Press "Enter" to skip to content

ලිංගික අයිතිවාසිකම් හා වගකීම් – 1 කොටස

හැඳින්වීම

යමෙකුගේ ලිංගිකත්වය ඔහු හෝ ඇය මනුෂ්‍යයෙකු වීමේ එක් අංගයක් . එමෙන් ම තම වර්ගයා බිහි කිරීමේ අදහස ඇතිව හෝ නැතිව ලිංගික සම්බන්ධතා හා ක්‍රියාකාරකම් මගින් වින්දනයක් ලැබීමටත් ඊටම අයත් අංගයකි.

මේ අනුව ලිංගිකත්වය ප්‍රජනනය සඳහා ම පමණක් පවතින්නක් නොවේ .ප්‍රජනනයට පරිබාහිරව සිය ලිංගික තෘප්තිය අත් විඳීමටත් ඉන් වින්දනයක් ලැබීමටත් ඕනෑම පුද්ගලයෙකු හට පූර්ණ අයිතියක් පවතී. එමෙන් ම ප්‍රජනනය සඳහා පමණක් ලිංගික සංසර්ගයේ යෙදීම ඔහුගේ හෝ ඇයගේ අයිතියකි .

ලිංගික සෞඛ්‍ය ජීවිතය පුරා ම පවතින්නක් .ලිංගික ප්‍රචණ්ඩත්වය, ළමාවියේ දී මුහුණ දෙන ලිංගික අපයෝජන , ලිංගිකත්වය පිළිබඳ අසමාන හා නිශේධනාත්මක ප්‍රතිරූප (නිදසුනක් ලෙස ඇතැම් අසභ්‍ය ඡායාරූප , වීඩියෝ දර්ශන ආදී ) මත පදනම් වන ලිංගික තත්වයන් මගින් ආදර හා අඹු සැමි සබඳතා දැඩි සේ පළුදු වී යා හැකියි . ඉන් පුද්ගලයෙකු පුද්ගලයකු වූ මානසික ආතතිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය ශාරීරික මානසික හා ලිංගික ප්‍රචණ්ඩත්වයන් ට ගොදුරු විය හැකියි. ඇතැම් විට සියදිවි හානිකර හානිකර ගැනීමේ හෝ මිනීමැරීමට සිදු වීමට පවා ඒවා හේතු විය හැකිය . දූෂණය ලිංගික ස්ත්‍රී පුරුෂ සමාජභාවය මුල් කරගත් ප්‍රචණ්ඩත්වය ලිංගික අඩන්තේට්ටම් හා අනෙකුත් අකටයුතුකම් වලට විරුද්ධව විවිධ නීති සෑම රටකම පවතිනවා . සැබැවින් ම වැඩිහිටියන් හා ළමුන් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වීම නීතියෙන් දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් .යමෙකුට ලිංගික සම්බන්ධතා පැවැත්වීමට නීතියෙන් අවසර හිමි වයස ඒ ඒ රටවල් වලට අනුව වෙනස් වෙයි .

ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික තහංචි කොන්කිරීම් ලජ්ජාවට හා අපකීර්තියට පත් කිරීමෙනි කරුණු හේතුවෙන් ලිංගිකත්වය පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීමටත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඇති නිදහස සීමා වේ .ලිංගික ප්‍රචණ්ඩත්වයක දී බොහෝ විට සිදු වන්නේ එහි වරද ඊට ගොදුරු වූ තැනැත්තා මත පැටවී මත් අපරාධකරු වෙන් ගැලවී යාමත් ය .ලිංගිකත්වය ලිංගික අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ අවබෝධය නොමැතිකම හා ලිංගිකත්වය පිළිබඳ සාවද්‍ය තොරතුරු පරිහරණය අසමාන අයහපත් ප්‍රචණ්ඩකාරී ලිංගික සම්බන්ධතාවයන් ට ඉඩ සලසන අතර ඒ නීතිය ඉදිරියේ දී ගැටලු ගැටළු ඇති කරන්නකි .

ලිංගිකත්වය හා ලිංගික සම්බන්ධතාවන් කෙරෙහි යහපත් එමෙන්ම මෙන්ම ආචාරශීලී පිළිවෙතක් අනුගමනය කිරීමෙන් වඩාත් ආදරණීය සෞඛ්‍ය සම්පන්න හා එකිනෙකා ගෙන් එකිනෙකා ගෙන් සෑහීමට පත්විය හැකි සම්බන්ධතාවක් ගොඩනඟා ගත හැකිය .එපමණක් නොව අප සමාජය වගකිව යුතු පුද්ගලයන් ලෙස කටයුතු කිරීමට නම් ලිංගික අයිතිවාසිකම් ලිංගික වගකීම් හා ලිංගික කැමැත්ත යන මූලික සංකල්පය පිළිබඳ අවබෝධයක් අප සතු විය යුතුයි .එය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට තිබේ ද ?

මීළඟ කොටසින් අපි ලිංගික අයිතිවාසිකම් යනු මොනවාදැයි කතා කරමු .
ගැටලු ඇතොත් විමසන්න [email protected]

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *