මේ දිනවල පවතින කොරෝනා තත්වයත් සමග, ගර්හණී කාන්තාවන්, පහත උපදෙස් පිළිපැදීම ඉතා යෝග්‍ය වේ.
- ගර්භණී බව තහවුරුවුණු ඔබ තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නොමැති නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත දුරකතනයෙන් අමතා ඒ බව දැනුම් දෙන්න.
- ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී කාන්තාවන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.
- ඔබගේ ගර්භණි කාලය මාස 8 කට (සති 32 කට) අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේ නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වත්මන් තත්ත්වය පිලිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න.
- හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වලකින්න – උදා. උත්සව සහ වෙළදසැල් වෙත යාම.
වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගත හැක.
Source: https://hpb.health.gov.lk/si/covid-19

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
[…] COVID-19 කොරෝනා ව්‍යාප්තිය හා ගර්භණී කාන්ත…COVID-19 කොරෝනා ව්‍යාප්තිය හා ගර්භණී කාන්තාවන්By DewMalමේ දිනවල පවතින කොරෝනා තත්වයත් සමග, ගර්හණී කාන්තාවන්, පහත උපදෙස්… […]
[…] COVID-19 කොරෝනා ව්‍යාප්තිය හා ගර්භණී කාන්ත…COVID-19 කොරෝනා ව්‍යාප්තිය හා ගර්භණී කාන්තාවන්By DewMal […]