ගබ්සාව යනු කුමක්ද?
ගබ්සාව යනු පිළිසිදගත් කළලයක් සති 28කට පෙර ස්වාභාවිකව හෝ හිතාමතා
ගර්භාෂයෙන් ඉවත් කිරීමයි.

ගබ්සාවක් සිදුවිය හැකි ආකාරය

ස්වාභාවික ගබ්සාව
සාමාන්‍යයෙන් ගැබ් ගැනීම් වලින් 20% – 30% ක් අතර ප‍්‍රමාණයක් අසාර්ථක
වන අතර මේ සදහා විවිධ හේතූන් බලපෑ හැක.
පේ‍්‍රරිත ගබ්සාව
හිතා මතාම සිදු කරන ගබ්සාවයි. මෙය දෙවැදෑරුම් වේ. එනම් චිකිත්සීය සහ සාපරාධී ගබ්සාව
ලෙසයි.
◼චිකිත්සීය ගබ්සාව යනු –
නාරි රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් මවට ඇති වී ඇති කලලය මවගේ
ජීවිතයට තර්ජනයක් බව සහතික කිරීම නිසා ශල්‍යාගාරයක සිදු කරන ගබ්සාව.
◼සාපරාධි ගබ්සාව යනු –
කලලය මගින් මවගේ ජීවිතයට සිදුවන තර්ජනයක් හැර වෙන ඕනෑම අවස්ථාවක හිතා
මතාම සිදුකරන ගබ්සාව සාපරාධී ගබ්සාවයි. මෙය ලංකාවේ දණ්ඩනීති සංග‍්‍රහය අනුව
දඩුවම් ලැබිය හැකි වරදකි.
ගබ්සාවකට යොමු වීමට හේතු
◼ ලිංගිකත්වය පිළිබද නොදැනුවත් බව
◼ පේ‍්‍රම සම්බන්ධතා
◼ ස්ත‍්‍රි දූෂණය
◼ ව්‍යාභිචාරී සම්බන්ධතා
◼ වෘත්තීය ප‍්‍රචණ්ඩත්වය
◼ සමාජ ආර්ථික ප‍්‍රශ්න
◼ සාමාජයීය හා සංස්කෘතික ගැටලූ
◼ පවුල් සැළසුම් ක‍්‍රමයක් අසාර්ථක වීම
ගබ්සාව නිසා ඇතිවිය හැකි විපාක
◼ පාලනය කළ නොහැකි අධික රුධිර වහනය
◼ භාවිත ක‍්‍රම / උපකරන හරහා ඇතුලත ඉන්ද්‍රියයන්ට විෂබීජ ඇතුළුවීම නිසා සිදුවන මරණය
◼ ඉන්ද්‍රියයන්ට හානිවීම නිසා දරුඵල අහිමිවීම
◼ දීර්ඝ කාලීන යටි බඩ වේදනාව
◼ ඇතුලත ඉන්ද්‍රියයන් ගේ දීර්ඝ කාලීනව පවතින විෂබීජ
◼ පවුල් සම්බන්ධතා වලට සිදුවන හානි

ගබ්සාවක් වළක්වා ගත යුත්තේ කෙසේද?
ගබ්සාවක් වළක්වා ගත යුත්තේ කෙසේද?
◼ ප‍්‍රජනක සෞඛ්‍යය පිළිබද නිවැරදි දැනුම ලබාදීම.
◼ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධතා වළකා ගැනීම.
◼ අනවශ්‍ය දරු උපත් වළකා ගැනීම.
◼ තෝරාගත් පවුල් සැළසුම් ක‍්‍රමය අඛණ්ඩව භාවිතා කිරීම.
◼ හදිසි ගැබ් ගැනීම් වළකාලන පෙති පිළිබද අවබෝධය.
◼ සෞඛ්‍ය සේවා නිළධාරීන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගැනීම.
◼ උපදේශනය.
උපදෙස් හා ගැටලු සඳහා : [email protected]
පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානය
37/27, බුලර්ස් පටුමඟ, කොළඹ 07.
දුරකථන – 011 2555455
ෆැක්ස් – 011 2556611
ඊ මේල් – [email protected]
තොරතුරු: ශී‍්‍ර ලංකා පවුල් සංවිධාන සංගමය

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment