ප්‍රශ්ණ සහ අවාසනාවන්ත සිදුවීම් යනු මිනිස් ජීවිතයේ කොටසකි. සෑම කෙනෙකුටම අසතුටු දායක සිදුවීම් වලට මුහුණ දීමට සිදු වන අතර, තාවකාලික වශයෙන් දුක් මුසු භාවයට පත් විය හැක.
ජිවිතයේ මුහුණ දීමට සිදුවන පැරදීම් වලදී මිනිසුන් තාවකාලික වශයෙන් තමාටම දොස් කියා ගැනීම, දුක්මුසු භාවයක් හෝ හිස් බවක් දැනීම ස්වභාවිකය. එම හැඟීම් ටික කාලයකදි මඟ හැරියයි. නමුත් විශාදය නමැති රෝග තත්වය ඇති වු විට ඉහත දැක්වු ලක්ෂණ ඉතා තදින් හා වැඩි කාලයක් පවතී.

මෙවැනි පීඩාකාරි සිතුවිලි ඔහුගේ/ ඇයගේ රැකියාව, පවුල් ජිවිතය හෝ ඉගෙනීම් කටයුතු වලට බාධාවක් වේ. එසේම විශාදය නිසා කෙනෙකුගේ සිතුවිලි හැසිරීම් පමණක් නොව ශාරීරික ක්‍රියාකාරකම් පවා වෙනස් විය හැක. ඒවායෙන් සමහරක් පහත දැක්වේ.
- තමා අසරණ, කිසිම අනාගතයක් නැති, වැදගැන්මක් නැති කෙනෙකු සේ සිතීම/ දැනීම
- නිසි ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් නිදා ගැනීම
- තීරණ ගැනීමේ හෝ යමක් කෙරෙහි අවධානය යොමු කිරීමේ අපහසුව.
- එදිනෙදා වැඩ කටයුතු සඳහා ඇති උනන්දුව අඩු වීම
- ලිංගික ජීවිතය ගැන උනන්දුව අඩු වීම
- අන් අයගෙන් ඈත් වීමට තැත් කිරීම
- ඉතා තදින් ඇති වන කල්පවතින දුක්මුසු භාවය
- හේතුවක් නැතිව හෝ ඉතා සුළු දේවල් මත හෝ තමා වැරදි කාරයෙකු යැයි සිතීම
- ඉතා තදින් මහන්සිය දැනීම හෝ තමාගේ ඇගේ ශක්තිය අඩුසේ දැනීම
- මරණය ගැන නිතර සිතීම
විශාදය කොපමන කාලයක් පවතීද ?
විශාදය මාස 06 ක් – අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් පැවතිය හැක. නමුත් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතහොත් මෙම රෝග ලක්ෂණ ඊට අඩු කාලයකින් සුවකර ගත හැක
ප්‍රතිකාර ලබා සුව වු පසු නැවත විශාදය ඇති විය හැකිද ?
විශාදය රෝගය ප්‍රතිකාර මඟින් සුව වුවත් සියයට තිහකට නැවත විශාදය ඇති විය හැක. එබැවින් වෛද්‍යවරයා සමග කතා නොකර ප්‍රතිකාර නතර නොකළ යුතුය.
විශාදයට ප්‍රතිකාර කරන්නේ කෙසේද ?

විශාදය බොහෝ දුරට සුවකළ හැකි රෝගයක් ලෙස සැළකෙයි. විශාදය සඳහා ප්‍රතිකාර වන්නේ ඖෂධ වර්ග හෝ මනෝ ප්‍රතිකාරය යි. එසේ නැතිනම් ඖෂධ හෝ මනෝ ප්‍රතිකාරය යන දෙකම යොදා ගත හැක.
නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ විශාදය ඇති බොහෝ අය ප්‍රතිකාර ලබා නොගැනීම නිසා රෝගය උත්සන්න වී රැකියාව අහිමිවීම හෝ ඊටත් වඩා බරපතළ හානි සිදුවීමයි. මෙයට එක් හේතුවක් වන්නේ සමාජයේ මානසික රෝග ගැන ඇති වැරදි ආකල්ප සහ දුර්වල අවබෝධයයි. එසේම මානසික රෝග සඳහා ප්‍රතිකාර ඇති බව නොදැනීමයි.

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment