Press "Enter" to skip to content

නිරාහාරව සිටිය යුතු රුධිර පරීක්ෂණ

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. රුධිර පරීක්ෂණ වල ට කලින් නිරාහාරව ඉන්න එක ගැන.

ප්‍රශ්නය – සමහර වෙලාවට මගේ වෛද්‍යවරයා මට කියනවා රුධිර පරීක්‍ෂණයකට පෙර ආහාර ගැනීම කමක් නැහැ කියලා, සමහර වෙලවාට එපා කියනවා. ඇයි ඒ?

පිළිතුර: ඇත්ත වශයෙන්ම, නිරාහාරව සිටීම රුධිර පරීක්ෂණ වල ප්‍රතිඵල වලට බලපානවා. උදාහරණයක් විදියට , වකුගඩු, අක්මාව සහ තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය මැනීම මෙන්ම රුධිර ගණනය කිරීම්, වලට ආහාර ගැනීම හෝ නිරාහාරව සිටීම බලපාන්නේ නෑ . කෙසේ වෙතත්, නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ග්ලූකෝස් (රුධිරයේ සීනි) සහ ට්‍රයිග්ලිසරයිඩ (කොලෙස්ටරෝල් කොටසක් හෝ ලිපිඩ, පැනලය) සඳහා සාමාන්‍යයෙන් ඇණවුම් කරන ලද පරීක්ෂණවලට පෙර නිරාහාරව සිටීම අවශ්‍ය වෙනවා.

ඔබේ රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය මැනීමට පෙර පැය අටක් ආහාරයට නොගත යුතුයි. නිරාහාරව සිටීමට අවශ්‍ය නොවන, ග්ලූකෝස් මට්ටම සඳහා විකල්ප පරීක්ෂණයක් තියෙනවා. එය මගින් හීමොග්ලොබින් A1c නම් ද්‍රව්‍යයක් මනිනු ලබන අතර එය පසුගිය මාස තුන තුළ රුධිරයේ සාමාන්‍ය සීනි පිළිබිඹු කරනවා.

වෛද්‍යවරු රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ ප්‍රමාණය මනින්නේ නිරාහාරව හිටියට පස්සෙ, මොකද මෙම මේද අංශුවල සාන්ද්‍රණය ආහාර වේලකට පසු පැය ගණනක් රුධිර ප්‍රවාහයේ ඉහළ මට්ටමක පවතිනවා. නිරෝගී පුද්ගලයෙක්ගේ ට්‍රයිග්ලිසරයිඩ වල පරාසය, පැය 10 සිට 12 දක්වා නිරාහාරව සිටීමෙන් පසු ඩෙසිලිටරයකට (mg / dL) මිලිග්‍රෑම් 150 ට වඩා අඩු විය යුතුයි.

ඔබේ LDL (නරක) කොලෙස්ටරෝල් මට්ටම ගණනය කිරීම සඳහා වෛද්‍යවරුන් මෙම අංකය භාවිතා කරන බැවින්, නිවැරදි ට්‍රයිග්ලිසරයිඩ් පරීක්ෂණ ප්‍රතිඵලයක් ලබා ගැනීම ට නිරාහාරව සිටීම වැදගත් වෙනවා. සම්මත ලිපිඩ පැනලයක, රුධිර පරීක්ෂාවකට පෙර නිරාහාරව නොසිටියොත්, ට්‍රයිග්ලිසරයිඩ් සහ එල්ඩීඑල් මට්ට්මක් ඉතා ඉහළ ලෙස පෙන්නුම් කරන්වා. ඊට අමතරව, ආහාර ගැනීම, සමස්ත කොලෙස්ටරෝල් සහ HDL (හොඳ) කොලෙස්ටරෝල් මැනීමට සැලකිය යුතු ලෙස බලපාන්නේ නෑ.

රුධිර පරීක්ෂණ සඳහා නිරාහාරව සිටින විට, ඔබට තවමත් ජලය, සරල කෝපි හෝ කළු තේ පානය කළ හැකිය.(සීනි නොයොදා). එමෙන්ම ඔබේ නිතිපතා භාවිතා කරන ඖෂධ ගන්න.

ගැටළු ඇත්නම් විමසන්න. [email protected]

තොරතුරු: Harvard Health Publishing – HMS

Share is Caring

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *