අප සියලූ දෙනාම ශෝකී හා මානසිකව බිඳවැටුණු අවස්ථාවලට මුහුණ දි ඇත. සමහර අවස්ථාවලදී මෙම මානසික තත්ත්වයන් වලට හේතුවක් ඇති අතර සමහර අවස්ථාවල හඳුනාගත හැකි හේතුවක්නොමැත. මෙවැනි ශෝකී මානසික තත්ත්වයන් කාලයත් සමගම යථා තත්ත්වයට පත්වන අතර ඒවා අපගේ එදිනෙදා වැඩ කටයුතුවලට බාධාවක් නොවේ. සාමාන්‍යයෙන් මෙවැනි ශෝක තත්ත්වයන් පවුලේ සාමාජිකයින් සමග හෝ මිතුරන් සමග කථා කිරීම මගින් යථා
තත්ත්වයට පත්කර ගත හැක.

නමුත් විශාදය ඇති විටදී,
☹ රෝගයේ මුල් අවධියේ දී රෝගියා ශාරීරික රෝග ලක්ෂණ පෙන්නුම් කරයි (මහන්සි ගතිය, ඇඟ පත වේදනාව, හිස රුදාව)
☹ වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීමේදී සති / මාස ගණන් පවතින ශෝකී බව
☹ එදිනෙදා වැඩ කටයුතුවලට උනන්දුව අඩු බව වැනි කරුණු හඳුනා ගත හැක.
☹ රෝග ලක්ෂණ, රෝගියාගේ එදිනෙදා වැඩ කටයුතුවලට ද බලපෑම් ඇති කරයි.
විශාදයේ සායනික රෝග ලකෂණ
☹ බොහෝ අවස්ථාවල සිතේ සතුටක් නොමැති බව, (සවස් කාලය වන විට මෙම අසතුටු බව අඩු විය හැක. )
☹ කලින් සතුටු වූ කාර්යයන් සඳහා උනන්දුවක් නොමැති බව.
☹ සෑම විටකම පාහේ වෙහෙස බවක් දැනීම.
☹ ඔහු/ ඇය විසින් මීට පෙර කළ කාර්යයන් දැන් කළ නොහැකි බවක් දැනීම.
☹ කෑම අරුචිය සහ බර අඩුවීම (සමහර රෝගීන්ගේ කෑම රුචිය වැඩිවී බර වැඩිවීම සිදුවිය හැක.
☹ නින්දයාමේ අපහසු බව හෝ පාන්දරම අවදිවීම.
☹ ලිංගික කි‍්‍රයාවලට කැමැත්ත අඩුවීම.
☹ නුරුස්සනසුළු ස්වභාවය.
☹ කාංසාවේ හා කලබලකාරී බවේ ලක්ෂණ ද බොහෝ විට පෙන්නුම් කරයි.
රෝගියාට හා පවුලේ සාමාජිකයින්ට වැදගත් වන තොරතුරු
☹ විශාදය සුලබව දක්නට ලැබෙන අතර එය සුව කළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රම පවතී.
☹ විශාදය දුර්වල බවක් හෝ කම්මැලිකමක් නොවේ.
☹ රෝගයේ අපහසුතා සමඟ ජීවත්වීමට රෝගීහු දැඩි වෙහෙසක් දරති.
☹ ගර්භනී කාලයේදී හා පසු ප‍්‍රසව සමයේදී ද මව්වරුන්ට විශාද තත්ත්වය ඇතිවිය හැකිය.
ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට උදව් අවශ්‍ය නම්, අමතන්න: 1926
ගැටලු වෙතොත් විමසන්න. [email protected]
තොරතුරු: National Institute of Mental Health

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
[…] often when feeling stressed we are unaware of what is happening and can feel more stressed because we don’t understand the […]
[…] රැකියා කටයුතූ කරන්න හුරු වීමත් එක්ක මානසික පීඩන මට්ටම ඉහල යාම අපි හැමකෙනේක්ටම පාහේ […]