Press "Enter" to skip to content

Antibiotics – ප්‍රතිජීවක ඖෂධ කියන්නේ මොනවාද?

ප්‍රතිජීවක ඖෂධ යනු බැක්ටීරියා ආසාදන සඳහා ලබා දෙන ඖෂධ වර්ගයකි. බැක්ටීරියා විනාශ කිරීම හෝ ඒවායේ ගුණනය නැවැත් වීම මගින් මෙම ඖෂධ කාණ්ඩයේ ඖෂධ බැක්ටීරියා ම ද ක්‍රියා කරයි. ප්‍රතිජීවක ඖෂධ වල ප්‍රයෝජනය නියමාකාරයෙන් ලබා ගැනීමට නම් ඒවා නියමිත මාත්‍රාවෙන් නියමිත වේලාවන් වලදී ලබා ගත යුතුය.

ප්‍රතිජීවක ඖෂධ ලබා ලබාගත යුත්තේ අවශ්‍ය නම් පමණි. ඒවා සෙම්ප්‍රතිශාව හෝ වෛරස මගින් ඇති කරන පාචනය වැනි වෛරස් ආසාදන සඳහා සඳහා භාවිතා නොකළ යුතුය.

විවිධ ආකාරයේ ආසාදන සඳහා, ලබා ගත යුතු ප්‍රතිජීවක වර්ගය වෙනස් වන අතර , ඒ රෝගය ස්වභාවය අනුව ද , වෙනත් සාධක මත ද වෙනස් විය හැකි ය . එම නිසා ප්‍රතිජීවක ඖෂධ නියම කළ යුත්තේ වෛද්‍යවරයකු විසින් වීම අනිවාර්ය වේ.
එසේ නොමැති ව හිතුමතේ අපරික්ෂාකාරීව ප්‍රතිජීවක භාවිතය නිසා ,බැක්ටීරියා ප්‍රතිජීවක වෙත ප්‍රතිරෝධයක් (antimicrobial resistance ) වර්ධනය කර ගැනේ.
මේ නිසා සමහර ප්‍රති ජීවක ඖෂධ , බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කිරීම අසාර්ථක වේ. මෙම ප්‍රතිරෝධය ගෝලීය ගැටලුවක් වන අතර ඉතාමත් භයානක තත්ත්වයකි .මෙම ප්‍රතිරෝධය අවම කර ගැනීම සඳහා පහත උපදෙස් පිළිපැදීම සුදුසු ය .

• අවශ්‍ය වූ විටෙක පමණක් ප්‍රතිජීවක ඖෂධ ලබා ගන්න. ඔබ විසින් කිසිදු විටෙක ප්‍රතිජීවක ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා නො ගන්න.
• නිවැරදි මාත්‍රාවෙන් නියමිත වේලාවට මෙම ඖෂධ ලබා ගන්න.
• රෝගය සනීප බව දැනුනද ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම නතර නොකළ යුතුය. ලබාදී ඇති සියලු ප්‍රතිජීවක ඖෂධ නියමිත වේලාවට නියමිත මාත්‍රාවෙන් අවසන් වන තුරුම ලබා ගත යුතුය .
• ප්‍රතිජීවක ඖෂධ මිලදී ගැනීමේදී ගැනීමේ දී කල් ඉකුත් වන දිනය ගැන සැලකිලිමත් වීම වැදගත් වේ .
• කලින් ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ එක හා සමාන රෝග ලක්ෂණ සඳහා වුවද වෛද්‍යවරයෙකුගෙ නිර්දේශයකින් තොරව ලබා නො ගන්න.

පෙනිසිලින් වැනි ප්‍රතිජීවක විවිධ ආසාත්මිකතා සමහර පුද්ගලයන්ට ඇති කරයි . මේවා මධ්‍ය මට්ටමේ හෝ ඉතා දරුණු මට්ටමේ විය හැකි ය. කැසීම ,පලු දැමීම ,ඇස් වටා ඉදිමීම මධ්‍යම මට්ටමේ රෝග ලක්ෂණ වේ. මෙවැනි ආසාත්මිකතාවයක් ඔබ ට සෑදෙන හොත් වහාම ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම නතර කර වෛද්‍යවරයෙකු හමුවන්න.

ප්‍රතිජීවක ඖෂධ

දරුණු රෝග ලක්ෂණ ජීවිත හානි කිරීමට ඉතා දැඩි අවස්ථාවක් ඇති බැවින් රෝහල්ගත වී ප්‍රතිකාර ලැබීම අනිවාර්ය වේ . හුස්ම ගැනීමට අපහසු වීම , අඩු රුධිර පීඩනය සහ ක්ලාන්තය ඇති වී ඇද වැටීම වැනි ඒවා දරුණු ගණයේ රෝග ලක්ෂණ වේ .
ඔබ ඕනෑම විටෙක ප්‍රතිකාර ගැනීමට යන විට , පෙනිසිලීන් හෝ වෙනත් ප්‍රතිජීවක ඖෂධ භාවිතයේ දී , මේ වැනි ආසාත්මිකතා ඔබට මීට පෙර ඇති වී ඇත්නම් අනිවාර්යයෙන්ම ඔබගේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. එවිට ඔබට ආසාත්මිකතා ඇති නො වන ඖෂධය ලබා දීමට වෛද්‍යවරයා කටයුතු කරනු ඇත. වෛද්‍යවරයාගෙන් ඖෂධ වල ඇති අතුරු ප්‍රතිඵල ගැන විමසා ඒවාට ලබා ගත යුතු ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ගැන ද දැනුවත් වන්න .

ආසාදනයේ සංකීරණ බව මට පෙති ප්‍රතිජීවක ගිලින පෙති හෝ එන්නත් ආකාරයෙන් හෝ ලබා දෙයි. කුඩා දරුවන් සදහා ප්‍රති ජීවක දියර වශයෙන් ද ලබා දෙයි . කුඩා දරුවන්ට ප්‍රතිජීවක ලබා දීමේ දී , ඒවා කුඩු වශයෙන් ඖෂධ සැල් වලින් ලබා ගත යුතු අවස්ථා ඇත . මෙම ඖෂධ කුඩු ජලයේ දිය කර , දරුවාට ලබාදීම සඳහා සකස් කර ගත යුතුව ඇත. ඒවා සාදන ආකාරය පිළිබඳව ඔබ වෛද්‍ය වරයාගෙන් හෝ , ඖෂධ සැල් හිමියාගෙන් නිවැරදිව අසා දැන ගත යුතුය.

ප්‍රතිජීවක ඖෂධ නිවසට ගෙන ආ විට ගබඩා කිරීම , ඖෂධ පත්‍රිකා වේ තිබෙන ආකාරයෙන් හෝ වෛද්‍යවරයා හෝ ඔසුසැල් හිමියා හෝ නියම කරන ආකාරයෙන් අසුරා තැබිය යුතු ය .

ගර්භණී මවුවරුන් සඳහා සමහර ප්‍රතිජීවක පමණක් ලබා දීම නිර්දේශ කරයි. එම නිසා අනිවාර්යයෙන් ම ඔබ ගර්භනී බව වෛද්‍යවරයාට පවසන්න.

නිතර හමුවන ප්‍රතිජීවක ඖෂධ : amoxicillin, cloxacillin, benzylpenicillin co-amoxiclav Erythromycin ciprofloxacin, cefalexin tetracycline

Share is Caring

3 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *