ශ්‍රී ලංකාව – බොහෝ සංවර්ධිත රටවල සෞඛ්‍ය සේවාවන්ට සමගාමීව නිදහස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් ඇති රටකි. මෙයට ප්‍රධාන හේතුව රටේ සියලුම ජනතාවට සෞඛ්‍ය සේවාවන්ට නොමිලේ ප්‍රවේශ වීමට ඇති හැකියාවයි. පෞද්ගලික සෞඛ්‍ය අංශය විසින් ද ජනතාවට සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යයි. මේ කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය, ලෝකයේ ඉහළ මට්ටමේ සේවාවක් බව ලොවම පිළිගනී.
උපතේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආයු අපේක්ෂාව අවුරුදු 72(පිරිමි) හා අවුරුදු 78 (ගැහැණූ) වේ. නමුත් හේතු කිහිපයක් නිසා මෙම දර්ශකය වේගයෙන් අඩු වේ.
ශ්‍රී ලාංකික ජනතාවගේ මරණයට ප්‍රධාන හේතු කාරණා 10 පහත ඒවා බව, ලෝක සෞක්‍ය සංවිධානය තහවුරු කර ඇත.

- හෘදයේ රෝග
- ආඝාතය
- දියවැඩියා රෝගය
- ශ්වසන පද්ධතියේ පහළ කොටසේ ආසාදන
- සියදිවි හානී කරගැනීම්
- නිදන්ගත බාධාකාරී ස්වසන රෝග
- වකුගඩු රෝග
- සිරෝසිස්
- ඇදුම
- මාර්ග අනතුරු
බැලූ බැල්මට අපට හඳුනාගත හැකි ප්‍රධාන ගැටළුව වන්නේ බෝ නොවන රෝග ය. එය එක්තරා කාලයක සිට ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යයට ඇති ලොකුම තර්ජනයයි.
හෘද රෝග වර්ෂයේ වැඩිම මරණ ප්‍රතිශතය සඳහා වග වන අතර, එය 23.6% ක් පමණ වේ. ආඝාතය සහ නිදන්ගත අවහිරතා ඇති ස්වසන රෝග පිළිවෙලින් වර්ෂයේ මරණ වලින් 11% සහ 4.4% වේ. ව්‍යායාම නොමැතිකම, නරක ආහාර පුරුදු සහ මත්පැන් පානය මෙම හෘද ආශ්‍රිත රෝග සඳහා ප්‍රධාන හේතු වේ. හෘද රෝග නිසා සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වේ.
දියවැඩියා රෝගය යනු තවත් බෝනොවන රෝගයක් වන අතර ,එය වාර්ෂිකව සිදුවන මරණ වලින් 7.8% කට වඩා වැඩිය. දියවැඩියාව හේතුවෙන් මිය යන සංඛ්‍යාව හා ආබාධිත තත්ත්වය වැඩි වෙමින් පවතී. ඉහත හෘද රෝග සඳහා සඳහන් කර ඇති හේතු දියවැඩියාව සඳහා ද වලංගු වේ.
ඉහත බෝනොවන රෝග හැරුණු විට, වකුගඩු රෝග උතුරු මැද හා වයඹ පළාත්වල වෙසෙන ජනතාවගේ ජීවිතවලට විශාල තර්ජනයක් වී තිබේ.
මෙම බෝනොවන රෝග අවම කිරීම සඳහා රජය විශාල වියදමක් දරයි. මෙතෙක් ගෙන ඇති එම ක්‍රියාවන්ගේ ඵලදායීත්වය පිළිබඳව නම් සැක සහිත ය. ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයක් බෝනොවන රෝග ගැන දැනුවත්ව සිටියද, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවමත් යහපත් සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කර නොමැති බව පෙනේ.
එක් ලිපියකින් අපට සියලුම බෝනොවන රෝග ගැන සාකච්ඡා කළ නොහැක. එබැවින් මෙය බෝනොවන රෝග පිළිබඳ ලිපි මාලාවේ පළමු ලිපියයි.
තොරතුරු: ලෝක සෞඛ්‍ය සංවිධානය- වාර්ෂික දත්ත (www.who.org) , Google Images(images.google.com)

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
[…] යනාදිය.මෙම ආහාර කාණ්ඩය මගින් ඔබව ලෙඩ රෝග වලින් ආරක්ෂා […]
This is very usefull for our helthy life Actually thank you very much