කාර්බමසපින් - Carbamazepine යනු අපස්මාරය හෙවත් අපි සාමාන්‍ය ව්‍යවහාරයේදි මී මැස්මොරය යනුවෙන් හඳුන්වන රෝග තත්ව වලට භාවිතා වන ඖෂධයක්. එමෙන්ම දියවැඩියාව නිසා හටගන්නා ස්නායූ වේදනාවලට (Peripheral Neuropathy) මෙන්ම මුහුණේ වේදනාකාරී ස්නායු රෝග අවස්තාවක් වන Trigeminal Neuralgia සඳහාද භාවිතා කරනු ලබයි. ද්වීධ්රැව මනෝභාව අක්‍රමතාවය (Bipolar Disorders) නම් රෝග තත්වයට අනෙකුත් ඖෂධ වලින් සුවයක් නොවූ විට කාර්බමසපින් යොදා ගන්නා අවස්තා ඇත.