Press "Enter" to skip to content

ගර්භණි අවධියේ දී මුහුණ දෙන අවදානම් සලකුණු

සමහර මවුවරුන් කුඩා වේදනාවකට පවා තැති ගන්නා අතර සමහරුන් භයානක රෝග ලක්ෂණයන් පවා නොසලකා හරි.

පහතින් දැක්වෙන්නේ ඔබගේ වෛද්‍යවරයා වහාම හමුවිය යුතු අවදානම් අවස්ථාවන් වේ.

ගර්භණී කාලයේදී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම.

ප්‍රථම මාස තුන ඇතුලත සිදුවන උදරයේ ඇතිවන වේදනාවක් සමග සිදුවන රුධිර වහනය, ගර්භාෂයෙන් පිටත සිදුවූ පිලිසිද ගැනීමක් නිසා විය හැක. මතක තබා ගත යුතු කාරණයක් වන්නේ සමහර අවස්ථා වලදී උදරයෙන් පිටත සිදුවන පිළිසිද ගැනිම් වලදී යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් සිදුනොවිය හැකි බවයි.

ප්‍රථම මාස තුන අවසාන කාලයේදී හෝ දෙවන මාස තුන තුලදී සිදුවන රුධිර වහනයන් කළලය ගබ්සා වීමේ අවදානම නිසා සිදුවිය හැක.

තුන්වන මාස තුන අතරතුරේදී සිදුවන රුධිර වහනයන් වැදෑ මහ අසාමාන්‍ය ලෙස පිහිටීම නිසා හෝ වැදෑ මහ ගර්භාෂ බිත්තියෙන් ගැලවී යාම නිසා විය හැක.

මීට අමතරව ගර්භනී කාලයේදී යෝනි මාර්ගයෙන් රුධිර වහනය සිදුවන නොයෙකුත් හේතු ඇති නිසා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු වේ.

අධික වමනය සහ ඔක්කාරය

මවගේ අවශ්‍ය ජලය ප්‍රමාණය ලබා ගත නොහැකි වන සේ පවතින අධික වමනය සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ. වමනය සිදුවන්නේ යම් අසාමාන්‍ය තත්ත්වයක් නිසාද යන්න පරික්ෂා කර බැලිය යුතු වේ.

බබාගේ දැගලීම අඩුවීම

අවසන් මාස තුන තුලදී ගර්භාෂය තුල බබාගේ දැගලීම බබාගේ සෞඛ්‍ය තත්ත්ව පිලිබදව මවකට දැනගත හැකි හොදම දර්ශකය වේ. ඔබට හදිසියේම බබාගේ දැගලීමේ අඩුවක් දැනේ නම් එය යම් කිසි භයානක තත්ත්වයක් නිසාද සිදුවිය හැක. රස්නයට හෝ සීතලෙන් යමක් පානය කරන්න. ඇදක දිගාවී වම් ඇලයට හැරී සිටින්න . බබාගේ දැගලීම පිලිබදව අවදානයෙන් සිටින්න.

බබාගේ දැගලීම තවදුරටත් ඔබට නොදැනේ නම් වහාම රෝහලට පැමිණෙන්න.

ගර්භයේ ඇතිවන තදවීම්

ගර්භාෂ බිත්තියේ ඇතිවන සංකෝචන නිසා මෙම තදවීම් ඇතිවේ. මේවා දෙයාකරයෙකි. එක් ආකාරයක් වන්නේ සත්‍ය ප්‍රසව වේදනා ඇතිවීමට පෙර ඇතිවන සංකෝචන වේ(False labour contractions). මේවා ක්‍රමානුකුලව සිදු නොවන අතර සංකෝචන ප්‍රබලත්වය ක්‍රමයෙන් වැඩි නොවේ.

සත්‍ය ප්‍රසව වේදනා ක්‍රමානුකුල ලෙස ඇතිවන අතර ආරම්භයේදී විනාඩි 10 කට වතාවක් බැගින් ඇතිවේ. ක්‍රමයෙන් වේදනා ඇතිවන කාලය අඩුවන අතර වේදනාව වැඩිවේ.

පලමු ආකාරයේ සත්‍ය නොවන ප්‍රසව වේදනා සාමාන්‍ය තත්ත්වයක් වන අතර නියමිත කාලයට කලින් සිදුවන සත්‍ය ප්‍රසව වේදනා ඉක්මන් අවදානයට ලක්විය යුතුය.

යෝනි මාර්ගයෙන් වතුර වැනි දියරයක් ගලා යාම

හදිසියේම වතුර වැනි දියරයක් සැලකිය යුතු ප්‍රමාණයකින් ඔබගේ දෙපා දිගේ ගලා ගියේනම් එය බොහෝ දුරට කළලාවාරික තරලයේ ගලායාමක් විය හැක. එලෙස සිදුවිය තවත් සිදුවීමක් වන්නේ මුත්‍රා ගලා යාමයි. ඔබ සම්පුර්ණයෙන්ම මුත්‍රා පහ කිරීමෙන් පසුද වතුර වැනි දියරයක් ගයන්නේ නම් නොපමාව රෝහල වෙත පැමිණෙන්න.

තද හිසේ වේදනාව, උදරයේ වේදනාව, පෙනීමේ වෙනස්කම් හා ශරීරය ඉදිමීම

ඉහත රෝග ලක්ෂණ pre eclamsia ලෙස හදුන්වන රෝග තත්වයේදී දැක ගත හැකි වේ. මෙය ජිවිත අවදානම පවා ඇති කරනු ලබන තත්වයක් හෙහින් නොපමාව  රෝහලට පැමිණෙන්න.

උණ රෝගය

මුල් මාසතුන ඇතුලත සමහර රෝගාබාධ ඔබගේ දරුවාටද බලපෑම කල හැක. අවසන් මාස තුන තුලදී ඇති වන තද උණ නිසා සමහර අවස්ථාවලදී දරුවාගේ ජිවිතයට තර්ජනයක් පවා ඇතිවිය හැක. එබැවින් තද උණ පාලනයට පැරසිටමෝල් ලබාගෙන නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

තොරතුරු: කාසල් වීදියේ කාන්තා රෝහල

Share is Caring

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *