භීතිකාව යනු භයානක නොවන සහ බොහෝ දෙනෙක් අපහසුවකින් තොරව මුහුණ දෙන අවස්ථාවක් හෝ දෙයක් කෙරෙහි ඇති වන බියයි. සත්‍ය වශයෙන්ම භයානක නොවන යම්කිසි අවස්ථාවකට (උදා: නුපුරුදු පිරිසක් හමුවීම) මුහුණ දීමේ දී හෝ සතුන් (උදා: මකුළුවන්/ සර්පයින්) දැකිමේ දි සමහර පුද්ගලයන් තුළ අධික තිගැස්මක් ඇති වේ.

භීතිකාවේදී කුමක් හැඟේද?
ඔබට බිය ගෙන දෙන අවස්ථාවේදී ඉතා බලවත් තිගැස්මක් ඔබ තුළ හට ගනී. එබැවින්, ඔබට මකුළුවන් හෝ සර්පයන් කෙරෙහි භීතිකාවක් ඇත්නම් ඔබ බියට පත්වන්නේ මකුළුවන් හෝ සර්පයින් අසල සිටින විටදී පමණි. එසේ නොමැති විටදී ඔබ සිටින්නේ සැහැල්ලූවෙනි. ඔබ තුළ බිය දනවන අවස්ථා මග හැරීමට මෙමගින් ඔබ පෙලඹීමට ඉඩ තිබේ. එසේ දිගුකල් ගත වන විට භීතිකාව වර්ධනය වේ.
එමෙන්ම, මෙබඳු අවස්ථාවන් මග හැරීමට දරන උත්සාහය ඔබේ දිවියෙහි ප‍්‍රමුඛ කාර්යයක් වනු ඇත. සත්‍ය වශයෙන්ම එහි භයානක කිසිවක් නොමැති බව, ඔබ සාමාන්‍යයෙන් වටහා ගත්ත ද, එය මෝඩ
අදහස් ලෙස දැනුන ද, එය පාලනය කර ගැනීම අපහසු ය.
සමාජ භීතිකාවේ ලක්ෂණ
◼ සමාජයේ යම් පිරිසක් එකතුවන අවස්ථාවලදී අධික ලැජ්ජාව. රතුවීම, හද ගැස්ම වැඩි වීම, කරකැවිල්ල, හැඬීම සහ තමා
කෙරෙහි අධික අවධානයෙන් පසුවීම.
◼ තමා හැම විටම නිරික්ෂණය කරනු ලබන්නේ ය යන බියකින් පසුවීම
විශේෂ භීතිකා – මකුළුවන්, බල්ලන්, ජලය, ගුවන්ගත වීම, යම් රෝගයක් වැළඳීම වැනි යම් විශේෂ බිය ජනකයන් කෙරෙහි හටගන්නා බියයි.
රෝගියා හා ඥාතීන් වෙත දැන්විය යුතු අත්‍යාවශ්‍ය කරුණු
◼ භීතිකාවට ප‍්‍රතිකාර කළ හැක.
◼ බියජනක අවස්ථා මගහැරීම මගින්, බිය වඩ වඩාත් වර්ධනය වේ.
◼ යම් විශේෂ පියවර සමූහයක් අනුක‍්‍රමයෙන් අනුගමනය කිරීම බිය සමනය කර ගැනීම සඳහා ඉවහල් වේ.
ඔබට උදව් ප්‍රතිකාර අවශ්‍ය නම් 1926 අමතන්න හෝ වෛද්‍යවරයෙකු හමුවන්න.
තොරතුරු: National Institute of Mental Health

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment