Press "Enter" to skip to content

OCD හෙවත් ග‍්‍රස්තිය

එකම දෙය නැවත නැවත සිතීම සහ එකම ක‍්‍රියාව නැවත නැවත කිරීමට, දැඩි පාලනය කර ගත නොහැකි දැඩි අවශ්‍යතාවයක් මතුවීම මෙහි මූලික ලක්ෂණයයි.

උදා:
◼ තමා කෙතරම් වළක්වා ගැනීමට උත්සාහ කළත් භයංකර/ විකෘති සිතුවිලි සිතට පැමිණීම.
◼ නියමිත වාර ගණනක් යම් දෙයක් ගණන් කිරීම හෝ ස්පර්ශ කිරීම, කිහිප වතාවක් අත් සේදීම.

විවිධ ආකාරවලින් ග‍්‍රස්තිය ඇතිවිය හැක

I. ග‍්‍රස්තික සිතුවිලි

අප‍්‍රසන්න හෝ නරක වචනයක්, වාක්‍ය කණ්ඩයක් නැවත නැවත මතකයට ඒම ඇති විය හැක. ඔබ එම වචන මතකයට ඒම පාලනය කිරීමට උත්සහ කළත් එය අපහසු වේ. තව ද, ඔබ අපිරිසිදු වේ යැයි, යම් රෝගකාරකයක් ශරීරගත වේ යැයි, ඔබට යම් රෝගයක් වැළඳේයයි (විෂබීජ, ඒඩ්ස් ,පිළිකා) හෝ ඔබගේ යම් කටයුත්තක් නිසා යම් පුද්ගලයකු ඔබට අනතුරක් කරාවි යැයි සිතා කනස්සල්ලට පත්විය හැක.

II. ග‍්‍රස්තික ප‍්‍රතිරූපණයන්

◼ තමා කලහකාරී ලෙස හැසිරෙන අයුරු හෝ යම් ලිංගික කාර්යයක තමා යෙදෙන අයුරු දැකීම.

උදා: යමකුට තමා විසින් පිහියකින් අනිනවා දැකීම. මෙය අදාළ පුද්ගලයාගේ චරිතයට කිසිසේත්ම සම්බන්ධ නොවන ප‍්‍රතිරූපයකි. ග‍්‍රස්තික ප‍්‍රතිරූපයන් සහිත පුද්ගලයන් ඇත්ත වශයෙන්ම මෙම ග‍්‍රස්තික ප‍්‍රතිරූපයන් අනුව ක‍්‍රියා නොකරති.

III. ග‍්‍රස්තික අවිශ්වාසය

ඔබ අතින් යම් අනතුරක් හෝ අකටයුත්තක් යම් පුද්ගලයකුට සිදුවූවාදැයි පැය ගණන් කල්පනා කිරීම. නිවසේ දොරවල් වැසුවාද, ව්දුලි උපකරණවල ස්වීචයන් නිවැරදි ලෙස අක‍්‍රිය කළාදැයි දිගින් දිගටම කල්පනා කිරීම.

IV එකම දෙය නැවත නැවත කල්පනා කිරීම

යම් දෙයක් කරනවාදැයි, නොකරනවාදැයි, තීරණයක් ගත නොහැකිව දිගින් දිගටම කල්පනා කරමින් සිටීම.

V පරිපූර්ණ වීම

යම් කෙනෙකු ව්සින් සිදුකරනු ලබන කාර්යයන් අපිළිවෙල හෝ යම් භාණ්ඩයක් අපිළිවෙලට, වැරදි ස්ථානයක තබා ඇතැයි සිතා ඒ පිළිබඳව කණගාටු විම.

ග‍්‍රස්තික සිතුවිලි හෝ ක‍්‍රියාකාරකම් ඇති පුදගලයන් විසින් ඒ සඳහා ප‍්‍රතිචාර ලෙස සිදුකරනු ලබන දේවල්:

◼ ග‍්‍රස්තික සිතුවිලි නිෂ්ප‍්‍රභා කිරීම

ග‍්‍රාස්තික සිතුවිලි ඇති පුද්ලයින් ඒවා මග හැරීම හෝ ප‍්‍රතිරූපය ඉවත්කර ගැනීම සඳහා ගණන් කිරීම, යාඥා කිරීම හෝ එකම
වචනය කිහිප සැරයක් පැවසීම වැනි ඣී යොදා ගනිති. මෙසේ සිදුකිරීම මගින් ඉදිරියේදී සිදුවීමට යන යම් නරක දෙයක් වැළකෙන බව ඔවුහු සිතති.

◼ චාරිත‍්‍රයක්

නිතර කිහිප සැරයක් අත සෝදන්නේ නම්, එය සෙමින්, පියවරෙන් පියවරට සිදු කරයි. භාණ්ඩ පිළිවෙලට තබයි. මෙවැනි කාර්යයන් සඳහා, යම් ප‍්‍රයෝජනවත් වැඩක යෙදීමට අති විශාල කාලයක් ගතවේ.

අනවශ්‍ය ලෙස සුපරීක්‍ෂාකාරී වීම

ශරීරය අපවිත‍්‍ර වී ඇතිබව, විදුලි උපකරණ ස්විචයන් අක‍්‍රිය කර ඇති බව, නිවසේ දොර නිවැරදිව වසා ඇති බව, ඔබ ගමන් ගන්නා මාර්ගයේ ආරක්ෂාකාරී බව පරික්ෂා කිරීම.

ඔබට උදව් ප්‍රතිකාර අවශ්‍ය නම් 1926 අමතන්න හෝ වෛද්‍යවරයෙකු හමුවන්න. ප්‍රශ්න ඇතොත් විමසන්න. [email protected]

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *