Press "Enter" to skip to content

භින්නෝන්මාදය (Schizophrenia)

රෝගීන් ඇතැම් විට තමාට කටහඩවල් ඇසෙන බව, අසාමාන්‍ය කායික තත්ත්වයන් (උදා: සතුන් හෝ අමුතු දේවල් තම සිරුර තුළ ඇති බව), අවධානය රඳවා ගැනීමේ හෝ සිතීමේ අපහසුතාවන් හා අවුල් සහගත බව ආදිය ඇතැයි පවසමින් ප‍්‍රතිකාර සඳහා පැමිණෙනු ඇත. රෝගියාගේ අසාමාන්‍ය හෝ බියජනක හැසිරීම් (උදා: කෑ කෝ ගැසීම, කෙන්තියාම, තර්ජනය කිරීම) හෝ හුදකලා ස්වභාවය සහ උදාසීනබව පිළිබඳ ඥාතීන් හෝ ප‍්‍රජාව විසින් චෝදනා කිරීමට ඉඩ ඇත.

ලක්ෂණ:

◼ තීව‍්‍ර අවධියේදී – කිපුණු හෝ කරදරකාරී හැසිරීම, මායාව (Hallucination) (ව්‍යාජ හෝ මවාගත් සංවේදනාවන්, කටහඩවල් ඇසීම වැනි), මෝහයන් (අසාමාන්‍ය ලෙස ගොඩනැගුණු දැඩිව එල්බගත් ව්‍යාජ විශ්වාසයෙන්)

උදා: කෑමට වස දමා ඇති බව, තමා ලූහුබඳින බව හෝ තමාට හානි කරනු ලැබීමට තැත් කරන බව වැනි අක‍්‍රමවත් සිතිවිලි, අසංවිධිත හා අසාමාන්‍ය කතාබහ, උච්ච හා ක්ෂණිකව වෙනස් වන චිත්තවේග අවස්ථා.

◼ නිදන්ගත අවධියේදි – ඉහත දැක්වූ තීව‍්‍ර රෝග ලක්ෂණ ඉඳහිට පමණක් ඇති විය හැක. එබඳු තීව‍්‍ර අවසථාවන් අතරතුර මුළුගැන්වුණ ස්වභාවය මන්දෝත්සාහී බව හෝ රුචිකත්වය හීන වීම, අක‍්‍රමවත් සිතුවිලි හෝ අවධානය රඳවා ගැනීමේ අපහසුතා දැකිය හැක.

රෝගියා හා ඥාතීන් වෙත දැන්ව්ය යුතු අතවශ්‍ය කරුණු

◼ කිපීම හා අසාමාන්‍ය හැසිරීම මානසික රෝගයක ලක්ෂණයන්ය. මේ සඳහා ප‍්‍රත්‍යක්ෂ ප‍්‍රතිකාර පවති.
◼ යළිත් මතුවිය හැකි වුව ද ති‍්‍රව අවස්ථාවන් බොහෝ විට සමනය වේ.
◼ රෝගයේ ඉදිරි දිගු කාලීන ගමන් මඟ පිළිබඳ අනාවැකි කීම දුෂ්කර ය.
◼ ප‍්‍රධානතම ප‍්‍රතිකාරය වනුයේ ඖෂධ භාවිතයයි.
◼ එමගින් වත්මන් රෝග ලක්ෂණ සමනය කෙරෙන අතරම

නැවත මතුවීමේ හැකියාව ද යටපත් කරයි. රෝග ලක්ෂණ පහව ගිය පසුව ද මාස ගණනාවක් ප‍්‍රතිකාර නොකඩවා සිදු
කිරීම අවශ්‍ය වීමට ඉඩ ඇත. නිසි ප‍්‍රතිකාර සිදුකර ගැනීමට සහ ඵලදායී පුනරුත්ථාපනයක් සඳහා පවුලේ සහය අත්‍යාවශ්‍ය වේ.

ඔබට උදව් ප්‍රතිකාර අවශ්‍ය නම් 1926 අමතන්න හෝ වෛද්‍යවරයෙකු හමුවන්න.

තොරතුරු: National Institute of Mental Health

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *