අප වැඩ කරන ස්ථානවල සෑහෙන කාලයක් ගත කරනවා. එම නිසා අපගේ සේවා ස්ථාන කොවිඩ්-19 වයිරසයෙන් ආරක්ෂා කරගැනීමට අප සැලකිලිමත් විය යුතුයි.
ඔබේ සේවා ස්ථානය ආරක්ෂා කරගන්නට පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරන්න.
- කිසියම් කෙනෙකු උණ, කැස්ස හෝ සෙම්ප්‍රතිෂ්‍යාවවැනි සරල රෝග ලක්ෂණ පෙන්වනවා නම් එය මුළුමනින් ම සුව වනතුරු වැඩට නොගොස් සිටින්නැයි උපදෙස් දෙන්න. හැකිනම්, ගෙදර සිට වැඩකිරීමට එම පුද්ගලයාට පහසුකම් සපයන්න.
- එක් පුද්ගලයකුට වඩා වැඩි පිරිසක් විසින් පාවිච්චි කරනු ලබන දොර අගුල්, දුරකථන රීසීවර, මේස මතුපිට, ස්ටේප්ලර් යන්ත්‍ර ආදිය විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න.
- නිරතුරුවම ඔබේ දෑත් සබන් යොදා පිරිසිදු කරන්න. ඔබගේ මුහුණ, කට, නහය සහ ඇස් ඇල්ලීමෙන් වළකින්න. කොවිඩ්-19 වයිරසය සාමාන්‍යයෙන් පැතිරෙන්නේ ස්පර්ශය මගිනි.
- සෙනග ගැවසීම හැකිතරම් වළක්වන්න. රැස්වීම් තාවකාලිකව නවත්වා ඒ සඳහා අන්තර්ජලය හරහා සිදු කෙරෙන වීඩියෝ රැස්වීම් සහ සමූහ දුරකථන ඇමතුම් වැනි නවීන සන්නිවේදන ක්‍රම භාවිතා කරන්න.
ඔබගේ සේවා ස්ථානයේ කොරෝනා වයිරසය පැතිරීම වළක්වා ගතහොත්, ඒ තුළින් ඔබගේ ආදරණීය පවුලේ සාමාජිකයින් කරාද මෙම වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ අවම කර ගත හැකිය.
Source: https://hpb.health.gov.lk/si/covid-19

Interested in Medicine and Nursing. We love to share our knowledge with you.
Be First to Comment