වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර ඔබගේ වකුගඩු රෝගී අවස්ථාව මත හා පවතින අනෙකුත් රෝග තත්ත්වයන් මත තීරණය වේ .

වකුගඩු රෝගයට ප්‍රතිකාර තිබේ ද ?

• වකුගඩු රෝගය ට සාර්ථක ප්‍රතිකාර ක්‍රම ඇත .
• මුල් අවධියේ දී හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් ඔබටත් නිරෝගී පුද්ගලයකු හා සමානව එදිනෙදා කටයුතු සහ රැකි රක්ෂා කිරීමට හැකියාව ඇත.


සිදු කරන ප්‍රතිකාර ක්‍රම

• ජීවන රටාව සහ වැරදි ආහාර පුරුදු වෙනස් කිරීම .
• ඖෂධීය ප්‍රතිකාර.
• කාන්දු කරන ප්‍රතිකාර (dialysis)
• වකුගඩු බද්ධ කිරීම

ඔබගේ වකුගඩු රෝගය උත්සන්න වීම වැළැක්වීමට කළ යුත්තේ කුමක් ද ?

• නිසි පරිදි සායනවලට සහභාගි වීම .
• වෛද්‍ය උපදෙස් මත චර්යාත්මක සහ ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම .
ගත යුතු ආහාර සහ ජලය ප්‍රමාණය පිළිබඳ උපදෙස් ඔබගේ වෛද්‍යවරයාගෙන් ලබා ගත හැකිය .

ඔබගේ වගවට රෝගය උත්සන්න වුවහොත් ,

• වකුගඩු වලට තම කාර්යය කර නොහැකි නිසා රුධිරය හෝ පරිතාන කාන්දුකරණය සිදුකිරීම හෝ වකුගඩු බද්ධ කිරීම අවශ්‍ය විය හැකිය.

වකුගඩු රෝගය සමග ඉදිරියට ජීවත් වන්නේ කෙසේද?

නිසි ප්‍රතිකාර ලබාගැනීම මගින් ඔබටත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. ඔබගේ කායික මානසික හා සමාජීය ගැටලු වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් ඔබට සහනයක් ලබාගත හැකිය .

වකුගඩු රෝගීන් සදහා ඇති සුබසාධන අවස්ථා මොනවාද ?

වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් ආධාර, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පහසුකම්, ස්වයං රැකියා අවස්ථා, නිවාස ණය ආදී සහන ලබා ගත හැකි ය.වැඩි විස්තර සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වරයා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි වරයා හමුවන්න.

ප්‍රශ්න ඇතොත් විමසන්න. [email protected]

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *