Press "Enter" to skip to content

ආතරයිටිස් නිසා අඩපණ නොවී ඉදිරියට යමු

ආතරයිටිස් යනු බොහෝ වේදනා කාරී රෝගී තත්ත්වයක් නිසා ඔබට ඔබ කැමති දේවල් කිරීමේ අවස්ථාව මඟ හැරී යන්නට පුළුවන්. නමුත් ඔබගේ සන්ධි ආරක්ෂා කර ගැනීමට, වේදනාව අඩු කර ගැනීමට, මෙන්න හොඳින් චලනය වීමේ හැකියාව ලබා ගැනීමට ඔබට පහත උපදෙස් අනුගමනය කළ හැකි ය . භෞත චිකිත්සක‍යන් හා වෘත්තීය චිකිත්සකයන් ගේ උපදෙස් ඔබට එදිනෙදා වැඩ වැඩකටයුතු පහසුවෙන් වැඩකටයුතු පහසුවෙන් කර ගැනීමට ඉතා උපකාරී වේ . නමුත් පහත සඳහන් වන්නේ ඔබට තනිවම අනුගමනය කළ හැකි සරල ක්‍රියා මාර්ග පහකි.

එකම ඉරියව්වකින වැඩි වෙලාවක් නොසිටින්න.

ඔබ මේසයක් මට වැඩ කරමින් සිටිනවා නම් ,සෑම විනාඩි 15 කට වරක් ආසනයෙන් නැගිට , සුළු වේලාවකින් පසුව නැවත කාර්යයේ යෙදෙන්න . එමෙන්ම ඔබ නිවසේ දී කියවමින් හෝ රූපවාහිනිය නරඹමින් සිටින විට ද මෙය අනුගමනය කරන්න .

ඔබේ ශක්තිය හඳුනා ගන්න

යම් කාර්යාල සිදු කරන විට ඔබගේ ශරීරයේ ඇති ශක්තිමත්ම අස්ථි හා මාංශ පේශි ක්‍රියාවේ යොදවන්න. ඔබගේ ඇඟිලි සහ වළලුකර සන්ධි ආරක්ෂා කර ගැනීමට , බර දොරවල් ආදිය විවෘත කිරීමේ දී ඔබගේ බාහුව හෝ උරහිස භාවිතා කරන්න. පඩි පෙල් නැගීමේදී ඔබගේ උකුල හා දණහිස ආරක්ෂා කර ගැනීමට , ශක්තිමත් කකුල පෙරට තබා ගමන් කරන්න.

ඉදිරිය සැලසුම් කරන්න

මෙසේ සරල ව ඔබගේ ඔබගේ කාලසටහන හා දින චර්යාව සැලසුම් කර ගැනීමෙන්, අනවශ්‍ය ගමන් ,චලනයන් අවම කරගත කර ගත හැකි අතර වේදනාවන් ගෙන් පීඩා විඳීම ද අවම කර ගත හැකිය . ඔබට අවශ්‍ය බඩු බාහිරාදිය ,කෑම පිසින උපකරණ ,පිරිසිදු කරන ඔබ කරන හා අනෙකුත් දේවල් ඔබට පහසු ඒ ස්ථානවල තබා ගන්න .

ශ්‍රමය ඉතිරි කරවන උපකරණ හා උපාංග භාවිතා කිරීම

කෑම පිසීමට , ගෙ වත්තේ වැඩ වලට ආදියට භාවිතා කළ හැකි සරල උපාංග ඒ මගින් ඔබගේ ශ්‍රමය ඉතිරි වේ . මිට දිග උපකරණ එමෙන් ම , ඇඟිලි සඳහා රබර් ආධාරක ඇති උපකරණ භාවිතා කිරීම මගින් වේදනාවන් අඩු කර ගත හැකි ය. මේවා උපාංග ඖෂධ සැල් , හා අනෙකුත් වෙළඳ සැල් වල බහුලව ඇත .

උදව් ඉල්ලීමට පැකිලෙන්න එපා

බොහෝ විට ආතරයිටිස් ඇති පුද්ගලයන් අනෙකුත් පුද්ගලයන් මත යැපීමට ප්‍රියතාවයක් නොදක්වයි. නමුත් උදව් අවශ්‍ය වෙලාවේදී නිවසේ සිටින පුද්ගලයන් යහළුවන් ආදිය සමග ඔබගේ රෝග තත්ත්වය පිළිබඳව කතා කරන්න , එමෙන්ම අවශ්‍ය විටෙක උදව් උපකාර පැතීමට පැකිලෙන්න එපා.

මේ පිළිබඳව වැඩි දුර තොරතුරු හා ඔබගේ ප්‍රශ්න අපට යොමු කරන්න. [email protected]

තොරතුරු: Harvard Public Health

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *