Press "Enter" to skip to content

Amoxicillin – ඇමොක්සිසිලින් ගැන දැනගනිමු

1. Amoxicillin ගැන

ඇමොක්සිසිලින් – Amoxicillin යනු ප්‍රතිජීවක (Antibiotic) ඖෂධයක්. මෙය ස්වසවන පද්ධතියේ රෝග, (නිව්මෝනියාව(pneumonia)), දත් ආශ්‍රිත ආසාධන සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාධන සඳහා බහුලව භාවිතා කරනු ලබයි. කුඩා දරුවන්ගේ කන් වල ආසාධන සහ ස්වසවන පද්ධතියේ ආසාධන සඳහා භාවිතා කරනු ලබයි.

මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් පමණක් ලබා ගත හැකි ඖෂධයකි. මෙය කරල්(capsules) හෝ දියර ලෙස භාවිතයේ ඇත. මීට අමතරව එන්නත් ලෙසද ලබා දිය හැකිය. එන්නත් වශයෙන් ලබා දීම සිදුවන්නේ සාමාන්‍යෙන් රෝහල් තුළය.

2. ප්‍රධාන කරුණු

  • බොහෝ ආසාධන වලදී මෙම ඖෂධ ලබා ගෙන දවස් කීපයකින් ඔබට සුවයක් දැනෙනු ඇත.
  • ඇමොක්සිසිලින් වල සුලභතම අතුරු ආබාධ වන්නේ, අසනීප ලෙස දැනීම(ඔක්කාරය) හා පාචනයයි (diarrhoea).
  • දියරමය ඇමොක්සිසිලින් මඟින් ඔබගේ දත් අවපැහැ වීම විය හැකිය. නමුත් මෙය දත් මැදීමෙන් ඉවත් වී යයි.
  • ඇමොක්සිසිලින් භාවිතා කරන අතරතුර ඔබට මත්පැන්(alcohol) පානය අවශ්‍ය නම්, එය කිරීමෙන් ඖෂධ වල ක්‍රියාවලියට හානියක් සිදු නොවේ.
  • ඇමොක්සිසිලින් විවිධ වෙළඳ නාම යටතේ මිළදී ගැනීමට ඇත.
ඇමොක්සිසිලින් dewmal

3. ඇමොක්සිසිලින් ලබා ගත හැකි හා නොහැකි පුද්ගලයන් කවුද?

ඇමොක්සිසිලින් ගර්භනී මවුවරුන් හා කිරිදෙන මව්වරුන් ඇතුලු ව වැඩිහිටියන්ට ලබා ගත හැකි අතර, ළමුන්ට ද ලබා දිය හැකිය.

නමුත් ඇමොක්සිසිලින් සමහර පුද්ගලයන් ට සුදුසු නොවේ. ඇමොක්සිසිලීන් වල අහිතකර අතුරු ප්‍රතිඵල වල වලින් ආරක්ෂා වීමට, පහත ලක්ෂණ ඇත්නම් ඔබේ වෛද්‍යවරයාට පවසන්න.

  • ඇමොක්සිසීලින් හෝ පෙනිසිලීන් (Penicillin) සඳහා හෝ වෙනත් ඖෂධයක් සඳහා හෝ මීට පෙර ආසාත්මික තාවයක් හටගෙන ඇත්නම්.
  • ඔබට අක්මාවේ හෝ වකුගඩු වල හෝ රෝග ඇත්නම්.
  • මෑතකදී හෝ ආසන්න දිනයකදී එන්නත් ලබාගෙන හෝ ලබා ගැනීමට සිටින අයෙක්නම්.

4. කුමන වේලාවට කෙසේ පාවිච්චි කළ යුතුද?

ඇමොක්සිසිලින් වල සාමාන්‍ය මාත්‍රාව, 250 මිලි ග්‍රෑම් හෝ 500 මීලි ග්‍රෑම් දිනකට තුන් වරකි. ළමුන් සඳහා මාත්‍රාව මීට වඩා අඩු විය හැකිය. දිනය පුරා විසිරී පවතින ලෙස සමාන කාල පරතර වලින් ඇමොක්සිසිලින් ලබා ගැනීම සිදු කිරීම ඉතාමත් වැදගත් වේ.

ඇමොක්සිසිලින් ඔබට කෑමට පෙර හෝ පසු ලබා ගත හැකිය.

වැදගත් – ඔබට සුවයක් දැනුනද, ඔබගේ ඖෂධ අවසන් වන තුරුම භාවිතා කළ යුතුය. ඔබ අතරමග ඖෂධ ගැනීම නතර කිරීමෙන්, ආසාධනය නැවත පැමිණීම සිදු විය හැකිය.

(a) භාවිතා කළයුතු ආකාරය

ජලය සමග ඇමොක්සිසිලින් කරල් (කැප්සියුල) ගිලින්න. කරල් හැපීම හෝ ඒවා කඩා පාවිච්චි නොකරන්න.

කුඩා දරුවන්ට හා, ගිලීමට අපහසු පුද්ගලයන්ට, ඇමොක්සිසිලින් දියර වශයෙන් පවතී. ඔබ හෝ ඔබගේ දරුවා ඇමොක්සිසිලින් දියර ලබා ගන්නේ නම්, ඔබට ඔසුසලෙන් ම කලින් පිලියෙල කළ දියර ලබා දෙනු ඇත. එමෙන්ම ඒ සමග ප්ලාස්ටික් සිරින්ජයක් හෝ හැන්දක් ලැබෙන අතර, ඒවා භාවිතා කර නිවැරදි මාත්‍රාව ලබා ගත යුතුය. නිවසේ ඇති මේස හැඳි, තේ හැඳි ආදිය කිසි ලෙසකත් භාවිතා නොකරන්න.

(b) නියමිත වේලාවට ලබා ගැනීමට නොහැකි වුවහොත්?

එවිට ඔබට, මතක් වූ විටම භාවිතා කරන්න. මීළඟ මාත්‍රාව ට කාලය ඉතා ආසන්නයි නම්, එම මාත්‍රාව ලබා ගන්න. කිසිම විටක මාත්‍රා දෙකක් එකවර නොගන්න. අමතක වූවායැයි, කිසිම විටෙක, වැඩිපුර මාත්‍රාවක් ඇමොක්සිසිලින් භාවිතා නොකරන්න.

ඔබට නිතර ඖෂධ ලබා ගැනීමට අතපසු වේ නම්, Alarm තබා ගැනීම සිදු කළ හැකිය.

(c) ඔබ වැඩිපුර මාත්‍රාවක් ඇමොක්සිසිලින් ලබා ගත හොත්?

හදිසියේ අත්වැරදීමකින් ඇමොක්සිසිලින් වැඩි පුර මාත්‍රාවක් ලබා ගැනීමෙන්, ඔබට හෝ ඔබගේ දරුවාට සාමාන්‍යෙන් හානියක් වීම සිදු නොවේ. නමුත් යම් අවත්වාකදී ඔබට සැකයක් ඇත්නම්, ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.

5. ඇමොක්සිසිලින් වල අතුරු ප්‍රතිඵල

සියලුම ඖෂධ මෙන්ම ඇමොක්සිසිලින් වලද අතුරු ප්‍රතිඵල තිබෙන නමුත්, සියලු දෙනාට සාමාන්‍යෙන් මේවා ඇති නොවේ.

(a) සුලබ අතුරු ප්‍රතිඵල

මේවා 10 දෙනෙකුගෙන් එක් අයෙකුට බලපෑ හැකිය. මෙම අතුරු ආබාධ ඇති වුවද, ඖෂධ නොනවත්වා ලබා ගත යුතු අතර, මෙම අතුරු ප්‍රතිඵල ඔබව අපහසුතාවයට ලක් කරයි නම් හෝ අතුරු ප්‍රතිඵල ඉවත්ව නොයයි නම්, නැවත වරක් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.:

  • ඔක්කාරය
  • පාචනය

(b) දරුණු අතුරු ආබාධ

දරුණු අතුරු ආබාධ දුර්ලභ වන අතර, සෑම පුද්ගලයන් 1000 කින් එක් අයෙකුට මේවා ඇති විය හැකිය.

මෙම ලක්ෂණ ඇතිවුවහොත් කඩිනමින් ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

  • පාචනය ( ආමාශයේ වේදනාවත් සමඟ), අතීසාරය (මල සඟ රුධිරය පිටවීම). එමෙන්ම ඔබට දින 4 කට වඩා පාචනය ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවන්න.
  • ලා පැහැති මල සහ තද පැහැති මුත්‍රා, සම හෝ ඇසේ සුදු පැහැති කොටස, කහ පාට වීම. ( අක්මාවේ හෝ පිත්තාශයේ ගැටුලවල පූර්ව ලක්ෂණ විය හැකිය)
  • හම අවපැහැ වීම හෝ සීරීම් තිබීම.
  • අස්ථි හෝ සන්ධි වේදනාව ( ඖෂධ ලබා ගෙන දින 2 කට පසුව)
  • රතු ලප සම මත හට ගැනීම.

සමහර දරුණු අතුරු ආබාධ ඇමොක්සිසිලින් ලබා ගැනීම නවත්වා මාස දෙකක් දක්වා වුවද ඇති විය හැකිය.

Amoxicillin Rash

දරුණු ආසාත්මිකතා

මිනිසුන් 15 කින් එක් අයෙකුට ඇමොක්සිසිලින් සඳහා ආසාත්මිකතා වර්ධනය විය හැකිය. මේවා බොහෝ විට මද ආසාත්මිකතාවයන් වේ;

  • සම මත උද්ගත වූ කසන සුලු දද
  • කැස්ස
  • පපුවේ මහන්සි ගතිය

මද ආසාත්මිකතාවයන් ඇන්ටිහිස්ටැමිණ (Antihistamines) ලබා ගෙන සාර්ථකව සුව කර ගත හැකිය. දුර්ලභ අවස්ථාවලදී දරුණු ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිවීමට ඉඩ ඇත. මෙවිට වහාම ළඟම ඇති රෝහලට යා යුතුය.

මෙහි ලක්ෂණ;

  • ඔබගේ සම මර්ග කසන සුලු, රතු පැහැ, ඉදිමුණු ස්වභාවයන් හා සම ගැලවී යාම.
  • පපුවේ මහන්සිය.
  • උරස් කුහරය, උගුර හිර වීම.
  • හුස්ම ගැනීම, කතා කිරීමට අපහසු වීම.
  • මුඛ්‍ය, මූණ, දිව , තොල්, ඉදිමීම.

6. අතුරු ආබාධ ඇති වුවහොත් කුමක් කළ යුතුද?

  • අසනීප ගතිය – සාමාන්‍ය ආහාර වේලක් ලබා ගන්න. වැඩි ආහාර ප්‍රමාණයක් ලබා නොගන්න. ඔබට මෙවැනි අතුරු ආබාධ පැමිණේ නම්, යම් ආහාරයක් ගැනීමෙන් පසුව ඇමොක්සිසිලින් ලබා ගන්න.
  • පාචනය – හොඳින් දියර වර්ග පානය කරන්න. මෙමඟින් විජලනයට පත්වීම වැළකේ. මුත්‍රා වල සැර ගන්ධයක් තිබීම, මුත්‍රා කරන වාර ගනණ අඩු වීම, විජලනයේ මූලික ලක්ෂණ වේ. වෛද්‍ය්වරයෙකුගේ අනුදැනුමකින් තොරව පාචනය සඳහා ඖෂධ ලබා නොගන්න.

7. ගර්භනී සහ මව්කිරි ලබා දෙන මව්වරුන්

සාමාන්‍යෙන් ගර්භනී සහ මව්කිරි දෙන මව්වරුන් ඇමොක්සිසිලින් ලබා ගැනීම ආරක්ෂිත වේ.

වැදගත්;
ඔබ ගර්භනී, ගර්භනී වීමට සැලසුම් කරන හෝ මව් කිරි දෙන මවක් නම්, වෛද්‍යවරයාට ඒ බව පවසන්න.

8. වෙනත් ඖෂධ සමඟ සැලකිලිමත් වීම

ඇමොක්සිසිලින් සමඟ ලබා ගතහොත් හානී දායක ලෙස ක්‍රියා කරන ඖෂධ ඇත. ඔබ පහත ඖෂධ භාවිතා කරන්නේ නම්, ඇමොක්සිසිලින් ලබා ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයාට ඒ බව පවසන්න.

  • Methotrexate
  • Warfarin
  • Probenecid
  • Allopurinol
  • වෙනත් ප්‍රතිජීවක (Antibiotics)

ඇමොක්සිසිලින් ශාකමය / පැලෑටි බෙහෙත් මග්ඟ මිශ්‍ර වීමෙන් අතුරු ආබාධ ඇතිවීමක් ගැන තොරතුරු වාර්ථා වී නැත. නමුත් එවැනි ඖෂධ ලබා ගැනීමට පෙරද, ඔබේ වෛද්‍යවරයාගෙන් විමසීමක් කරන්න.

Share is Caring

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *