Press "Enter" to skip to content

ඩිමෙන්ෂියාව – චිත්ත වික්ෂේපණය (Dementia)

මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ මතක ශක්තිය අඩුවීම නිසාවෙනි. අවු. 65 ට වැඩි පුද්ගයන්ගෙන් 5%ක්ට පමණ මෙම රෝග තත්ත්වය දැකිය හැක. තරුණ සහ මැදි වයසේ පුද්ගලයන් අතර මෙම රෝගය දුර්ලභ වේ.

පලමු වරට මෙම රෝගය ඇතිවූ විට

👉 කලබලකාරී බවක්
👉 එක එල්ලේ අවධානය තබා ගැනීමේ අපහසුව
👉 වටපිට සිදුවීම් පිළිබඳ අනවබෝධය
👉 සැක කිරීම
👉 සහයෝගය නොදක්වන සුළු ස්වභාවය
👉 නින්ද නොයාම

වැනි රෝග ලක්‍ෂණ මතුවේ. නොදැනුවත් කම නිසා රෝගීන් හා පවුලේ සාමාජිකයින් මෙම මතකය අඩුවීමේ රෝග තත්ත්වයන් සඳහා ප‍්‍රතිකාර ගැනීමට දැනුම් නොදීම සිදුවේ.

දිගුකාලීන රෝග තත්ත්ව වලදී,

👉 කෙටි කාලීන මතකය
👉 සිතීම
👉 තීරණ ගැනීම
👉 වටපිටාවේ සිදුවීම් පිළිබඳව අනවබෝධය
👉 භාෂා හැකියාව අඩුවීම
👉 වැඩි වශයෙන් උදාසීන බවක්,
👉 උනන්දුවක් නොමැති වීම
👉 සනීපාරක්‍ෂාව අඩුවීම පෙන්නුම් කරයි

නමුත් සමහර රෝගීන් මතකය අඩු වුවත් උද්යෝගය සහ අවස්ථාවට ගැළපෙන හැසිරීමක් පෙන්නුම් කරයි.

සුළු රෝගී අවස්ථාවලදී

👉 මතකය අඩුවීම
👉 පුද්ගලික ලක්‍ෂණ වෙනස්වීම
👉 හැසිරීම වෙනස්වීම ඇතිවීම

උත්සන්න වූ විට

👉 මානසික ව්‍යාකූලතාවය
👉 තැන තැන ඉබාගාතේ ඇවිදීම
👉 පාලනයකින් තොරව මුත‍්‍රා පිටවීම යනාදී ලක්‍ෂණ පෙන්නුම් කරයි.

පහත සඳහන් පරීක්ෂණ, අවධානය හා මතකය මැන බැලීමට යොදා ගනී.

 නිතරම දක්නට ලැබෙන භාණ්ඩ 3 ක නම් මතක තබා ගැනීමට ඉඩහැරීම හා විනාඩි 3 කට පසුව නැවත විමසීම.
 සතියේ දිනවල නම් අග සිට මුලට පැවසීම.
 පෙර දිනයේ ආහායටර ගත් දෑ මතකයෙන් පැවසීම. රෝගියාට සහ පවුලේ සාමාජිකයන්ට වැදගත් වන තොරතුරු
 වයස්ගතවීමත් සමග මතකය සම්බන්ධ ගැටලූ සුලභ වේ.
 මතකය අඩුවීම හෝ ව්‍යාකූල බව හැසිරීමේ ගැටලූ මතුකරයි. (උදා: කලබලකාරී බව, සැකකිරීම, හැඟීම් දැඩිව ප‍්‍රකාශ කිරීම)

සහය සඳහා 1926 අමතන්න. ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු හමුවන්න. ගැටලු විමසන්න. [email protected]
තොරතුරු: NIMH

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *